Showing posts with label ගීත් ගේ සිතුවිලි. Show all posts
Showing posts with label ගීත් ගේ සිතුවිලි. Show all posts

2011/05/17

දෝහා සිට වවුනියාවට

සෑහෙන කාලයකට පස්සේ මේ පැත්තට ආවේ. දෝහා ඉදන් නිවාඩුවකට ලංකාවට ආවට නිවාඩුව ඉවර කරලා ආපහු යන්න හිත නොදුන්න තැන මෙහෙ රැකියාවකට ඇප්ලයි කරන්න කියලා හිතලා ටොප්ජොබ් එක පැත්තේ රවුමක් ගැහුවහම වේකන්සියක් දිලිසි දිලිසි තිබුණා. ඒකට සීවි එක සෙන්ඩ් කලාම හෙට ඉන්ටර්වීව් එන්න කියලා කෝල් කලා. ඉන්ටවීව් ගියහම හෙට රාජකාරියට වාර්ථා කරන්න පුළුවන්ද ඇහුවාහම ඒකත් ඕකේ කියලා රාජකාරියට වාර්ථා කලා. දැන් සහෘදයා වවුනියාවේ. වවුනියාවේ කිවුවට වවුනියාවේ කැලෑවක‍.

අළුතෙන්ම පටන් ගත්ත ව්යායපෘතියක් නිසා තවම ඉන්ටර්නෙට් නැහැ. අපි ඉන්න ඉසවුවට ජීඑස්එම් තරංගත් ඉතාම දුර්වලයි. SMS වලින් තමයි පුද්ගලික සන්නිවේදන කටයුතු දැනට කරකියා ගන්නේ. රාජකාරී කටයුතු සදහා CDMA පිහිටයි. මම හරිම ආසාවකින් හිටියේ මේ පැත්තේ ජීවන අත්දැකීමක් ලබා ගන්න‍. ඒ නිසා එක පයින් කැමති වෙලා පහුවදාම රැකියාවට වාර්ථා කලා. මාසයක් තුළ පරස්පර සමාජස්ථරයන් දෙකක් අතර වෙනස අත්දැකීමක්ව විද ගන්න අවස්ථාව මට උදා උනා.

දෝහා වල ඉද්දී ඉතාම කාර්යබහුල මෙන්ම නාගරික හා අර්ධ සු‍ඛෝපබොගි ජීවන රටාවකට හුරුව සිටි මා දැන් වවුනියාවේ කැලයක නිහඩ නිසංසල හුදකලා ජීවන රටාවකට හැඩගැහෙමින් සිටිනෙමි. මා හුදකලාව ප්රි යකරන්නෙක් වන බැවින් මේ වෙනස ඉතාම තෘප්තියෙන් වැළද ගත්තෙමි.

ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න නම් වවුනියාවේ ටවුමටම එන්න සිදුවෙයි. ටවුමේ සිට සෑහෙන දුරකින් අප සිටින හෙයින් දිනපතා ටවුමට පැමීණිමට අවස්ථාවක් නැහැ.

මේ පාරත් කවි මඩුව ඉතාම උත්සවත් ශ්රිමයෙන් පැවැත්වීමට ලාංකීය සිතිවිලි කටයුතු සංවිධානය කරමින් සිටින බවක් දැනගන්නට ලැබුණා. නමුත් මේ පාර මට කවියක් කියන්න අවස්ථාවක් නැති වීම ගැන හරිම කනගාටුයි. සිංහල බ්ලොග්වාසී සියළු සහෘදයන් කවිමඩුව හා ඒකාත්මික වී දින දින අළුත් අළුත් වැඩ කරන ලාංකීය සිතිවිලි මේ සංවිධානය කරන්නට යෙදුනාවූ මේ මහගු සංවිධාන සත්කාර්යයට සහයෝගය දී ඔබගේ කවීත්වය දියුණු තියුණු කර ගනිමින් මිනිස්කම් සහෘද හිතවත් කම් වඩ වඩවා ගනිමින් කවියේ මිහිර පහස සුවය අත් විදින මෙන් සහෘදයා සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර මෙවර කවි මඩුවෙන් ගිය වර 3500ක් වු කවි පංති මෙන් දෙගුනයක කවි සයිබර් අවකාශයට එකතු වන ඉතාම සාර්ථකම කවි මඩුවක් බවට පත්වේවා යැයි මා එක් සිතින් සුබාශිංෂණ ප්රාවර්ථණා කර සිටිමි.

ඒ වගේම ගිය වර කවිමඩුවේ පෙරළි කල අපේ ඉළංදාරියා අද මහනුවර මහරෝහලේ ගිලන්ව සිටින බවත් අමතක කරන්න එපා. මේ දැන් මා ඔහුගේ මල්ලිට කෝල් කල අවස්ථාවේ ඔහු පැවසුවේ ඉලංදාරියා මහනුවර මහ රෝහලේ ICU එකේ ඉතාම අසාධ්යේ තත්වයක ගිලන්ව සිටින බවයි. වෛද්යරවරුන් පවසා ඇත්තේ ඔවුන්ගේ සියළු ක්රිෙයාකාරකම් සිදුකර අවසන් බවයි. මේ වෙසගේ ඔබ යනනෙන වෙහෙර විහාරයන් හී අපේ සහෘද ඉලංදාරියා වෙනුවෙන් ප්රාඅර්ථනා කරන්න. ඔහු නැවත මේ බ්ලොග් අවකාශයේ සිටුවා තබන්න ඔහුගේ දෙසවන් පිනවා දෙන්න ඔබගේ ප්රාඅර්ථනාවන් ඔහු වෙනුවෙන් කැප කරන්න. මාගේ වර්චුවල් මිතුරා සයිබර් යායේ ඉලංදාරියා උබ ආපහු දෙපයින් නැගිටින්න ඕනේ. උබේ කවි අපිව පිනවන්න ඕනේ. උබගේ විහිළු තහළු වලින් අපි හිනස්සවන්න ඔනේ. ඒ නිසා කොල්ලෝ උබ හැකි විගහින් නිදුක් වේවා. නිරෝගි වේවා. සුවපත් වේවා.

2011/04/05

සහෘදයාගේ සයිබර් අවුරුද්ද ගෙවුනු හැටි

පාන්දර දෙකට ඇහැරලා ලක ලැහැස්තිවෙලා තාත්තිට කියලා ටවර් එක ගාවට ගෙනත් දා ගත්තා. ප්‍රියන්ත අයියා 3.45ට ටවර් එක ගාවට එන්න කීවට මගේ වෙලාවට කලියෙන් වැඩකිරීමේ පුරුද්ද නිසාම 3.30ට ටවර් එක ගාවට ඇවිත් 3.50 ට ප්‍රියන්ත අයියට කෝල් එකක් ගත්තහම ඔහු කීවේ තව විනාඩි 20ක් වාහනය පරක්කුවන බැවින් ගැටබේ පන්සල ගාවට එන ලෙසය. ඔන්න එතනට ගිහින් පැය භාගයකට විතර පස්සේ වැන් එකක් ඇවිත් නතර කරලා මාව දා ගත්තා. සයිබර් අවකාශයේන් ඔබ්බට ප්‍රථම වතාවට මුහුණ 3ක් දැක ගත්තා. ප්‍රියන්ත අයියා, සුදු හංසි හා රැඩිකල් කවියා අයියත් ඒ තුළ හිටියා. ඒයාලට හායි හෙලෝ සුබ උදෑසනක් ගුඩ්මොර්නිග් නයිස් ටු මීට් යු කියලා මීටර් 300ක් විතර යන කොට කැම්පස් එක ගාවින් සංජුගේ සයිබර් සටහන ලියන සංජු අක්කත් ගොඩවුනා. ඊට පස්සේ අලි පැටියෙක් වගේ දෙවුලොවින් පැමිණි ළමයත් එකතු වුනා. එතනින් ආගිය තොරතුරු කථා කරගෙන එනින් ගමන ඉලංදාරියාවයි මලයයි එකතු වෙන මාවනැල්ලට ආවා. එතන ඉංලදාරියා එනකන් විනාඩි 10ක් විතර ඉන්න වුනා. ඔන්න ප්‍රථම වතාවට ඉලංදාරියගේ මූනත් දැක ගත්තා.

ඔන්න ඉලං එක්ක අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියන පැනය මතු උනේ එතනදි. කිවුවට මොකද ඉලං නම් කටර් එකක්, කථා පෙට්ටියක්, කියවනවා කියවනවා කටට විවේකයක් ඇත්තෙම නැහැ. ඉලංගේ විහිලු කථා වලට ළමයටයි මටයි රැඩිකල් කවියටයි හුස්මක් කටක් ගන්න නැහැ හිනා වෙලා. සුදු හංසි එයාගේ අම්මා සංජු ප්‍රියන්ත අයියා ඉලංගේ මල්ලී වෑන් එකේ ඉස්සරහා කොටසේ හිටිය නිසා එයාලා වෙනම කදයක් දා ගෙන ගිය හෙයින් ඉලංගේ කථාවලට අවදානයක් ඇතිවුනේ නැහැ. ඉලංගේ කථාවලට හූ මිටි තිබ්බේ අපි 3 දෙනාගේ මොබයිල් ෆෝන් පාවිච්චි කරලා තමයි.


