Showing posts with label ගීත් ගේ ලිපි. Show all posts
Showing posts with label ගීත් ගේ ලිපි. Show all posts

2011/01/29

සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය

සිංහල බ්ලොග් අවකාශය යනු තවත් එක් සයිබර් නාඩගමක් නොවේය. ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් වලින් එහාට ගිය අපූර්ව සුන්දර ස්ථානයකි. එය ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් නම් බීජ වගුරුවා මිනිස්කම අවංක කම ලබැදිකම මිතුරු කම ඵලදාවන් ලෙස නෙලා ගන්නා වූ සාරවත් ගෙවත්තකි. එම ඵලදාවන් සාරවත් ඵලදාවන් බවට පත් කරගැනීමට ගූගල් බස් නම් කාබනික පොහොර හේතුකාරකයක් වෙමින් පවතී. උපන් දා සිට මුහුනට මුහුණ ඇසුරු කරන්නා වූ මිතුරන්ට නෑදෑයන්ට වඩා සීමාවන් පසු කරන්නාවූ ලෙංගතු කම් ඇති කරන්නාවූ ස්ථානයකි. අපට නොදැනුවත්වම සිංහල බ්ලොග් අවකාශය උප සංස්කෘතියක් බවට පත්ව ඇති සැටියකි. අපට නොදැනුවත්වම එකම පවුලක් වී ඇති සැටියකි. අපට නොදැනුවත්වම අප එක වහලක් යට ජීවත් වන සැටියකි. ශ්‍රී ලංකාවේ සතර කොනේ සිටියත් ලෝකයේ කොයි රටේ සිටියත් බ්ලොග් වාසී, සයිබර් වාසී වර්චුවල් පවුලේ අයෙකුගේ කිවිසුම පවා අන් අයට දැනෙන හැගෙන තරමට අප ලබැදියන් වී සිටිමු.

එපමනක් නොව සාමාන්‍ය සමාජයේ අපිට ඇසුරුකරන්න කතාබහ කරන්න ලැබෙන්නේ සම වයස් , සම වෘත්තීකයන්, සම සමාජ ස්තරයන්, සම ආර්ථික සහිත සියළු කරුණු කාරණාවන් වලින් අපට සමාන වන පුද්ගලයන්ය. වෛද්‍යවරයකු ආශ්‍රය කරන්නේ වෛද්‍ය ක්ෙෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ය. ඉංජිනේරුවකු ආශ්‍රය කරන්නේ ඉංජිනේරු අංශයට අදාල පුද්ගලයන්ය. බස් කොන්දස්තර කෙනෙකුට ආශ්‍රය කරන්න ලැෙබන්නේ ඒ ආශ්‍රිත පුද්ගලයන්ය. වෛද්‍ය වරයකු සමග හරි හරියට කදේ දමන්නට බස් කොන්දස්තර කෙනෙකුට තියෙන අවස්ථාවන් ඉතාමත් අල්පය. ඒ සදහා අවස්ථාවක් නැතයි කිවහොත් වඩාත් උචිත යැයි මට සිතේ. එනිසා අප සාමාන්‍ය සමාජ ආශ්‍ර ක්‍රමය ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් යැයි නම් කළ හැකිය.

මෙම ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමය නිසා හුවමාරු වන අදහස් උදහස්, දැනුම ආකල්ප, ජීවන අත්දැකීම් මෙන්ම විහිළු තහළු එම එක් එක් ස්තරයන් හී පාවෙන තත්වයක් පවතී. එක් ස්තරයක දේවල් තවත් ස්තරයක් සමග මුහුවීමට අවස්ථාවක් නැතිය. ඒ හේතුවෙන් පහල ස්තරවල සිටින්නන්ට ඉහල ස්තරයන් වල සිටින්නන් ගේ සිතුම් පැතුම් හදුන්නනේ නැතිය. ඉහල ස්තරවල සිටින්නන්ට පහල ස්තරවල සිටින්නනගේ හෘද ස්පන්දනය ගැන වැටහීමක් නැතිය. මෙවැනි දේවල් හා දුර්අවබෝධයන් හේතුවෙන් ගැටුම් කාරී තත්වයන්ද ඇතිවන අවස්ථාද අප අසා හදුනා හා අත් දැක ඇත්තෙමු.

