2010/12/26

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (3 කොටස)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලීය කටාර් රාජ්ය යට ලැබීමත් සමග කටාර් රාජ්යෙය් විශාල සිදුවීම් ගනනාවක් සිදුවනු ඇත. එමෙන්ම ඔවුනට සියළු දෑ සකසුරුවම් කිරීමට ඇත්තේ වසර 10යකි. එය කාලය පැත්තෙන් බැලුවහොත් දීර්ඝ කාළයක් වුවත් සංවර්ධන හා ඉදිකිරීම් පැත්තේන් ගත්විට කෙටි කාලයකි. කටාර් රාජ්යයට සීග්‍ර හා කෙටිකාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සිදුවනු ඇත. විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවනු ඇත. මෙය ක්‍රීඩා කටයුත්තක් උවත් ක්‍රීඩා අංශයේ පමණක් නොව සියළු අංශයන්ගේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන් සංචාරක හා ගුවන් සේවා කටයුතු සනීපාරක්ෂක හා යටිතල පහසුකම් කටයුතු හා විනෝදාස්වාද හා සමාජීය සුබසාධන කටයුතු කෙරෙහි වැඩි අවදානය යොමු කරමින් ව්‍යාපෘති සැකසෙනු ඇතිය.

2022 අරඹයා රජය දැනටම සංවර්ධන කටයුතු අරබා හමාරය. දැනට පවතින ගොඩනැගිලි කඩා බිද නව ගොඩනැගි ඉදිකරණු අපට දැක ගත හැකිය. මංමාවත් පුළුල්කිරීමේ වැඩ කටයුතු අරඹා ඇත. එමෙන්ම හරිත උයන් ඉදිකිරීමේ ව්‍යාපෘතිද ආරම්භ කර ඇත. නව ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ වැඩකටයුතුද ආරම්භ කර ඇත. වර්ථමානයේ භාවිතා වන ගුවන්තොටුපලට යාබදව වැඩ නිම වෙමින් පවතින දෙවන ගුවන් තොටුපලෙන් පසුව මුහුද ගොඩ කර අතිනවීන තාක්ෂණයන්ගෙන් හා ඉතාම ඉහල ජාත්‍යයන්තර ගුණාත්මක තත්වයේ තුන්වන ගුවන්තොටුපලක් ද ඉදිකිරීමට දැනට සැළසුම් කර ඇත‍.

මෙම සියළු කරුණු කාරනා හා සංවර්ධන කටයුතු වලින් අපට ලබා ගත හැකි වාසි අවස්ථා ඉතාමත් ඉහලය. විශේෂයෙන්ම විශාල රැකියා අවස්ථාවන් උදා වනු ඇතිය. ඉන්දියාවට විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ගලායනු ඇතිය. එයට හේතුව අඩු වියදමකින් ශ්‍රමිකයින් ලබා ගත හැති වීමත් මෙරටේ හිංදි භාෂාවට ප්‍රමුඛතාවක් ඇති නිසාත් හා කාර්යාල හා ව්‍යාපෘති කළමණාකාර තනුතුර වලද වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර මෙහෙයවන ඉන්දීය ජාතිකයින් මෙහි ක්‍රීයාකාරී වීමත් ය. එමෙන්ම පිලිපීනයටද ප්‍රමාණයක් ගලා යනු ඇතිය. එයට හේතුව ඔවුන් වැඩි දෙනෙක් ඉංග්‍රීසි භාශාව කථාකීරීම හා කටාර් පිලිපීන සහයෝගිතා ගිවිසුම් ය. ඉන්පසු බංග්ලාදේශ්, ෙන්පාල්, සිරියා, ඊජිප්තු හා උතුරු අප්‍රිකානු රටවලට සුළු ප්‍රමාණයක්ද රැකියා ගලා යනු ඇතිය. ඉංදියාව පිලිපීනයට පසු මෙහි වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලැබෙනු ඇතිය. ඉංදියාවට හෝ පිලිපීනයට වඩා ලාංකිකයන්ගේ කාර්යක්ෂම තාවය, නම්‍යශීලීතාව හා මිත්‍රශීලී බාවයන්ට මෙහි හොද පිළිගැනීමක් ලැබී තිබෙන අතර ශ්‍රී ලංකා රජය මීට වඩා කාර්යක්ෂම තාවයකින් මේ රට හා කටයුතු කර සුහදතාවයන් වර්ධනය කරගන්නේ නම් ඉංදියාවට ගලා යන රැකියා ප්‍රමාණයන් අප රටට ලබා ගැනීමට පහසු වනු ඇතිවාක් මෙන්ම වැඩි මුදල් ප්‍රමාණයක්ද උපයා ගැනීමට හැකි වනු ඇතිය. එයට හේතුව දැනටද මෙහි වැඩකරන පිටරට ශ්‍රමිකයන්ගෙන් එකම රැකියාවේ වැඩි වැටුපකට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකිකයන් වීමය. එහෙයින් මෙම වැටුප් ප්‍රමාණයන් තව දුරටත් වැඩිකර ගැනීමට අපහසු නැතිය. ඒ සදහා ශ්‍රී ලංකා රජය මිත්‍රත්වයේ නාමයෙන් සෘජුව මැදිහත් වී කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකා රජය ඉතාම ගුණාත්මක බවකින් යුතු ශ්‍රම බලකායක් මේ සදහා සූදානම් කොට තැබීය යුතුය. යම් ප්‍රමාණයකට හෝ ඉංග්‍රීසි භාෂාව හා හිංදි භාෂාවන් කථා කිරීමේ දැණුම ඔවුන්ට ලබා දීය යුතුය. එමෙන්ම රැකියා තැරැවුකාර ආයතන හොරුන්ගෙන් අසරණ ශ්‍රමිකයින් ගලවා ගැනීමටද රජය මීට වඩා විදිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතු යැයි මට සිතේ.