ඉලංගේ කථා පෙට්ටියේ කථා රසවිදිමින් නිට්ටබුව හරියට එනකොට ලාවට සූ.................පාරක් ඇහෙන්න ගත්තේ නැතැ. අවාසනාවට ඇත්ත කථාවක් වුනේ ටයර් එකේ හුලං යන්න පටන් ගත්තට පස්සේ. ඒපාර කට්ටියම බැහැලා ටයර් එක මාරු කරන්න රථාචාර්යට උදවු වුනා. ඒක ටයර් එකක්ද ටියුබ් එකද්ද කියලා හොයා ගන්න බැරි තරමට ලස්සනට කට්ට ගෙවිච්ච ටයරයක් නිසා හුලං යන්න ඇති. ඊට පස්ස ඊටත්වඩා ලස්සනට කට්ට ගෙවිච්ච කම්බි දිලිසෙන අතිරේක ටයරයත් මාරු කරගෙන හෙමින් හෙමින් ටයර් කඩයක් හොයාගෙන ආවත් උදේ පාන්දර නිසා ටයර් කඩයක් හොයා ගන්න බැරි වුන තැන ඒ අදහස අත් හැරලා උදේ කෑමට කඩයක් අල්ලලා අපේ සුපිරි වෑන් රථය නතර කලා. ඔන්න දෙවෙනියටත් අවාසනාවට ඇත්ත කථාවක් සිද්ධ වෙන්නේ එතනදි. අපේ වෑන් එක එතන තිබුණු ජීප් එකක් ගාව ලාවට පාක් කරලා එන්ජින් එක ඔෆ් කලා විතරයි ආයෙම සූ..................පාරක්. අම්මට හුඩු අපේ වෑන් එකේ ටයර් වල හුලං යන වෛරස් එක අර ජීප් එකට ඇටෑක් කරලා. ඒ ජීප් එකේ පස්සේ ටයර් එකෙන් ලස්සනට හුලං යනවා. අපේ මොකෝ කියලා අපි ගිහින් අපේ වැඩේට සෙට් උනා. ඕන් ඒපාර මම පොරොන්දු වුන කඩලගොට්ට වෙනුවට මගේ ගානේ ලාවට බ්රෙික්ෆස්ට් එකක්ම අරගෙන එතනින් පිටවුනා.


ඔන්න ඊට පස්සේ දෙමටගොඩට ආවහම ඩ්රෙයිවර් බුවා අහපි දැන් කොහාටද කියලා. මෙන්න බොලේ කොල්ලා අදමද කොහෙද කොළඹ වාහනයක් අරන් ඇවිත් තියෙන්නේ. කියපංකෝ දැන් පාර, මාත් ඉතිං නොදන්න ඒදන්ඩක් නැති නිසා ඔන්න ඔතනින් වමට අතනින් දකුනට කියලා කෝ ඩ්‍රයිවර්ගේ පාට් එකත් කලා. රැඩිකල් කවියාත් සයිඩ් සපෝට් එකක් දුන්නා. ඕන් තුන්වෙනි අවාසනාවට ඇත්ත කථාව පටන් ගත්තේ බොරුල්ල ටවුන් එක පහුකරන ගමන්. මල්ලි ඔය ඉස්සරහා වටරවුමෙන් ජයරත්න එක ගාවින් තියෙන බෞද්ධාලෝක මාවතට හරවන්න ඕන ඒ නිසා වාහනය මැද ට්රැක් එකට ගන්න. ගත්තා තමා වම්පැත්තේ ට්රැක් එකේ ආව අපි උස්සලා තිබ්බා වගේ දැම්මේ නැද්ද මැද ට්රැක් එකට ඩ්රගයිවර් කොලුවා කිසිම පැකිලීමක් නැතිව. ඔන්න සුදුඉරි අයියෙක් ගැහුවා විසිල් එක තරු විසිවෙන්න. ඔන්න එතනත් පැය කාලක් විතර චාටර් වෙවී ඉන්න කොට ප්‍රියන්ත අයියගේ තැනට සුදුසු නුවන පහල වෙලා ඔබ තුමාලගේ අහවල් ලොක්කා සහභාගි වෙන උත්සවයකට අපි හදිසියෙන් යන්නේ කියලා ඇග බේරගෙන එතනින් ගැලවිලා කෝමෙන් හරි ග්‍රවුන්ඩ් එකට ආවා.

නුවර නඩේ ග්‍රවුන්ඩ් එකට එනකොට කිහිප දෙනයි හිටියේ මම ප්‍රථම වතාවට සයබර් හමුවීමකට සහාභාගි වන හෙයින් ගොඩක් අය රූපකායෙන් හදුන ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. වැපාත් පසන් හා අහිංසකී යුවලත් කෙහෙල්කොටුවේ චූටි මාහත්තයා හා හෙළදිව මැරීයන් යුවලත් රන්දිල් ෆැමිලි එකත්, රවාත් එකපාරටම අදුනගන්න ලැබුණා. කථා බස් කරලා අනිත් අයත් හදුනගත්තා. ඒ අතරින් ඉද්‍රනාම, හසී අක්කා, නිරංජී, චතුරංග රූපසිංහ, සෝරෝ, ඩොල්ෆින් , පූසා, සුපුන් සුදාරක යන අය නම් වශයෙන් මතක තිබුණ අයගෙන් කිහිපදෙනෙක්.

ඉට පස්සේ සංවිධායක මන්ඩලයේ සංවිධායක කටයුතුවලට පොඩි සහයෝගයක් දිලා පැත්තකට වෙලා ඉදගෙන හිටියා. ඊට ඉස්සරින් දවසේ රෑ සිංහ පැටවුන්ගේ වීරකම්වල වීරත්වය විදගනු වස් අපේ ගෙදර සංවිධානය කලා වූද මා විසින් කුක්කලා වූද කොත්තු පාටියේ කොත්තු වල පවර් එක වැඩකරන්න පටන් අරන් තිබුණු නිසා බොහෝම අමාරුවෙන් පැත්තකට වෙලා සිටින්නට සිදුවිය. කොත්තු පවර් එක නිදහස් කරනු වස් තැනක් බැලුවත් තිබුණු එකම තැන ගැන පැහැදිමක් නොතිබුණ හෙයින් අපහසුව දරාගෙන සයිඩ් ගහලා ඉන්නවා ඇරෙන්න එකදු ක්‍රීඩාවකටවත් ක්‍රියාකාරීව සහබාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දවල් වෙද්දී අපහසුව උපරිම වුන නිසාවෙන් අකමැත්තෙන් උවත් තිබුණු එකම විකල්ප අවස්ථාව පාවිච්චි කරන්න සිද්ධ වුනා. ඔන්න ඉන් පස්සේ නම් තරමක් දුරට යථා තත්වයට පත්වුනා.

දවල් වෙද්දි ඩුබායි වට්ටක්කා ලියන පුතා සෙට් වුනා. පුතාත් නුවර වෙච්චි අහල පහල පාසල් වලත් වෙච්චි පිටරටවල් වලදී බ්ලොග් අවකාශය ඔස්සේ හදුනාගන්න වුනා වෙච්චි දෙනොම නිවාඩුවකට ලංකාවට පැමිණ සිටියා වෙච්චි එකේ පොඩි කයියක් දාගෙන හිටියා. ඊටපස්සේ පාසල් කාලේ මගේ පංතියේ සගයෙක් වෙච්චි ඉලංදාරියාගේ හොදම මිතුරා වෙච්චි අසංග හා එයාගේ වෙන්ට නෝනා ආවා. පස්සේ එයාලත් එක්ක කදයක් දාගෙන හිටියා. ඔන්න සංවිධායක මන්ඩලයේ සාමාජිකාවක් මා මිතුරාගේ වෙන්ට නෝනව බලෙන්ම වගේ සිහින කුමරි තරගයට අංක 7 යටතේ යොමුකලා. ඊටත් පස්සේ මා මිතුරා අසංගගේ මල්ලී හා එයාගේ වෙන්ට නෝනාත් ආවා. අසංගගේ වෙන්ට නෝනා සිහින කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න වැඩි කැමැත්තක් නොතිබුණ නිසා මල්ලීගේ වෙන්ට නෝනාව තල්ලුකරගෙනම වගේ ගිහින් සිහින කුමරී තරගයට යොමුකලා. තල්ලුකරගෙන ගියාට මොකද අන්තිමට එයාම තමයි සිහින කුමරිය වුනේ.

ඒ අතරේ බ්ලොග් සුපිරි තරුව දුකා ෆලයිට් එකත් අතේ තියාගෙනම හදිසියේම පැමිණ සිටියා. එකසිය එකට දුකා වටකරගෙන කට්ටිය ෆොටෝ ගන්නවා බදාගන්නවා කථා කරනවා. දුකාට කිට්ටුවටවත් යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පස්සේ කට්ටිය එහෙ මෙහෙ වෙනකන් ඉදලා වචන කිහිපයක් කථාබහ කරන්න අවස්ථාවක් උදාකරගත්තා.