නමුත් සයිබර් අවකාශය ඔස්සේ, බ්ලොග් ගොඩැල්ල ඔස්සේ, ගූගල් බස් ඔස්සේ එම ඒක කේන්ද්‍රීය සමාජ සංස්කෘතියට තිතක් තබමින් සියළු සමාජ ස්තරයන් එකම පංතියකට එකම ස්තරයට කැන්දමින් තිබේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිගනක වේදීන්, බැංකු ලිපිකරුවන් හා විධායක ෙශ්‍රණි වල පමනක් නොව පාසල් යන සිසුන්, රැකියාවක් නොකර ගෙදරට වෙලා සිටින්නන්, ගෘහනියන් ආදී එකී මෙකී නොකී සියළු ස්තරයන් එකම බස් එකේ කදේ දාගෙන දවස පුරා දැනුම, විනෝදය, හාස්යය, පාළුව, කාන්සිය බෙදාහදා ගනිමින් සිටී. සමාන්‍ය සාමාජයේ දී සර්, මහත්තයා, නෝනා ලෙසින් අමතන්න වූවන් අපි අද මචං, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ලෙසින් ආමන්ත්‍රනය කරගමු.

ඉදින් මෙම ලෙංගතු කම් හරහා අපට ඒ ඒ සමාජ ස්තරයන් ගැන පැවතියාවූ දුර් අවබෝධනයන් ලිහා ගත හැකිවනු ඇත. අප නොදන්නා දේවල් අසා දැන ගත හැකිය. කිසියම් වැඩකට අත ගැසීමට ප්‍රථම ඒ ගැන පළපුරුද්දක් ඇත්තෙකුගෙන් අසා දැන ගත හැකිය. නොමිලේම සාරවත් උපදේශනයන් ලබා ගත හැකිය. මෙහිදී ඉරිසියාකම්, කුහකකම් හා මාන්නයන්ට පැවැත්මක් නැති හෙයින් අපට අපගේ ගැටළු වලට නිවැරදිම විනිශ්චයන් ලබාගත හැකි වනු ඇතිය.

ඉතින් මෙම සයිබර් සංගමය බ්ලොග් අවකාශය ගූගල් බස් රථය මෙන් ස්ථානයන් වලින් දැන හැදින ගත් අප ඔබ මෙම සමාජ ක්‍රමය නවමු මාවතකට ගෙන යමින් සිටිනෙමු. මිත්‍රත්වකම්, හිතහොදකම්, අසමානාත්මකම්, සමානාත්මතාවයෙන් බෙදාහදාගත් ඔබ අප දැන් එකම පවුලකි. ඉතින් අප පවුලේ කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, දුකක් සිදුවී උදවුවක් උපකාරයක් අවැසි මොහොතක් උදා වුවොත් අපි කුමක් කරමුද? අපි ඔහුව ඇයව අමතක කරමුද? ඒ අවංක කම ලැබැදි මිතු දම සයිබර් අවකාශයේ අදුරු මුල්ලකට තල්ලු කර සගවා තබමුද?

මා ප්‍රිය සහෘදය, ඔබ මා සමග ලෙංගතුකම බෙදා හදාගත් එවැනි සහෘදයකුට අපගේ උදවු අවැසි මොහොතක් උදා වී තිබේ. සයිබර් යායෙන් ගොඩනගාගත් ඒ මිතු දම අවංක කම මනුෂ්‍යයත්වය වෙනුවෙන් ඔබේ උපකාරයේ හස්තය අපි අපේ ලබැදි සහෘදයා වෙනුවෙන් දික් කරමු.

බ්ලොග් ගොඩැල්ලේ ඉලංදාරියා හා ඒකාත්මික වූ ඔබ ඔබේ මිහිරි වදන් ඔහුගේ සවන් මත්තේ තබන්න, ඔබත් ඔබේ හැකි උපරිමය ඉටුකරන්නට පෙළ ගැසෙන්න.



සෝදුපත් කියැවීම
ගයාත්‍රී චතුරාණී


වැඩි විස්තර
ඉලංදාරියා
දුකා


ඔබ දෝහා කටාර් හී බ්ලොග් ලියන කියවන අයෙක් නම් ද ඉලංදාරියාගේ නිහඩ ලොව බිදින්න ව්‍යාපෘතියට සම්බන්ධ වන්න කැමතිනම්ද කථා කරන්න. අපි එකතුව දෝහා කටාර්වලින් ඉලංදාරියා වෙනුවෙන් කරන්න හැකි යමක් ගැන සාකච්චා කරමු.