2010/12/25

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්යය හා අපි (2 කොටස)

2010. දෙසැම්බර් 2 වන දින ජාත්‍යයන්තර පාපන්දු සංගමය මගින් 2018 සහ 2022 යන වසරවල් සදහා සුදුස්සන් ප්‍රකාශ කරන ලදි. 2018 තරගාවලීය තම රටට ලබා ගැනීමට බෙල්ජියම සහ නෙදර්ලන්තයද පෘතුගාලය සහ ස්පාඥයද ඒකා බද්ධව ද එංගලන්තය සහ රුසියාව තනි තනිවද තරග කල අතර එම අවස්ථාව හිමි වූයේ රුසියාවටය. 2022 තරගාවලීය සදහා ඕස්ට්ලියාව, ජපානය, කටාර් රාජ්ය ය, දකුණු කොරියාව සහ ඇමරිකාව තරග කල අතර ඉතිහාසයේ ප්‍රථම වරට අරාබි රටකට එම අවස්ථාව හිමි වූයේ කටාර් රාජ්ය්‍යට එම තරගාවලීය සංවිධානය කිරීමේ අයිතිය ලබාදෙමිණි.
එම අවස්ථාවට කටාර් රාජ්යයේ රජතුමා හමාද් බින් කහලීෆා අල්තානී උතුමානන්ද එම රජපවුලේ සමාජිකයන්ද සහභාගි සිටින ලදි. එම ප්‍රකාශන අවස්ථාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ජාත්‍යයන්තරයේ මෙම සිදුවීම කථාබස් වනුයේ මෙය සිදුනොවීය යුත්තක් ලෙසය. එමෙන්ම මෙය වැරදි තීරණයක් ලෙසත් කථාබස් වෙයි. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාද කියා සිටියේ මෙය වැරදි තීරණයක් බවය. මාගේ පුද්ගලික මතයද මෙය එතරම්ම සුදුසු තීරණයක් නොවන බවයි. එයට හේතුව මෙහි වසරේ වැඩි කාලයක් උෂ්ණ සෘතුව පවතින හෙයින් ද එය සෙල්සියස් අංශක 41 දක්වාවූ උපරිම තත්වයන් වාර්ථා කරන හෙයින්ද එය මෙවන් ක්‍රීඩා කටයුත්තක් සදහා සුදුසු තත්වයක් නොවනු ඇත. තවද මෙම උත්සව අවස්ථාවට ලෝකයේ සතර දෙසින් විශාල ජන ගංගාවක් කටාර් රාජ්ය්‍යට පැමිණෙනු ඇතිය. ඔවුන්ගේ විනෝදාස්වයන් සදහා අරාබි රාජ්යයන්හී පවතින රැඩිකල් නීති රීතිද බලපානු ඇතිය. එමෙන්ම කොන්ක්‍රීට් වලින් ගොඩනැගුණු කෘතීම තත්වයන්ට පරිභාහිර ස්වභාසෞන්දර්යය සංචාරකයන් බලාපොරොත්තු වනු ඇතිය. මෙම තීරණයට පක්ෂවද විපක්ෂවද ජාත්‍යයන්තරයේ කරුණු කාරනා කථාබස් වන අතර දැන් තීරණය ප්‍රකාශ වී හමාර හෙයින් අප කවුරුත් එම තීරණය නිවැරදිම තීරණය බවට සපත කිරීමට උදවු කළ යුතුය. රජයේ ප්‍රකාශකයන්ද කියා සිටිනුයේ මෙම අවස්ථාව පාපන්දු කුසලාන ඉතිහාසයේ නොමැකෙනම මං සටහනක් තබන අවස්ථාවක් කිරීමට කටාර් රාජ්යය සැදී පැහැදී සිටින බවයි.

