2010/11/22

සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව

සබද පසිදු පෙරබර දිග වඩින කල
පංචම තඹර පිපුණා සොද හැඩ රුවට
නිල්දියවර සිප එන බොද මීදුමට
නෙලුම් නෙලන්නට බහිමුද නිල් දියට


සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව
දුක සිතුනා සිපගන්නට නිමල් මුව
දියබට කිදුරියේ නොකරන් ලමුව කෙලැ
සැඩෝල් ලියව සගවා ගයි නෙලුම් විල


විදිවිහිගුම් බිගු කැල අර ගයන කව
සියපතක ලියමි දනිත් නම් ඒ බඹර කුර
පංචම තඹර එක් කෙමියක් මතට ගෙන
මනරම් මල් දමක් කරමි නුඹේ ගෙලට


2010/11/08

Technical Drawings ෙප්‍රහෙලිකාවක්


මේ තියෙන්නේ විදේශිය මිතුරෙක් මට දුන්න ගැටළුවක්. ඔන්න පැහැදිලි වෙන්න මම රෑප සටහනකුත් දැම්මා. Front view එක සහ Side View දීලා තියෙනවා. Front view එකේ කෙටි කුහරයකුත් පේන්න තියෙනවා. එයා කියන විදිහට මේකේ Top view එක අදින්න ඕන. Technical Drawings ගැන දන්න අය දන්නවා මෙතන ප්‍රශ්ණයක් තියෙනවා කියලා. ඒ තමයි Front view එකයි side view එකයි පරස්පරයි කියන එක. නමුත් එයා කියන ආකාරයට කිසිම ප්‍රශ්ණයකින් තොරව Top view එක අදින්න පුළුවන්ලු. බලන්න පුළුවන්ද කියලා.

 Top View රෑපසටහන

මෙන්න නිවැරදි පිළිතුරු දුන් comments



Anonymous said...


Two possibilities;
1. Square hole in to a circular dish, having depth about 4/5th of its dia.
2. Similar hole into a half dish joined to a cuboid of sizes dia x radius x dish height.


කාංචන දිනූක said...


බලන්න මේක හරිද කියලා.. paint වලින් ඇන්දේ.... :( http://img23.imageshack.us/img23/9995/35402795.jpg මේව ඇන්දෙ O/L වලදි. අවුරුදු 10කටත් වැඩියි. දැන් නම් මෙලෝ දෙයක් මතක නෑ....

2010/11/01

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ
ඒකයි මගේ ඇත්ත
දුරක් ආව නුඹ වෙනතක ගිය බව
පිළිගන්නේ කෝම
කොපමන හිතුවත් නොහිතෙන එක දෙය
අමතක කරවීම
නුඹ ගැන මතකය දින දින දළු ලයි
වැටහෙන් නෑ කරුන

හීන ගොඩක් ලග මම අද තනියම
කවුරුත් නැහැ තාම
වසරින් වසරට වයසට ගියමුත්
හිත තාමත් එතන

කදුළුත් වියැළුනු දෙනෙතේ සරනා
ඔය රුවමයි තාම
හීනෙන් හීනෙට ලගටම ආ මුත්
කිසිවක් නෑ ඇත්ත