2010/12/26

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (3 කොටස)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලීය කටාර් රාජ්ය යට ලැබීමත් සමග කටාර් රාජ්යෙය් විශාල සිදුවීම් ගනනාවක් සිදුවනු ඇත. එමෙන්ම ඔවුනට සියළු දෑ සකසුරුවම් කිරීමට ඇත්තේ වසර 10යකි. එය කාලය පැත්තෙන් බැලුවහොත් දීර්ඝ කාළයක් වුවත් සංවර්ධන හා ඉදිකිරීම් පැත්තේන් ගත්විට කෙටි කාලයකි. කටාර් රාජ්යයට සීග්‍ර හා කෙටිකාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සිදුවනු ඇත. විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවනු ඇත. මෙය ක්‍රීඩා කටයුත්තක් උවත් ක්‍රීඩා අංශයේ පමණක් නොව සියළු අංශයන්ගේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන් සංචාරක හා ගුවන් සේවා කටයුතු සනීපාරක්ෂක හා යටිතල පහසුකම් කටයුතු හා විනෝදාස්වාද හා සමාජීය සුබසාධන කටයුතු කෙරෙහි වැඩි අවදානය යොමු කරමින් ව්‍යාපෘති සැකසෙනු ඇතිය.

2022 අරඹයා රජය දැනටම සංවර්ධන කටයුතු අරබා හමාරය. දැනට පවතින ගොඩනැගිලි කඩා බිද නව ගොඩනැගි ඉදිකරණු අපට දැක ගත හැකිය. මංමාවත් පුළුල්කිරීමේ වැඩ කටයුතු අරඹා ඇත. එමෙන්ම හරිත උයන් ඉදිකිරීමේ ව්‍යාපෘතිද ආරම්භ කර ඇත. නව ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ වැඩකටයුතුද ආරම්භ කර ඇත. වර්ථමානයේ භාවිතා වන ගුවන්තොටුපලට යාබදව වැඩ නිම වෙමින් පවතින දෙවන ගුවන් තොටුපලෙන් පසුව මුහුද ගොඩ කර අතිනවීන තාක්ෂණයන්ගෙන් හා ඉතාම ඉහල ජාත්‍යයන්තර ගුණාත්මක තත්වයේ තුන්වන ගුවන්තොටුපලක් ද ඉදිකිරීමට දැනට සැළසුම් කර ඇත‍.