දවල් කෑම එහෙමත් අරගෙන සයිබර් කුමර කුමරියන්ට චියර් පාරක් දීගෙන ඉන්නකොට ඈත එහායින් ලස්සන ම ලස්සන හිනාවකින් මුව සරසාගෙන සුන්දර කුමාරිකාවක් අතවනනවා. බැලින්නම් මා සොදුරු බිලොග් මිතුරිය ස්වප්නා. ඕන්න ස්වප්නවත් හදුනා ගත්තා. ස්වප්නා එයාගේ වෙන්ට හබී මහත්තයත් එක්ක ඇවිත් හිටියේ. ස්වප්නත් එක්කත් කදයක් දාගෙන හිටියා ටික වෙලාවක්.

පස්සේ කඹ අදින කන්ඩායම් නම් දෙන්න කීවට පස්සේ දවස පුරා එකදු ක්‍රීඩාවකටවත් සහභාගි වෙන්න බැරිවුන එකේ කඹවත් අදින්න ඕන කියලා හිතලා දැම්මා නුවරින් අපේ කන්ඩායමක්. මම, ළමයා, අසංග, අසංගගේ මල්ලී, අසංගගේ වෙන්ට නෝනා හා අසංගගේ මල්ලිගේ වෙන්ට නෝනා හෙවත් සයිබර් සිහින කුමරිය අපේ කන්ඩායමේ 6 දෙනා උනා. හත්වලාමයි අන්න අරපැත්තේ බුද්ධී යෝධයත් ඉන්නවා. ඒ වෙලාවේ නම් තරගය අතහැරලා දාලා ආත්මගෞරවය රැක ගතයුතුයි කියන ඝෘනාත්මක කපුටෝ ඔළුව වටේ කරකැවෙන්න ගටන් ගත්තත් කැන්ඩි කොල්ලෝ කවද්ද සෙකන්ඩ් වුනේ කියන ධනාත්මක කොක්කු විසින් එළවා දමා දැඩි අදිටනින් තරගයට අවතීර්න උනා. තරගය පටන් ගත්තා විසිල් එක ගැහුවා දැම්මා ඩම් එක මෙන්න බොලේ කොළඹ ටීම් එක කැන්ඩි සයිඩ් එකට එනවා හිමේ ලිස්සන පෙන්ගුවින්ස්ලා වගේ. ඒවටය අපි දින්නා... හයියෝ......දෙවෙනි වටයට පැත්ත මාරු කලා....ගැහුවා විසිල් එක. දැම්මා ඩම් එක හයියෝ.......මෙන්න සීනි බෝතලේට ඇදෙන ඇඹලයෝ වගේ ඇදිලා එනවා අපේ පැත්තට...ඒ වටයත් අපි දිනුම්.... අයියෝ කිසිම ගේමක් තිබුණේ නැහැ. දැක්කනේ කැන්ඩි කොල්ලන්ගේ ෆිට් එක...ඒත් තෑගි නැහැ අප්පා..

තෑගි නැහැ කියලා දුකෙන් ඉන්නකොට බුද්ධියට දුක තේරිලාද කොහෙද බුද්ධි අතේ තිබුණු පොත් දෙකක් දුන්නා....හනේ..එක පොතක නම ළමයි හදන හැටි....බුද්ධිටයි මැරින්ටයි මල් හතට සිත්තුටින් බර වෙලා පැතු පැතුම් ඉටුවේවා කියලා හිතලා ඒක අරගත්තා.

පස්සේ DJ එකට ඩාන්ස්පාරකුත් දාලා එන්න සෙට් වුනා..පස්සේ දන්න කියන හැමෝටම කථාබහ කරලා එන්න පිටත් වුනා. එන්න ලැහැස්තිවෙලා කට්ටිය ගනින කොට එක්කෙනෙක් අඩුයි..අයියෝ සංජු හොරාටම කලියෙන් ගිහින්...දැන් මක් කරන්නද...පස්සේ අපි පිටත් වුනා....කඩවත හරියෙදි ප්‍රියන්ත අයියා ෆෘට් ජුස් සමග වයිබරේට් ඩ්‍රින්ක්ස් අරන් දුන්නා(කොකාකෝලා). යක්කල හරියෙදි රැඩිකල් කවියා අයියා ලුණු මිරිස් කුඩු දාපු අන්නාසි අරන් දුන්නා...ඒකනම් මල් හතයි ආහ්....පස්සයාල හරියෙදි තේ බිවුවා...ඒකට සපොන්සර් කලේ ඉලංගේ මල්ලිද කොහෙද. ඊට පස්සේ ළමයා මල් හතට නින්දක් දැම්මා..ඉලං ඉස්සරහා සීට් එකේ හිටිය නිසා කථා පෙට්ටිය විවෘත කලේ අතරින් පතර. සුදු හංසි යි ප්‍රින්ත අයියයි දවසේ වැඩකටයුතු සම්පින්ඩනය කරමින් සිටියා. ඒ අතරේ රැඩිකල් කවියයි මායි බර මාතෘකා ටිකක් සාකච්චා කලා....කවිය හා කවිය අවියක් කරගන්නා හැටි, චිත්‍රපටි සාහිත්‍ය හා කලාව මෙන්ම විචාරයන් ගැන කතාකර කර ගියා. බාලාගෙන ගියහම රැඩිකල් කවියා පිස්සුම රැඩිකල් වාදියෙක් තමා. එහෙම පිටින්ම මුළු සර්වාන්ගෙන්න රැඩිකල්. නියපොත්තේ සිට මයිල් ගහ දක්වාම රැඩිකල්. සමහර බර වචන අල්ල ගන්න කිහිප විටක් හිතන්න සිදුවුනා. අපි දෙන්නගේ චිත්‍රපට පිළිබවද දැක්ම නම් එකම ට්‍රැක් එකක යනවා කියලා හිතුනා.

ඔන්න කෝම හරි අපේ බර කථා නිසා නුවරට එනකම්ම දැනුනේ නැහැ. ඉස්සරෝම බහින්න ගියේ ළමයා. ළමයා මගින් බැහැ ඉතුරු ටික පයින් යන්නම් කියලා තරයේ කියා සිටියා. ප්‍රියන්ත අයියයි සුදු හංසිගෙයි බලවත් පෙරැත්ත නිසාම ගේ කිට්ටුවටම ගිහින් බහින්න අකමැත්තෙන් වුනත් කැමති වුනා. බැලුවහම මොකද මේ ගේ ගාවට වාහනේම යන්න අකමැති කියලා පස්සේ තමයි වැඩේ තේරුනේ. මොකද දන්නවද ළමයගේ ගෙදරට යන පාරේ නම ගොරකාපුර මාවතද ගොරකා අත්ත මාවතද මොකද්ද එකක්. තේරුනානේ වැඩේ. ගොරකයා කියලා කාඩ් වැටෙයි කියලා වෙන්ට ඇති. දැන් ඔන්න සත්‍ය සමාජගත වෙලා හමාරයි ගොරකපුතා.

ඊට පස්සේ ටවර් එක ගාවින් මමයි ඉලංදාරියයි එයාගේ මල්ලියි බැහැ ගත්තා. බහිනකොට සුදු හංසි දවල් කෑමට ගෙනාපු කෑම පාර්සල් වලින් ඉතුරු වුන ඒවාගෙන් පාර්සල් දෙකකුත් මට දුන්නා. ඉලංදාරියටත් පාර්සල් දෙකක් දුන්නා. ඊට පස්සේ ඉලංදාරියා මාතලේ යන්න බස් එකට ගියා. මම අපේ ගමට යන බස් එකට සෙට් වුනා. ගෙදර යන කොට 10ට විතර ඇති. ගෙදර ගිහින් නාකියගෙන ආපහු කොම්පියුටර් රාජයාට කිට්ටුවෙලා නිකමට ලොග් වුනා බුකියට. හයියෝ........මෙන්න පැය කිහිපයකට කලියෙන් එකට හිටිය රොත්ත බුරුත්තම එතන......ඔන්න ඔහොමයි අපේ සයිබර් සිහින උලෙල නිමා උනේ හා ඔන්න ඔහොමයි සයිබර් ජිවිතය ගෙවෙන හැටි.

2010/09/26

ඔබේ විවාහයත් ගන්න ඉන්නේ අනුන්ගේ සල්ලි වලින් ද?

නැවත පලකිරීමකි

මේකත් මේ මගුල් කථාවක්ම තමා. මතකනේ මගුලයි කුකුලයි ගැන සහෘදයා පෙර දිනයක කථා කලා. ඒක කියවපු නැති ඈයන්ට ඔය තියෙන්නේ පහලින්. එතන නැතිනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ. ඒ කථාව අන්තිමට වෙන පැත්තකටනේ ගියේ. ඒකෙන් කමක් නැ. කියන්න තියෙන ටික කිවුවනේ කාට කාටත්. මේකත් මේ ඒ වගේම සීන් එකක් තමයි. මේක මේ කාටවත් මඩ ගහන්නවත් ආසන්න සිදුවීමක් හෝ මූලිකව කරගෙනවත් ලියන ලද්දක් එහෙම නොවන බවත් කරුණාවෙන් සලකත්වා. මේවා ගැන ලියන්කොට A4 පිටු 3 4ක් ලියන් අදහස් ආවත් කියවන්නන්ගේ රුචිය තකා ඉතාම කෙටියෙන් ලියන්න උත්සහ ගන්නත් ඕන. නිකම්ම නිකන් වස කම්මැළියේ කල්පනා කර කර ඉන්නකොට හිතෙන දේවල්. මේකට නම් මට කට්ටිය අතින් පයිනුත් ගහයිද මන්ද. ඒත් ඉතින් මක්කක් කොරන්ටද හිතන්න තහන්චි නැතිමුත් ලියන්න තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරභයා සගවාගෙන සිටිම්ද?