2010/12/23

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (1 කොටස)

දෙසැම්බර් මස දෙවන දින සවස 5ට පමන අපේ ආයතන ප්‍රධානියාගේ කාමරයෙන් පෙරදිනක නොවී විරූ ලෙස මහා හඩකින් අප ප්‍රධානියා කෑමොර දෙන හඩ ඇසීමත් සමග මාද බංග්ලාදේශ ජාතිකයකුද දුවගෙන ගියේ ඔහුට පපුවේ කැක්කුමක් හෝ අසනීප තත්වයක් ඇති වී ඇතැයි සැක සිතීමෙනි. නමුත් එහි සිදු වූ දෙයින් අප නෙත් අදහා ගත නොහැකි විය. හංකිති කැවුවත් සිනා ගැස්සවිය නොහැකි මට්ටමේ පෞර්ෂයකින් හෙබි ඔහු කුඩා ළදරුවකු මෙන් දරා ගත නොහැකි සන්තෝසයකින් සිහි විකලව පරළ වූ වකු මෙන් නට නටා සිටිනු දැකීමෙන් මට නෙත් අදහා ගත නොහැකි විය. "සර් ඔබ හොද සනීපෙන්ද?" මා විමසා සිටියේ මෙය බලාගෙන සිටිනු නොහැකි තැනය. "ගිහී අපි දින්නා ගිහී අපි දින්නා..." ගිහී යනු ඔහු මා අමතන ආකාරයයි.

"මොකක්ද සර් මැච් එක" මා ඇසුවෙමි. "මැච් එකක් නෙවෙයි ගිහී 2022 ලෝක පාපන්දු කුසලානය අපේ රටට හම්බ වුනා". මම තවත් අවුලෙන් අවුලට පත් වුෙණමි. 2022 කේ ලෝක පාපන්දු කුසලානය 2012 දී ගන්නේ කොහොමද? "සර් මට තේරුනේ නැහැ". ඉන්පසු පියවි සිහියට එළබි ඔහු අග සිට මුලට තේරුම් බේරුම් කර දුන්නේ 2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලීය සංවිධානය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට අරාබි රටකට ලැබීමත් ඒ දුර්ලබ අවස්ථාව කාටාර් රාජ්‍යය සතු වීමත් යන කාරනාය. මට ඒක ඒ හැටි වැදගත් කාරනයක් නොවුනත් ලොක්කාගේ සතුටේ බරපතලකම හේතුවෙන් ඔහුට සුබ පතා අවුල් වූ හිසින් යුතුව මගේ අසුනට වීමි.

ඉන්පසු ඔහු හතර අතට කෝල් කර කර සුබපතා ගන්නා අාකාරය ඔහුගේ කාමරයෙන් ඇසෙන අතර අගනගර මධ්‍යෙය් ගොඩනැගිල්ලක පිහිටියත් නිස්කලංක අප කාර්යාලයේ නිහඩ බව බිදිමින් පරිසර වටපිටාවද වෙනස් වෙන බවක් තේරුනෙන් අප ජනෙල තිර එහෙ මෙහෙ කරමින් නගරය දෙස බැලීමු. නගරය කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පෙනුණි. ඉතා විශාල මාර්ග තදබදයකි. වාහන හෙල්ලෙන බවක් නොපෙනෙයි. සැම අතම වාහන නලා හඩින් ගිගුරුම් දෙයි. ජන ගංගාවෝ ප්‍රීති ගෝෂා නගති. ධජපතාක ළෙලවති. මහත් වූ විපරියාසයකි.

2010/12/22

මත් බබරෙක් කාහටවත් වගක් නැති විය



මල් මල් මල් සල් මල් වැල් මල් වියන් විය
රුං රුං කියා මලින් මලට ගී කියා ගිය
තටු සිදිලා හති වැටිලා වැහැරිලා ගිය
මත් බබරෙක් කාහටවත් වගක් නැති විය

ගහක් වසා පිපීලා සුදුපාට අරලියා
සුවද ඇවිත් වද දෙනවා එන්නම කියා
සිතට මගේ බයයි වගේ බලමි දුරතියා
දෑසින් මිස දෑතින් නොල්ලමී සොබා

නෙක නෙක මල් හැඩට පිපී යාය පුරාම
සුන්දර මල් නෙතට ගැටෙයි ඈත තියාම
ලස්සන බබරැන් ලං වෙයි විහිළු කරාන
මොන විහිළුද මම යන්නෙමි අහක බලාන