මෙම සියළු කරුණු කාරනා හා සංවර්ධන කටයුතු වලින් අපට ලබා ගත හැකි වාසි අවස්ථා ඉතාමත් ඉහලය. විශේෂයෙන්ම විශාල රැකියා අවස්ථාවන් උදා වනු ඇතිය. ඉන්දියාවට විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ගලායනු ඇතිය. එයට හේතුව අඩු වියදමකින් ශ්‍රමිකයින් ලබා ගත හැති වීමත් මෙරටේ හිංදි භාෂාවට ප්‍රමුඛතාවක් ඇති නිසාත් හා කාර්යාල හා ව්‍යාපෘති කළමණාකාර තනුතුර වලද වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර මෙහෙයවන ඉන්දීය ජාතිකයින් මෙහි ක්‍රීයාකාරී වීමත් ය. එමෙන්ම පිලිපීනයටද ප්‍රමාණයක් ගලා යනු ඇතිය. එයට හේතුව ඔවුන් වැඩි දෙනෙක් ඉංග්‍රීසි භාශාව කථාකීරීම හා කටාර් පිලිපීන සහයෝගිතා ගිවිසුම් ය. ඉන්පසු බංග්ලාදේශ්, ෙන්පාල්, සිරියා, ඊජිප්තු හා උතුරු අප්‍රිකානු රටවලට සුළු ප්‍රමාණයක්ද රැකියා ගලා යනු ඇතිය. ඉංදියාව පිලිපීනයට පසු මෙහි වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලැබෙනු ඇතිය. ඉංදියාවට හෝ පිලිපීනයට වඩා ලාංකිකයන්ගේ කාර්යක්ෂම තාවය, නම්‍යශීලීතාව හා මිත්‍රශීලී බාවයන්ට මෙහි හොද පිළිගැනීමක් ලැබී තිබෙන අතර ශ්‍රී ලංකා රජය මීට වඩා කාර්යක්ෂම තාවයකින් මේ රට හා කටයුතු කර සුහදතාවයන් වර්ධනය කරගන්නේ නම් ඉංදියාවට ගලා යන රැකියා ප්‍රමාණයන් අප රටට ලබා ගැනීමට පහසු වනු ඇතිවාක් මෙන්ම වැඩි මුදල් ප්‍රමාණයක්ද උපයා ගැනීමට හැකි වනු ඇතිය. එයට හේතුව දැනටද මෙහි වැඩකරන පිටරට ශ්‍රමිකයන්ගෙන් එකම රැකියාවේ වැඩි වැටුපකට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකිකයන් වීමය. එහෙයින් මෙම වැටුප් ප්‍රමාණයන් තව දුරටත් වැඩිකර ගැනීමට අපහසු නැතිය. ඒ සදහා ශ්‍රී ලංකා රජය මිත්‍රත්වයේ නාමයෙන් සෘජුව මැදිහත් වී කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකා රජය ඉතාම ගුණාත්මක බවකින් යුතු ශ්‍රම බලකායක් මේ සදහා සූදානම් කොට තැබීය යුතුය. යම් ප්‍රමාණයකට හෝ ඉංග්‍රීසි භාෂාව හා හිංදි භාෂාවන් කථා කිරීමේ දැණුම ඔවුන්ට ලබා දීය යුතුය. එමෙන්ම රැකියා තැරැවුකාර ආයතන හොරුන්ගෙන් අසරණ ශ්‍රමිකයින් ගලවා ගැනීමටද රජය මීට වඩා විදිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතු යැයි මට සිතේ.

2010/12/25

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්යය හා අපි (2 කොටස)

2010. දෙසැම්බර් 2 වන දින ජාත්‍යයන්තර පාපන්දු සංගමය මගින් 2018 සහ 2022 යන වසරවල් සදහා සුදුස්සන් ප්‍රකාශ කරන ලදි. 2018 තරගාවලීය තම රටට ලබා ගැනීමට බෙල්ජියම සහ නෙදර්ලන්තයද පෘතුගාලය සහ ස්පාඥයද ඒකා බද්ධව ද එංගලන්තය සහ රුසියාව තනි තනිවද තරග කල අතර එම අවස්ථාව හිමි වූයේ රුසියාවටය. 2022 තරගාවලීය සදහා ඕස්ට්ලියාව, ජපානය, කටාර් රාජ්ය ය, දකුණු කොරියාව සහ ඇමරිකාව තරග කල අතර ඉතිහාසයේ ප්‍රථම වරට අරාබි රටකට එම අවස්ථාව හිමි වූයේ කටාර් රාජ්ය්‍යට එම තරගාවලීය සංවිධානය කිරීමේ අයිතිය ලබාදෙමිණි.
එම අවස්ථාවට කටාර් රාජ්යයේ රජතුමා හමාද් බින් කහලීෆා අල්තානී උතුමානන්ද එම රජපවුලේ සමාජිකයන්ද සහභාගි සිටින ලදි. එම ප්‍රකාශන අවස්ථාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ජාත්‍යයන්තරයේ මෙම සිදුවීම කථාබස් වනුයේ මෙය සිදුනොවීය යුත්තක් ලෙසය. එමෙන්ම මෙය වැරදි තීරණයක් ලෙසත් කථාබස් වෙයි. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතාද කියා සිටියේ මෙය වැරදි තීරණයක් බවය. මාගේ පුද්ගලික මතයද මෙය එතරම්ම සුදුසු තීරණයක් නොවන බවයි. එයට හේතුව මෙහි වසරේ වැඩි කාලයක් උෂ්ණ සෘතුව පවතින හෙයින් ද එය සෙල්සියස් අංශක 41 දක්වාවූ උපරිම තත්වයන් වාර්ථා කරන හෙයින්ද එය මෙවන් ක්‍රීඩා කටයුත්තක් සදහා සුදුසු තත්වයක් නොවනු ඇත. තවද මෙම උත්සව අවස්ථාවට ලෝකයේ සතර දෙසින් විශාල ජන ගංගාවක් කටාර් රාජ්ය්‍යට පැමිණෙනු ඇතිය. ඔවුන්ගේ විනෝදාස්වයන් සදහා අරාබි රාජ්යයන්හී පවතින රැඩිකල් නීති රීතිද බලපානු ඇතිය. එමෙන්ම කොන්ක්‍රීට් වලින් ගොඩනැගුණු කෘතීම තත්වයන්ට පරිභාහිර ස්වභාසෞන්දර්යය සංචාරකයන් බලාපොරොත්තු වනු ඇතිය. මෙම තීරණයට පක්ෂවද විපක්ෂවද ජාත්‍යයන්තරයේ කරුණු කාරනා කථාබස් වන අතර දැන් තීරණය ප්‍රකාශ වී හමාර හෙයින් අප කවුරුත් එම තීරණය නිවැරදිම තීරණය බවට සපත කිරීමට උදවු කළ යුතුය. රජයේ ප්‍රකාශකයන්ද කියා සිටිනුයේ මෙම අවස්ථාව පාපන්දු කුසලාන ඉතිහාසයේ නොමැකෙනම මං සටහනක් තබන අවස්ථාවක් කිරීමට කටාර් රාජ්යය සැදී පැහැදී සිටින බවයි.