මගුලක් ගන්නවා කියන එකත් දැන් කාලේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවැයැ. ඉතින් සෑහෙන වියදමක් කරන්න සිද්ද වෙනවා. ඉස්සර නම් වෙලා තියෙන්නේ ලගම නෑයෝ නොනෑයෝ ටික එකතුවෙලා ගෙදරම කෑම බීම ටිකක් හදාගෙන ගෙදරම ඉතාම සරළව ඔය කාරිය අහවර කරන එක. ඉතින් ඕකට ඒතරම් වියදමක් නැහැනේ. ඒකට දැන්. දැන් කොරන මගුල් ගැන ඉතින් අළුතින් කියන්න දෙයක් නැහැ නොවැ කවුරු කවුරුත් දන්නවා නේ කාරිය. මුළු ලෝකෙටම පේන්න ගන්නත් ඕන ඒ‍ උනාට පොකට් එකත් හිස්. ඒත් ඉතින් ලෝකය හොල්ලන මගුලක් නොඅරන් කෝමද?

ඒකට දැන් හොයාගෙන තියෙන සාර්ථකම ක්‍රමය අනුන්ගේ සල්ලි වලින් මගුල් කෑම. ඒ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් මගුල් කනවාය කියන එක. තවත් සරළව කිවුවොත් කාටවත් ණයත් නොවී තියෙන සබ්බසකල මනාව වියදම් කරගන්නෙත් නැතිව ඉතාම ඉහල මගුලක් අරගෙන ඒ උත්සවයට පැමිණෙන්නන්ගෙන් අර උත්සවයේ වියදම පියවා ගැනීම. හරියට ඇතුල් වීම නොමිලේ පිටවීමට ගාස්තු අයකෙරේ ව‍ගේ සීන් එකක් නේ මේක. ඒකනේ පිටවෙන දොර ගාව ලියුම් කවර බන්දේසි එහෙමත් තියලා තියෙන්නේ සමහර මගුල් ගෙවල් වල. අනේ මන්ද අර මොකද්ද කාලේ වනේ වාසේ කිවුවා වගේ. දැන් ඉතින් ඒ උත්සව වලට යන ඇයොත් අත් දෙක හොල්ල හොල්ල ගිහිල්ලා දෙන දේ කාලා නැති දේවල් වලට හිතින් බැන බැන තියෙන බ්‍රැන්ඩ් එක බීලා නැති බ්‍රැන්ඩ් වලට පච හල හල ඉවර වෙලා අන්තිමේදි කෙල සොටු දාදිය පිටින්ම දෙන්නටම උම්මා එකත් දීලා නම ලියපු ලියුම් කවරයක් දිග් කරලා හායි බායි කියලා තුහ් නොදකින් ගියායින් ගියේ නැහැ මෙහෙමත් මගුලක් දුන්න ගානටත් පාඩුයි කිය කිය හිතින් බැන බැන ගෙදර එනවා. ඇත්ත තිත්ත වුනාට වර්ථමානයේ බහුතරයක් මගුල් උත්සව වල සාමාන්‍ය සමස්ත ක්‍රියාවලීය ඕක තමා.

සමාන්‍යයෙන් නම් දෙදෙනෙකු විවාහ වන්නේ ජීවිතේ එකපාරනේ දැන් ඒක අසාමාන්‍ය වේගෙන ගියත්. ඉතින් ඒ ජිවිතේට ලැබෙන එකම එක අවස්ථාව ඉහලින්ම සමරන එක එයාලගේ සතුටනේ. ඉතින් ඒ සතුට බෙදාගන්න විසිරිලා ඉන්න නෑයෝ නොනෑයෝ ලගම හිතමිත්‍රාදීන් එක්කාසු කරගන්න එකේ වරදක් නැහැ නේ. ඉතින් ඒ සතුට බෙදා හදාගන්න ආව අයව පිළිගන්න කෑම බීම සංග්‍රහ සත්කාරත් තියෙන්න එපැයැ. ඒ වගේම එන ඇයොත් තමන්ගේ සතුට සුබ පැතුම නව යුවලට එක්කරන්න තෑගීබෝග එහෙම අරන් එන එකත් අරුමයක් නො‍වෙයිනේ. ඒත් ඉතින් අළුත් විෂම සමාජයේ තෑගි බෝග උස්සගෙන යනවට වඩා මුදල් ත්‍යාගයන් ලබාදෙන එක ප්‍රායෝගිකයි. මොකද එකම ත්‍යාගය කීප දෙනෙක් ගේන්නත් පුළුවන් නැතිනම් ඒ ත්‍යාගය ඒ දෙන්නට මෙලෝ රහක් නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එම භාන්ඩයේ අගයට වඩා එම භාන්ඩයට ගෙවන මූල්‍ය අගය වැඩි විය හැකි නිසා භාන්ඩමය ත්‍යාගයකට වඩා මූල්‍යමය ත්‍යාගයන් ලබාදීම වඩාත් ප්‍රායෝගිකයි. එවිට එම එක්කාසු වන්නා වූ මුදල් වලින් නව යුවලට තමන්ගේ අභිමතයන් මිළදී ගත හැකිය.

නමුත් එම උත්සව අවස්ථාවට සහභාගි වන්නන්ට ආරාධනා කරන්නේ තෑගි බෝග හෝ මූල්‍යමය වටිනාකමක් බලාපොරොත්තුවෙන් නම් හෝ හිත් කොනක එවන් ප්‍රාර්ථනාවක් සගවාගෙන නම් එය කොතරම් අග්ශිල දෙයක්ද? ඒ වගේම එම අවස්ථාවට සහභාගි වන්නන් සහභාගි වන්නේ එම යුවලට හදවතින්ම සුබ පතන්න නම් ඉතා ඉහල රස මසවුලු හෝ සංග්‍රහ සත්කාර බලාපොරොත්තු වීමේ තේරුම මොකද්ද? අපි අපේ හදවතේ ප්‍රිතිය සැබෑ ලෙසම බෙදා හදා ගන්න නම් කෙනෙකුට ආරාධනා කලේ ඔහුගෙන් හෝ ඇයගෙන් ත්‍යාගයක් බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම අපි එම අවස්ථාවට සහභාගි වන්නේ සැබෑ ලෙසම ඔවුන්ට සුබපතන්න නම් ඉහල සංග්‍රාහ සත්කාර බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම එම ආරාධිතයින්ට සංග්‍රාහ සත්කාර කිරීම ආරාධකයින්ගේ වගකීමකි. එලෙසම ආරාධිතයින් ත්‍යාගයක් ලබාදීම යුතුකමකටත් වඩා සිත්තොසක් විය යුතුය.

වර්ථමාන විෂම සංකීර්ණ සමාජය තුල ඇති මූල්‍ය භංගත්වය හේතුවෙන් මාසෙකට උත්සව අවස්ථා කිහිපයක් සදහා කෙනෙකුට ආරාධනා ලැබුන හෝත් එම පුද්ගලයා මුහුණ පාන ආර්ථිකමය ද සමාජීයමය ද හා මානසික ප්‍රශ්ණය ගැන ඕනැම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වටහා ගැනීමට අපහසු නැත. ඉතින් එවැනි සමාජ ආර්ථික වටපිටාවක් තුළ අප අපගේ විවාහ උත්සවයට ආරාධනා කරන්නනගෙන් සෑබෑ සුබ පැතුමක් බලාපොරොත්තු විය හැකිද? ඉතින් ඒ ගැන සිතා අප එවන් උත්සව අවස්ථාවකට සහභාගි කරගන්නන්ගෙන් යමක් බලාපොරොත්තු වීම සුබ නැහැ නේද? අපට පුළුවන් නම් අපේ ආර්ථික හැකියාවට ගැලපෙන අයුරින් ඉතාම සමීපතම ළබැදියන් විතරක් රැස් කර ඉතාම චාම්ව සංග්‍රාහසත්කාරයන් කරවා වගේම ඔවුන්ගෙන් ත්‍යාගයන් නොගෙන ඔවුන්ව සතුටින් විසුරුවා හරින්න හැකිනම් කොයිතරම් සැහැල්ලුවක් සතුටක් ඇති නොවෙයිද? “එතකොට සහෘදයා කියන්නේ එයාල ගේන ත්‍යාගයන් භාරගන්නේ නැතිව එයාලටම අරගෙන යන්න කියලද? එතකොට එයාල තරහා වෙයිනේ. අපෝ මෙයාලගේ ලොකුකම කියලා හිතයිනේ.” ඒකනේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නය? හ්ම්.......ඒකට මෙහෙම කරමු ඔය වෙඩින් කාර්ඩ් එක තියෙනවනේ ඒ කියන්නේ invitation එක අන්න ඒකේ යටින් ලියමු මෙන්න මෙහෙම

“ඔබගේ පැමිණීම ඉතාම අනිවාර්යෙන් බලාපොරත්තු වන අතර මුදල් හෝ ත්‍යාගයන් රැගෙන නොඑන ලෙස ඉතාම කාරුණිකව දන්වා සිටිමු.”