2010/12/23

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (1 කොටස)

දෙසැම්බර් මස දෙවන දින සවස 5ට පමන අපේ ආයතන ප්‍රධානියාගේ කාමරයෙන් පෙරදිනක නොවී විරූ ලෙස මහා හඩකින් අප ප්‍රධානියා කෑමොර දෙන හඩ ඇසීමත් සමග මාද බංග්ලාදේශ ජාතිකයකුද දුවගෙන ගියේ ඔහුට පපුවේ කැක්කුමක් හෝ අසනීප තත්වයක් ඇති වී ඇතැයි සැක සිතීමෙනි. නමුත් එහි සිදු වූ දෙයින් අප නෙත් අදහා ගත නොහැකි විය. හංකිති කැවුවත් සිනා ගැස්සවිය නොහැකි මට්ටමේ පෞර්ෂයකින් හෙබි ඔහු කුඩා ළදරුවකු මෙන් දරා ගත නොහැකි සන්තෝසයකින් සිහි විකලව පරළ වූ වකු මෙන් නට නටා සිටිනු දැකීමෙන් මට නෙත් අදහා ගත නොහැකි විය. "සර් ඔබ හොද සනීපෙන්ද?" මා විමසා සිටියේ මෙය බලාගෙන සිටිනු නොහැකි තැනය. "ගිහී අපි දින්නා ගිහී අපි දින්නා..." ගිහී යනු ඔහු මා අමතන ආකාරයයි.

"මොකක්ද සර් මැච් එක" මා ඇසුවෙමි. "මැච් එකක් නෙවෙයි ගිහී 2022 ලෝක පාපන්දු කුසලානය අපේ රටට හම්බ වුනා". මම තවත් අවුලෙන් අවුලට පත් වුෙණමි. 2022 කේ ලෝක පාපන්දු කුසලානය 2012 දී ගන්නේ කොහොමද? "සර් මට තේරුනේ නැහැ". ඉන්පසු පියවි සිහියට එළබි ඔහු අග සිට මුලට තේරුම් බේරුම් කර දුන්නේ 2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලීය සංවිධානය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට අරාබි රටකට ලැබීමත් ඒ දුර්ලබ අවස්ථාව කාටාර් රාජ්‍යය සතු වීමත් යන කාරනාය. මට ඒක ඒ හැටි වැදගත් කාරනයක් නොවුනත් ලොක්කාගේ සතුටේ බරපතලකම හේතුවෙන් ඔහුට සුබ පතා අවුල් වූ හිසින් යුතුව මගේ අසුනට වීමි.