ඒක නිකන් අවුල් අවුල් වගේ නම් ඊටත් වඩා සුමටව හරි වාචිකව හරි අපි ආරාධනා කරන්නන්ව දැණුවත් කරමු. මේක මේ මහ ලොකුකමක් කියලා ‍සිතන්න ඕන නැහැ මොකද අපි හද පත්ලෙන්ම යහපත් චේතනාවකින් කරන නිසා අන් අයත් ඒ පිළිබදව අහිතකින් සිතන එකක් නැහැ.

ඒ වගේම මේ ලිපිය නිකන් ඇගිලි කහනවට කම්මැලිකමට ලියුව එකක්ය කියලා අහක දැම්මත් අවුලක් නැහැ. මමත් නිකන්ම නිකන් කම්මැලිවට අගිලි කහනවට තමා ලියුවේ. හැබැයි සහෘදයා මේ වගේ අවස්ථාවකට අනාගතයේ දවසක මුහුණ දෙනවනම් මේවා ඒ අයුරින්ම සිදු වේවි. ඉතින් එදාට මේ බ්ලොග් එක සාක්ෂියක් වෙයි . ඒ කොහොම උනත් මේක ගැන ඔයාලගේ අදහසුත් මට සැහෙන්න වටිනවා. සහෘදයාගේ පැතුම කෝම කෝම හරි ඔබේ විවාහයට සැබෑම සුබ පැතුමක් වේවා.


2010/07/12

මල් සරාට විවෘත ලියුමක්

මල්සරා මතං වෙත ලියමී.

බඩුම වේවා

සරා මතං උබේ සැප දුක් කෙසේද? සුපුරුද්දට ඇහුවට උඹෙන් නම් ඒක අහන්න දෙයක් නෙවී. මොකද උබනම් පැණි උගුඩුවා වගේ මල් වටකරගෙන පැණි හල හල ඉන්න බව අපි දන්නවා. ඒකට අපි දුක තමයි. අපිත් බලාගෙන ඉන්නවා උබ අද ලයින් එක දායි හෙට ලයින් එක දායි කියලා. තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නද මල් මතං. ඉදලා ඉදලා (ම්හ්...මුහ්...ඇඩෙනවා අයියෝ) බැරිම තැන තමයි උබට ලියුමක් වත් දාන්න ඕන කියලා හිතුනේ. එක තත්පරයක් අපි දිහා බලන්න බැරි තරං අපි කලුද මතං. අම්මපා දුක හිතෙනවා (ම්හ්...මුහ්...) මල් මතං. ඔය තරං කෘර වෙන්න එපා රත්තරං. මතං සොරි වෙන්න. අකුරු බොදවෙලා වගේ තියෙන්නේ පොල් කොල අස්සෙන් පිණි බිංදු වැටිලා එහෙම නෙවෙයි. කදුළු බිංදු වැටිලා. (ම්හ්...මුහ්...). ඉතිං රත්තරං.

කියන්න ගොඩක් දේවල් තිබුණත් කියා ගන්න බෑ දුකට. ඒක නෙවෙයි මතං උබ දැන් කොරන තරමක් කරන්නේ කැත වැඩ. ඇයි ඒ. උබ සෙට් කරන කපල්ස් මාසෙන් දෙකෙන් අප්සෙට් වෙනවා. එක්කෝ කොල්ලෙක් කොල්ලෙකුටම සෙට් කරනවා. නැතිනම් කෙල්ලෙක් කෙල්ලෙක්ටම සෙට් කරනවා. ඇයි මල් මතං කල කිරිලා වගේ වැඩ කරන්නේ? ඇයි හරියට කිරලා මැනලා වැඩේ කරන්නේ නැත්තේ? උබ ඕනවට එපාවටද දැන් වැඩ කරන්නේ? වෙලාවට පඩි ගෙවන්නේ නැද්ද? ඕටයිම් කප්පාදු කරනවද? කෝස්ට් කටිං කියලා කිරි තේ දෙන්නේ කිරි නැතිවද? ඒ උනාට රත්තරං මතං උඹ ඒවට සැලෙන්න එපා. උඹ සැලුනොත් කෙලවෙන්නේ අපිටනේ මල් වස්තුවේ . උඹ උඹේ ලොක්කත් එක්ක මලපැන්නට මල් වගේ අහිංසක අපේ හදවත් වලින් පලිගන්න එපා රත්තරං. අපි අහිංසකයි, අකලංකයි, පිවිතුරුයි, නිර්මලයි, නිර්ව්‍යාජයි, නිසංසලයි, නිස්සා......රනයි.

මල් මතං උඹ තාමත් ලැගගෙන ඉන්නේ සුජාතා අත්තනායක ආන්ටි සාදා දුන්න මාළිගාවෙමද? උඹ එයාටනම් මල් නෙලන්න අවස්ථාවක් අරන් දුන්නා. අපිට තමයි හුළං. ඒක නෙවෙයි මල් වස්තුවේ මල් සරාට ප්‍රේම ලෝකේ මාළිගා තනා ගන්න මමත් මල් 7තේ ප්ලෑන් එකක් ඇදලා දෙන්නම් මල් නෙලන්න අවස්ථාවක් මදට අත්කරලා දීපන් සුදා. ගයා ගී....ටිං ටිං ගයා ගී....

ගෙදරටම තිවුනේ එක ගිනිකූරයි එකෙන් පහන පත්තු කරගෙන තමයි මේක ලියුවේ දුක වාව ගන්නම බැරි තැන. එහෙනම් අදට නවතිමි. මල් මතංට සුබ රාත්‍රියක් වේවා. මතංට අපිව හීනෙන්වත් පෙනියන්.

උම්මා.....උම්මා.....(තැපැල් තොත්තුව)

2010/07/05

මල් සරාගේ ඒකාධිකාරි ආදර කඩ‍පොළ


මල් සරා දැන් තම රාජකාරි කටයුතුවලින් බැහැරවී පිස්සු කෙලින්න පටන්ගෙන තියෙන සෙයකි. අපිට ඕනා තැන්වලට ඔහු දැන් නොවිදී. ඔහු විදින්නේ ඔහුට ඕනා ඕනා තැන්වලටය. අපිට ඕනා තැනකට විදගන්න නැතිව සරාට ඕනෑ තැන්වලට විදපු ඒවා අපිට අහවල් එකකටදැයි මට අහන්න හිතෙයි. ඔහුගේ හිතු මානාපෙට විදපුවා ගේ රග කප්පරක් වු විරහ දුක් විදින්නන්ගෙන් අහන්න දකින්න ලැබේ. අපිට ඕනා තැනකට විදගන්න අවස්ථාවක් දුන්න නම් ආදරය මේතරම් කරුමයක් කර නොගෙන ෆන් එකේ ඉන්න තිබුණී.

මල් සරා පිස්සු කෙලින්නේ මල් සරාගේ පෝස්ට් එකට තරග කරන්න වෙන බුවෙක් නැති නිසා යැයි මට දහස් වාරයක් සිතෙයි. සරාගේ පෝස්ට් එකට තරගයක් දෙන්න තව බුවෙක් හිටියනම් අපිට මේ තරම් මල් සරාගේ රෙස්පට් බලන්න සිදු නොවේ. අඩුම ගානේ තව එකෙක් වත් සිටියනම් දෙමස්සිනාලා කොටවා අපිට ඕනා ඕනා තැන් වලට විදගන්න තිබුණි.

මල්සරාට ඇත්තේ ආදර ලොව ඒකාධිකාරයකි. ඒ ඒකාධිකාරය බිද ආදරය විවෘත කඩපොලක් සේ කල යුතු බවයි මට නම් දහස් වාරයක් සිතෙන්නේ. එවිට අපිට අවශ්‍ය කරන ආකාරයේ මල් සරෙක් අපේ වැඩේට චැනල් කරගත හැකිය. එවිට නානාවිද හැඩයන්ගෙන් යුත් මල් හී අපට අත්හදා බැලීය හැකිය. එක සරෙක්ගෙන් වැඩේ කර ගන්න බැරි වුනොත් තව මල් සරෙක් අත්හදා බැලීය හැකිය. තරගකාරී මල් සරුන්ගේ කඩපොළට විදේශ සුරභවනන්ගෙන් ආදර අධ්‍යාපනය ලද විශේෂඥ මල් සරුන්ද පැමිණෙනු ඇත. එවිට ඔවුන් නිකම්ම මූන බලා හී විදිනවා වෙනුවට ස්කෑන් එක්ස්රේ යූරින් අර ටෙස්ට් මේ ටෙස්ට් අරවා මේවා හැම ජල්බරයක්ම කර ඉතාම ආසන්නයටම තකට තක හරියන හීයකින් අපිට විදිනු ඇත.