ඉන්පසු ඔහු හතර අතට කෝල් කර කර සුබපතා ගන්නා අාකාරය ඔහුගේ කාමරයෙන් ඇසෙන අතර අගනගර මධ්‍යෙය් ගොඩනැගිල්ලක පිහිටියත් නිස්කලංක අප කාර්යාලයේ නිහඩ බව බිදිමින් පරිසර වටපිටාවද වෙනස් වෙන බවක් තේරුනෙන් අප ජනෙල තිර එහෙ මෙහෙ කරමින් නගරය දෙස බැලීමු. නගරය කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පෙනුණි. ඉතා විශාල මාර්ග තදබදයකි. වාහන හෙල්ලෙන බවක් නොපෙනෙයි. සැම අතම වාහන නලා හඩින් ගිගුරුම් දෙයි. ජන ගංගාවෝ ප්‍රීති ගෝෂා නගති. ධජපතාක ළෙලවති. මහත් වූ විපරියාසයකි.

2010/02/18

සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය

කාර්යාලයේ ලද නිමේෂයේ
2010.02.18








තෙරුවන් සරණයි



මගේ සදාදර සිනෙමා වීරයානෙණි,

විජය ඔබ අද කොහොම කොහේ සිටිනවාදැ මා නොදනිමි. කොහේ කොහොම සිටියත් සැපෙන් සනීපෙන් සුවෙන් සිටිනු ඇතැයි මම සිතමි පාර්ථනා කරමි. ඹබගේ සුවදුක් පවසා පිළිතුරැ ලිපි නොලියන බව මා දනිමි. නමුත් මා ඹබට ලියමි. ඒ මම ඔබට ඒ තරම් ආදරය කරන නිසාවෙනි.

සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය. ඔබ සිටි කාලයේ කල කී දෑ මම අසා නරඹා සවන් දී හා කියවා ඇත්තෙමි. එයින් මා සිතේ ඔබ කෙරෙහි වීරත්වයක් ගොඩනැගුනි. ඔබගේ චිත්‍රපට සියල්ලම නොවුනත් වැඩි ප්‍රමානයත් නරඹා ඇත්තෙමි. ඔබගේ ආරෝහ පරිනහදේහය, අවංක අව්‍යාජ සිනාව, ඹටම ආවේනික කෙස් කලඹ ඔබගේ රංග පෞර්ෂත්වය ඔප්නැංවු පෙර පින් බලයෙන් ඔබට හිමි වූ ආබරණයන්ය.. ඔබගේ සියළු ගීතයන් මා අසා ඇත්තෙමි. ඉතාම ගැඹුරැ කටහඩකින් ඉතාම ළයාන්විතව ඔබ ගැයූ ගීත විඩා බර මනසට දිව ඔසුවන්ය. ඔබ ගැයූ ගීත වලින් මම කැමතිම ගීතයේ කොටසක් පහලින් දක්වා තිබේ.

ඔබ අප තනිකරගොස් පෙබරවාරි 16 වෙනිදට අවුරැදු 22කි. නමුත් ඔබෙන් හිස් වු ලාංකීය සිනමාවේ නළුවාගේ චරිතය තවමත් විවෘතය. මේ අවුරැදු 22 පුරාවට ඔබවන් වූ සිනෙමා වීරයෙක් තවද අපට නැත. ඔබත් සමග ලාංකීය වානිජ සිනමාව තවමත් කඩා වැටෙමින් පවතී. ඉද හිට එක එක චිත්‍රපටිද එක එක රංගධරයන් පැමිණියද නළුවා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන් අද නැත. ඔබ ඔවුනද ඔබත් සමග රැගෙන ගියෙදැයි මා නොදනිමි. නළුවා නිසා නැතහොත් වීරයා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන්ගෙන් දැන් සිනෙමා ශාලා හවුස් ෆුල් වන්නේ නැත. ඒ ඔබගේ රංග පෞර්ෂත්වයට සම කරන්න තවම රංගන ශිල්පියකු අප සිංහල සිනමාවට ආවේ නැති නිසා වෙනි. ඔබගේ අඩුව නිසා විදේශිය නළුවන් අප රටේ නිතරගයෙන් වීරයන් වී සිටී.

විජය කුමාරතුංගයානෙණි තව එක් වරක් වත් පැමිණ ලක් පොළවේ පය ගසා අපගේ වීරයා වන්න. තවමත් කඩාවැටෙමින් පවතින අපගේ වානිජ සිනමාව ගොඩගන්න උදවු කරන්න. ඔබෙන් හිස්වු සිංහල සිනෙමා වීරයාගේ චරිතය ඔබ එන තුරැ තවමත් බලාගෙන සිටී. අදට මා නවතිමි . ආයෙම ලිපියකින් ඔබ අමතන තුරැ ඔබට බුදු සරනයි.