මල් සරා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටියනම් ජරාවක් හරි දීලා ඊතලයක් දෙකක් ඉල්ලා ගන්න තිබුණි. එවිට අපිට ඕනා කෙනෙකුට අපිටම දමලා අනින්න තිබුණි. ඒ අතින් මස් කඩ කාරයන් වාසනාවන්තය. PHI මහත්තයා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටීම මස් කඩකාරයන්ට ඉතා අස්වැසිල්ලකි. මොකද බොහෝ PHI මහත්තුරු මස් කඩ කාරයන්ට තම සීල් එක බැගින් දෙනු ලබයි. ඒනිසා මස් කඩහිමියන්ට තම හිතගත් ඕනෑම උරෙක්ට තම හිතුමතේට PHI සීල් එක ගසා ගත හැකිය. ඒ වගේ මල්සරා PHI මහත්තයව ආදර්ශයට අරගෙන අපිටත් මල් හීය ගානෙවත් දෙනවනම් කොච්චර එකක්ද දෙයියනේ. බලාගෙන ගියහම ආදරයෙන් පැරදී දුක් විදින්නේ මස් කඩකාරයන් තරම් අපි පිං කර නැති නිසා විය හැකිය.

2010/06/15

විරහ වේදනාවට එරෙහි මාගේ ප්‍රථිපත්ති ප්‍රකාශය

හැමදාම විරහ ගීතම ලියලා දැන් මටම මගේ ගීත රචනය එපා වෙලා. වැඩේ කියන්නේ ලියවෙන්නෙත් විරහ ගී විතරමනේ. මොන විදිහක ගීතයක් ලියන්න පටන් ගත්තත් අන්තිමට ලියලා ඉවරවෙනකොට ඒක විරහා ගී යක් වෙලා. බැති ගීයක් ලියන්න පටන් ගත්තත් අවසන් වෙන්නේ මිය ගිය සෙනෙහසින්. ඇයි දෙයියනේ මාර කරුමයක් නේ මේක. බ්ලොග් එකකට ඔළුව දාන්න බැහැ විරහව දෝරගලනවා. පත්තරයක කවි පිටුව තනිකර විරහ කදුළු කැට. කම්මැලිවට සිංදුවක් අහන්න බැහැ බීට් එකට අඩනවා. විරහ වේදනාවෙන් දුක් වින්ද හොදොටෝම ඇති. අපි විරහවට එරෙහිව නැගී සිටි යුතුය. විරහවට එරෙහි මහා ජන මතයක් ඇති කළ යතුය. කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා විරහවට එරෙහිව දැවැන්ත උද්ගෝෂන ව්‍යාපාරයක් සංවිධානය කල යතුය. බූට් තියන කොල්ලන්ට හා විශේෂයෙන් කෙල්ලන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන සාධාරන විරහා නීති රෙගුලාසී පද්ධතියක් ඇති කල යුතුය. විරහව කියන්නේ අධිරජ්‍යවාධී කුමන්ත්‍රනයක අදෘශ්‍යමාන හස්තයක් වෙන්නත් බැරි නැති නිසා මෙම විරහ චන්ඩ රළ පහරට එහිව රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් ලබා ගත යුතුය. වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු අනපතක් මගින් විරහ ගිණි නිවීමේ හමුදා ඒකකයක් ඇති කල යුතුය. විරහව ඇති වීම අවම කිරීම හා පාලනය කිරීම වස් විරහා වේදනා අතුරුපාලක කමිටුවක් පත් කල යුතුය. එම අතුරු පාලක කමිටුවේ උසස් තනතුරු සදහා විරහව ගැන මනා පරිපූර්ණ දැනුමක් ඇති මුතුකුමාරන හා කිංස්ලි වැනි ගායකයන් නිතරගයෙන් තෝරා පත් කල යුතුය. තවද අවසන් වශයෙන් විරහ වේදනාවෙන් දුක් විදින තරුණ තරුණියන් පුනරුත්තාපය කිරීම සදහා පුනරුත්තාපන කදවුරු ඇති කල යුතුය. එමගින් විරහවෙන් නොහඩන ෙප්‍රමනීය තාරුන්‍යයක් හෙට අපට උදා වනු ඇත.

2010/04/22

බ්ලොග් අවකාශයේ සැරි සරන කවියන්ට කරන සුහද ආරාධනාවයි මෙ...

ඉස්සර කාලෙ ඔය ගම්වල කවීන් එකතුවෙලා පොඩි පොඩි කවි මඩු දාගෙන පොඩි පොඩි ෆන් ගත්තා කියල මම අහල තියෙනවා. ඉස්සර ස්වාධීන රුපවහිනියෙත් හිටිවන කවි මඩුවක් තිබුනා කට්ටියට මතක ඇති. ඉතින් මටත් හිතුන අපේ බ්ලොග් අවකාශය තුලත් මෙ වගෙ දෙයක් කරන්න බැරිද කියලා. මොකද අපෙ බ්ලොග් අවකාශය තුල කවි ලියන අය සැහෙන ප්‍රමානයක් ඉන්න නිසා.ඉතින් තනි තනිවම ලියලා තනි තනිවම ඉන්නවට වැඩිය පොඩි වෙනසකටත් එක්ක නරකද මෙ වගෙ වැඩක් පටන් ගත්තොත්.

රන්ඩු වෙන්න යහලු වෙන්න කවීත්වය දියුණු කරගන්න එ වගේම විනෝද වෙන්න කැමති අය ඉන්නවා නම් අපි එකතුවෙලා පොඩි කවි මඩුවක් දාමු..හරි ඉතින් කවි මඩුවක් දාන්න එක්කෙනෙකුට බැහැනේ.. සෙනග ඉන්න එපැයි..අඩුම ගානෙ චියර් එක දෙන්නවත්. ok වැඩේට කැමති අය අත උස්සල කැමෙත්ත ප්‍රකාෂ කරන්න බලන්න ඉස්සෙල්ලම. ඊට පස්සෙ වැඩේ කරන හැටි කට්ටියම එකතු වෙලා කතාබහ කරමු..

2009/11/25

ඔබ විවාහ වන ව‍යසේද? එහෙනම් මේකත් කියවන්න.

ඔබ විවාහකයෙක්ද? ඔබ විවාහ මංගල්‍යය ජයටම ගත්තද? ඔබ කුකලන් කී දෙනෙක් බිලි දුන්නාද? ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? ඔබ කුකුලන් කී දෙනෙක් බිලි දීමට බලාපොරොත්තු වන්නේද? ඔබේ ෆන් එකට අහිංසක කුකුල්ලු බයිට් ද?

කුකුලා අහිංසක සතෙකි. කුකුලන්ගේ ප්‍රධාන සතුරා කලවැද්දාය. නරියද ඉදහිට සතුරුකම් කරන්නේය. ඒ වුනාට මිනිසා තරම් කුකුලට සතුරු කම් කරන එකදු සතෙක් වත් නැත. මිනිසාගේ ප්‍රධාන මාංශ ආහාරය කුකුලන්ය. කුකුලකු හීනෙන් දැක්කත් කොට්ටය තෙමෙන්නම කෙල හලන්නේය. ඒ තරමටම අපේ ඇත්තන් කුකුලන්ට පෙරේතය. මේ තරම්ම මිනිසුන් කුකුල් මසට ලොබ ඇයි දැයි සහෘදයට තේරුම් නැත.

විවාහ මංගල්‍යයක් කීවොත් ඉතින් හදන බඩු ලිස්ට් එකේ උඩින්ම ලියවෙන්නේ කුකුලන්ගේ කිලෝ බරය. ඔබ ලොකුවට ගන්න යන්නේ ඇත්තටම විවාහ මංගල්යලයක්ද බිලි පූජා දෙන තොවිලයක් ද? තොවිලයක් කීවොත් ඉතින් එන පෙරේත කුම්භාන්ඩයන්ට බිල්ලක් නොදී දෙන ලෙඩ දුක් අන වින නැති කරගන්න බැහැය කියන වනේ. ඉතින් කෝකටත් හෙනරාජ තෛලේ වගේ කුකුලගේ කරුමේ. ඔබේ විවාහ උත්සවයට ඔබ ආරාධනා කරන්නේ කුම්භාන්ඩයන්ටද? නැතිනම් කුකුල් පෙරේතයන්ටද?

ස්වභාව ධර්මයට අනුවද ජෛව විද්‍යාවට අනූවද තව සතෙක් තව සතෙකුගේ ආහාරයෙකි. සැබෑය මිනිසාද සතෙකි. හැබැයි ආධ්‍යාත්මක ධර්මයන්ට අනුව නම් සත්ව ඝාතනයන්ට විරුද්ධය. "ආධ්‍යාතත්මක ධර්මයන්ට අනුව ඉතින් සියළු දේ සිතුවහොත් කන්න වෙන්නේ පස් තමයි". ඒ තමයි කුකුල් පෙරේතයන්ගේ ප්‍රධාන සටන් පාඨය. ගෞතමයන් වහන්සේද ආහාරය පිණිස මාංශ අනුබවය අකැපයි කියා නැත. නමුත් ප්‍රාන ඝාතනය අකුසලයක් ‍ලෙසත් ඒ පවු ගොනු බැදි රියසක මෙන් පසු පස එන බවත් පෙන්වා දුණි. උන්වහන්සේද සූකර මාංශ වැලදුවේය. ඒ මාංශ පෙරේතකමකට නම් නො‍වේය. ඒ දන් පිනිස පිලිගැන් වූ යමක් ප්‍රතික්ෂේප කිරීම නොමනා නිසාය. ඒ වගේම ඒ පවු එදිනම පල දී දරුණූ උදර රෝගයකට උන්වහන්සේ මුහුණ පෑවේය. (එම දහම් කථාව නොදත් අන්‍ය ආගමිකයෙක් වෙතොත් ඒ පිළිදව දන්නා අයෙක්ගෙන් අසා දැනගත්වා)

පවු පින් කෙසේ වෙතත් මෙලොව ජීවත්වන හැම ජීවියෙකුටම ස්වාධීනව ජීවත් වීමට අයිතියක් ඇති බව උසස් චින්තනයක් ඇති මනුස්සයා නම් සතා දනී. අන් සතුන්ට වඩා ද අවුරුදු දහස් ගනනකට පෙර සිටි මිනිසුන්ට වඩා ද වර්තමාන මිනිසා බුද්ධිමත්ය. ඉතින් මිනිසාගේ ආහාරය පිනිස ඕනෑ තරම් ගස්ගෙඩි ද ඵල වැල ඇත්නම් තවත් කුමට අහිංසක සතුන් මරන්නේද? ආහාර අහේනියක් හෝ ආහාරය පිනිස වෙන විකල්පයක් ඇත්තෙම නැතිනම් මෙවැනි මාංශ විකල්පයකට යා යුතුවෙයි. එවිට ආධ්‍යායත්මක ධර්මය දෙවැනි වී ස්වභාව ධර්මය පෙරට ඒය.

නමුත් ඔබට ආහාර අහේනියක් නැත. කුකුලන් ද අනෙකුත් මාංශයන්ගෙන්ද ‍තොර ඉතාම උසස් විවාහ මංගල්‍යයක් ඔබට ගනු හැකිය. ඒ සදහා ඕනෑ තරම් ප්‍රණිත ආහාර ඇත. එසේ ඕනෑතරම් ආහාර තිබියදීත් ඔබ ඔබගේ ප්‍රීතිය තකා අහිංසක කුකුලන්ගේ පිළිගද මස් ගොබ ඔබගේහිතවතුන්ගේ කුසට ඔබන්නේද? ඔබගේ විවාහය ට කුකුලන් බිලිදිය යුතුමද? ඔබගේ බෝතලේට කුකුලා බයිට් විය යුතුමද? පවු පින් ලෙසත් නොව විද්‍යාත්මකවත් නොව මනුෂයකු ලෙසින් මනසින් සිතන්න. සහෘදයාගේ පැතුම, ඔබගේ විවාහ උත්සවය කුකුල් රුධිරයෙන් තොර විවාහ මංගල්‍යයක් වේවා.




2009/11/17

මල්වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පරම්පරාවටත් රැකගන්නවාද?


සති දෙකකින් විතර මොකවත් ලියන්න බැරි වුනා. මොකද සහෘදයා රාජකාරි මට්ටමින් කාර්යය බහුලත්වයකට පත් වෙලා හිටිය නිසා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. අද ලියුව එක නම් ටිකක් දෙගෙඩියාවෙන් ලියුවේ. මොකද මේ වගේ මාතෘකාවක් පිලිබදව කථා කරන්න මට තියෙන අයිතිය මොකද්ද තියන එක පිළිබදව කවුරු හරි ප්‍රශ්ණ කරන්න ඉඩ තියෙන නිසා. මම දන්නෙත් නැහැ මට ඇති අයිතිය මොකද්ද කියලා නමුත් හිතන්න තහන්චි නැති මුත් ලියන්න තහන්චි නැති මුත් මාගේ සිතිවිලි කුමක් අරබයා සගවා ගෙන සිටිම් ද?

මට මේ කථාව ලියන්න හිතුනේ ලග දී දැක්ක මල්වර වීමේ උත්සවයක් නිසා. ගැහැණු ළමයෙක් වැඩැවියට පත් වෙලා ලග ගෙදරක. ඉතින් ඒ ගෙදර ලොකු පාටියක්. හරියට 1st class වෙඩින් එකක් වගේ. එදා රෑ අපිට නින්දක් නැහැ. තුන්ලෝකෙටම ඇහෙන්න මෙලෝ රහක් නැති දඩ බඩ DJ එකකට කට්ටියම හොද පදමට දාගෙන හූ කිය කිය ජෝගි නටනවා. මට අනේ අපොයි කියලා හිතුනා. පව් අර අසරණ දැරීවි.

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම යනු එම දැරිවියගේ ශරීර අභ්‍යන්තර මූලික ශරීරයේ වෙනස් කම් කිහිපයක් ඇතිවීමකි. නැතහොත් එම තැනැත්තියගේ ශරීරය ප්‍රජනන ක්‍රියාවලීයට පූර්ව සූදානම් බව ජීව විද්ය්‍යාත්මකව හැගවීමකි. එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය මූලික කරගෙන රෝත්ත බුරුත්ත පිරිවරා සැමරීට තරම් දෙයක් ඇති බවක් නම් මට පෙනෙන්නට නැත.

අඩු වයසින් වැඩිවියට පත් වන අවස්ථා වර්ථමානයේ සුලබ දෙයක් බවට පත්ව තිබේ. එයට හේතු වශයෙන් අධික තෙල් ආහාර හා කෘතීම ආහාර චර්යාවන්ට හුරු වීමත් ලිංගික උත්තේජනයන් ඇති කරන්නා වූ සමාජීය සාධක ත් බලපාන බැවු සමාජ විද්ය්‍යාඥයින්ගේ මතයයි. කෙසේ නමුත් වයසින්ද මනසින්ද ළදරු වයසින් වැඩිවියට පත් වීම යනු එම දරුවාට තේරුමක් ගෙන නොදෙන්නක් විය හැකිය. ඒ වගේම සහෝදරයින් පියා හා පිරිමි ඇසුරින් ඈත් කිරීමෙන් ද දවස් ගනන් කාමරයකට දමා කාමර අඩස්සියේ තැබීමෙන් ද පිලි ආහාර සහිත ආහාර රටාවන් වෙනස් කිරීමෙන්ද තමාව දැඩි පාලනයක ලක් කර ඇති බවද එම සෙල්ලක් කාර වයසට දරා ගැනීමට නොහැකි විය හැකිය. එසේම එය ළමා මනසට දැඩි වෙහෙසකර වූත් මානසික ආතතියක් ඇති කරන්නා වූත් ක්‍රියාවලක් වීමට ද පුළුවන.

අපට චාරිත්‍ර වාරිත්‍ර ගතිගුන හා ගුණාංගයන් ලැබෙන්නේ අපගේ දෙමාපියන් ඇතුළු වැඩැහිටියන්ගෙනි. මෙවැනි මල් වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඒ කාලයට සුදුසු බසුබිමක් තියෙන්න ඇති. එකල සමාජයන් මේ තරම් සංකීර්ණ නැත. ඒ වගේම ඒකල නිසි වයසට අනූව එවැනි මල්වර වීම් සිදුවෙන්නටත් ඇති. එම සිදුවීමට අදාලව භාහිර සමාජයෙන් වෙන් කර තබන්න ඇත්තේ එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය තුල ඉතාමත් කෙටි දින කිහිපයක් ඇතුලත එම තැනැත්තියගේ ශරීරයේ හැඩය වෙනස්වීම (ලැම ඉස්සීම) වැනි ක්‍රියා නිසා සමාජය ඉදිරියේ එම තැනැත්තිය අපහසුතාවයකට පත් වෙතැයි සිතා විය යුතුය. තවද ප්‍රථම වතාවට සිදුවන රුධිර ක්‍රියාවලීය නිසා එයට හැඩගැසීම උදෙසාත් ඇය එම දින කිහිපය නිවාස අඩස්සියේ තබා ගැනීම සාධාරන හේතුවක් විය හැකි නමුත් ඇය ගෙදර තුලත් කාමරයකට කොටු කර තැබීම කෙතරම් සාධාරනදැයි සිතීය යුතුය. තවද පුද්ගලික සනීපාරක්ෂාව ඉතාම ඉහල මට්ටමක තබා ගත යුතු මෙම දින කිහිපය තුල ස්නානයට පවා අවසර නොදී නැකත් දිනයක් උදාවන තුරු සිර මැදිරියක මෙන් රදවා තැබීමද පිළී ආහාර නොදීමද කොතෙක් දුරකට නිෂ්ඵල ක්‍රියාවක් ද හා කොතෙක් දුරකට සාධාරන ක්‍රියාවක් දැයි සිතීය යුතුය.

මෙවැනි තත්වයක් ඇතිවුන විට සිදුවිය යුත්තේ ඇ‍ගේ අම්මා හෝ වැඩිහිටි කාන්තාවක් විසින් එම එම තත්වය පිලිබදවත් එය ඇතිවීමට හේතුත් මින් ඉදිරියට ඈ හැසිරිය යුතු ආකාරයනුත් හා එම තත්වයට අදාල සියළු කරුණු කාරනා තේරුම් බේරුම්කර දී ඇය පිරිසිදු කර සාමාන්‍ය ලෙස හැසීරීමට උපදෙස් දීමය. එසේ නොමැතිව බරපතල අපරාධයක් කල තැනැත්තියක මෙන් සිරගත කිරීම හෝ ඇග බැදී හෝ ජෝගී නැටීමට කාරනයක් කර ගැනීම නොකල යුතුය.

මෙලොව වෙසෙන සෑම ස්ත්‍රියක් පාහේ මුහුණ දෙන මෙම අවස්ථාව විශේෂ කාරනයක් කර ගෙන එය සමරන්න තරම් දෙයක් නැති බව දැන දැනත් තවමත් අප ඒ හා බැදි මෙම නිෂ්ඵල චාරිත්‍ර වාරිත්‍ර සියල්ල සුරකින්නේ ඇයි දැයි මට නම් නොහැගෙයි. අප අපගේ පරම්පරාවන් වලින් ලැබුණු චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන අපගේ ඉදිරි පරම්පරාවන් හටත් ලබා දිය යුතුය. එය අපගේ යුතුකමකි. නමුත් අපට ලැබෙන සියල්ල විමසීමකින් හෝ වග විභාගයකින් තොරවම අප ඉදිරියට ගෙන යා යුතුද? අපගේ දූවරුන් ද මෙලෙස වධ බන්ධනයකට ලක් කල යුතු බව ඔබත් සිතනවාද?

2009/09/15

නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 04

වර්ථමාන න්‍යෂ්ඨික තාක්ෂණයේ දියුණුවත් අනාගතයේ පැවතිය හැකි දියුණුවත් සංසන්දනය කර බලන්නේ නම් මුළු පෘථිවි තලයම ක්ෂණයකින් දූලි වලාවක් බවට පත් කිරීමට හැකි න්‍යෂඨික බෝම්මයක් හෝ න්‍යෂඨික අවියක් නිශ්පාදනය වනවාට කිසිදු සැකයක් ඇති කර ගැනීමට ඉඩක් නැත. සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව ප්‍රායෝගික සත්‍යයක් බැවින් පෘථිවියද කවදා හෝ විනාශ වන්නේය. එසේ නම් පෘථිවිය විනාශ වන දවසේ ජීවත් වන සියළු ජීවීන් නැවත නූපදින්නේ යැයි අනුමාණ කිරීමට සාධාරණ හැකියාවක් පවතී. එය එසේ නම් ලෝක විනාශ වන දවසේ ජීවත් වන ජීවී සියල්ලෝ සියළු කෙලෙසුන්ගෙන් මිදී සිට්න්නෝද? නැතිනම් අසම්භාවික වාසනා ගුනයක් ඇත්තෝද? මක් නිසාද යත් ඔවුන් සියල්ලෝ කිසිදු කැප කිරීමකින් තොරව නැවත උප්පත්තියක් නැති මරණයතකට පත් වන නිසාය.


එදවස ජීවත් වන සියල්ලන් නැවත ජීවි පැවැත්මකට අවශ්‍ය සාධකයන් රැස්වන තුරු ඝන්ධබ්බව සිටිනේ යැයි තර්කයක් ගෙන ආ හැකිය. නමුත් ජීවී පැවැත්මකට සුදුසු පරිසරයක් නිර්මාණය වීමට ලෙහෙසි පහසු කාලයක් ගතනොවේ. ඒ වගේම න්‍යෂ්ඨික පිපිරීමකින් පසු නැවත ජීවී පැවැත්මකට සුදුසු පරිසරයක් ගොඩ නැගේවි යැයි අනුමාන කළ හැකි ද? එසේ නම් ඝන්ධබ්බයන්ට එතෙක් කලක් ඝන්ධබ්බ තත්වයක පැවතීය හැකි වේවිද?

2009/09/14

නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 03

මරනින් පසු නැවත උප්පත්තියක් ඇති බවට පිළිගැනීමට වර්තමානයේ විද්‍යාත්මක සාධක‍යෝ පෙළ ගැසී සිටින නමුත් මැරෙන සියල්ලෝම නැවත උපදිනවාද යන මතය තවම තහවුරු වී නොමැත. නිවන කියන අවස්ථාවද එවැන්නකි. දහමට අනුව එය කෙසේවත් සනාථ කර ගැනීමට නොහැක්කේය. මක්නිසාද යත් නිවන් දකින කෙනෙකුගෙන් සම්මුඛ සාකච්චාවක් හෝ නිශ්ශිතවම අහවලා නිවන් දැක්කාය යන සාක්ෂීන් ගොනුකොට ගනු නොහැකි නිසාවෙනි.


දැනට විශ්වයේ කිනම් තැනකවත් පෘතුවි‍යේ හැර ජීවී පැවැත්මක් ඇති වෙනත් තැනක් ඇති බවට ප්‍රමාණවත් සාකෂි ගොනුකොට නැත. ඉදින් මේ ලෝකයේ සියළු ජීවීන් ක්ෂණයකින් මිහිපිටින් තුරන් වුවහෝත් ද ජීවී පැවැත්මකට අවශ්‍ය සියළු සාධක‍යෝ විනාශ උවහොත් ද පෘතිවියම දූලි බවට පත් වුවහොත් ද ලෙස අනුමාන කරන්නේ නම් නැවත උප්පත්තියක් ගැන නැවත වතාවක් සාකච්චා කල යුතුව ඇත. මක් නිසාද යත් ජීවි හට ගැන්මක් උදෙසා බල පවත්නාවූ කිසිදු මූලධර්මයක් ඉතිරි නොවන හෙයිණි.

නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 02

ආධ්‍යාත්මික දර්ශනයක් බොහෝ විට විශ්වාසය මත පදනම් ව ගොඩනැගුන හා මුඛපරම්පරා මගින් පෝෂණය වූද කුඩා කලපටන් හිත් තුලට කාවද්දා ඇති සිතිවිලි සමුදායකි. බොහෝවිට මෙවන් දැ තර්ක වලට පටහැනි වීමට පුළුවන. තර්ක හා සාක්ෂි මගින් ඔප්පු කිරීමට නොහැකිවාක් මෙන්ම තර්කිකව එවන් කරුනු කෙරෙහි නොබලන්නේ එම දර්ශනයන් කෙරෙහි වු ගෞරවයත් බිය හා පක්ෂ පාතීත්වය නිසාවෙනි.


අප පිළිගන්නා දහමට අනූව මරනින් මතු නිවන් දකින තුරු නැවත නැවතත් මැරි මැරී උපදින්නේය. නිවන යනු සරළව සලකන විට කිසිදු රූපකායක් හෝ මනෝ කායකින් තොර හැගීම් දැනීම් වේදනාවන්ගෙන් තොර ශුන්‍ය තත්වයකට අපේ ආත්මයන් පවත්වීමයි. නිවන් දැකීමෙන් අපේ සංසාර ගමන නවතින්නේය. සාමාන්‍යයෙන් කම්සැප අත්විදින කෙනෙකුට නිවන් දැකීමට හැකියාවක් ඇති බවක් අසා නොමැති නිසාවෙන් නිවන් දකින්නට නම් සියළු ක්ලේෂයන් දුරු කරගත යුතුය. එවැන්නක් සාමාන්‍ය මනුෂ්‍යයකුට කල නොහැක්කේය. ඉදින් අධි ආධ්‍යත්මක ගුණ වගාවක් ඇති කල යුතුය. එවැන්නක් ඇතිකරගැනීම සදහා කායිකවත් මානසිකවත් විශාල කැප කිරීමක් සිදුකල යුතුය.


නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 01

මගේ මේ රචනාව හුදෙක්ම අදහසක් පමණක් බවත් එය ධර්මයට කරන අභියෝගයක් හෝ අගෞරවයක් අරබයා නොවන බවටත් එවැනි කාරනයක් උදෙසා මා බුද්ධිමත් අයකු නොවන බවටත් බුද්ධිමත් පාඨකයා පලමුව දැන ධාරණය කරගත යුතුය. සිතන්නට තහන්චි නැතිමුත් ලියන්නට තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරබයා සගවාගෙන සිටිම්ද?


කෙලෙසුන්ගෙන් ද, බැදීම් වලින් ද නිදහස් වන තරමට ද දුරස් වන තරමට ද දුක්ක දෝමනස්සයන්ගෙන් දුරස් වන්නාය යන දර්ශණය ප්‍රායෝගික සත්‍යකි. නමුත් අප කිසිවෙකුත් අත්විද නොමැති ජීවිතයේ සැබෑ සහනය පතා ‍ලෞකිකත්වයෙන් මිදුනු අධි ආධ්‍යාත්මික රටාවකට අපගේ ස්වාභාවික මනෝභාවයන් හුරුකල යුතුද?