මෙයට
ඔබට සදා ළබැදි


සහෘදයා



තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරං අම්මේ
මං පඩි අරං අදහෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවිරැකවරණයි උඹට


(මෙම ගීතයෙ blog embed code දන්න කවුරු හරි ඉන්නවනම් මට ලබා දීමට කාරුනික වන්න)

2010/02/13

වැලන්ටයින් ට කඩේයන වානිජවාදී ආදර‍යෙන් අත්මිදෙන්න

ආහ් කට්ටියම සූදානම් වෙන්නේ වැලන්ටයින් ව සමරන්ට වගේ. ශෝක් ඔහොම යන් ඔහොම යන්. දැන් කට්ටියම මාල වලලු කරාබු පෙන්ඩන්ට් චොකලට් රෝස මල් අයි පොඩ් මොබයිල් ‍ෆෝන් එහෙම අරගෙන සූදානම් ශරීරයෙන් ඇත්තේ. ශෝක් කියන්ට තමා තියෙන්නේ. වෙන මක්කක් කියන්ටද? ම්......නැත්තෙමත් නැහැ. ඔන්න ඔහේ කියල දානවා ඕන මරදානක් වෙන්න කියලා. සිතන්නට තහන්චි නැතිමුත් ලියන්නට තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරබයා සගවාගෙන සිටිම්ද?

සමහරු නම් කෙල හල හල බලාගෙන ඉන්න ඇත්තේ මාස 2 ක 3 ක ඉදන්ම මේ වැලයා එනකන්. මොකද තමන්ගේ පෙම්වතාට පෙම්වතීට තමන්ගේ ආදරේ තරම පෙන්නන්න. ආදරේට තරමක් කිරුමක් මිණුමක් අවශ්‍යද එවැන්නක් කල හැකිද කියන පුශ්නයකුත් පැන නගිනවා. සහෘදයා හිතන හැටියට නම් ආදරේ මෙච්චරයි කියලා පෙන්වන්න විදිහක් නැහැ. ඒ වගේම ආදරයේ තරම ‍ඔප්පු කල යුතු හෝ පෙන්වීය යුතු දෙයක් ද නොවේ. එය හදවතින් හදවතට දැනෙන හැගෙන දෙයක් හැටියටයි සහෘදයා දකින්නේ.එය හදවතින් මොලයටත් මොලයෙන් හදවතටත් අනෙකා අනෙකා කෙරෙහි අවබෝධ කර ගත යුතු දෙයකි. එය අනෙකා අනෙකාට අවබෝධ කර දිය යුතු දෙයක් නොවේ. එසේම තමන්ගේ ආදරයේ තරම අනෙකාට අවබෝද කර දෙන්න සිදුවන්නේ නම් එතන ඒ දෙදෙනා අතර සැබෑ ආදරයක් සෙනෙහසක් පවතිනවාද දෙදෙනා කෙරෙහි සැබෑ අනෝන්‍ය අවබෝධයක් පවතිනවාද යන්න දෙවරක් සිතීය යුතු කාරනයකි.

වානිජවාදී ආදරයක් තුල සැබෑ ආදරයක් නැත. සැබෑ ආදරය ඇත්තේ සවෘන්දර්යාත්මක ආදරයක් තුලය. සැබෑ ආදරවන්තයින්ට විශේෂිත දිනයක් හෝ තෑගී බෝග අවැසි නැත. සැබෑ ආදරවන්තයින්ට ඔවුන් මුන ගැසෙන හැම තත්පරයක්ම විශේෂිත මොහොතකි. දොඩමලු වන සෑම වචනයක්ම ආදරයේ තරම පෙන්වන විශේෂිත ත්‍යාගයකි. සැබෑ ආදරවන්තයින් සැබෑ ආදරවන්තියන් අනෙකාගෙන් ත්‍යාග හෝ වානිජවාදී වටිනාකම් බලාපොරෝත්තු නොවේ. එලෙස ඉල්ලීම් නොකරයි. මේ එලබෙන වැලයාගේ දිනය හේතු කොටගෙන ඔබ ඔබගේ සවෘන්දර්යාත්මක ආදරය සැබෑ සෙනෙහස රුපියල් සත වලට අලෙවි නොකරන්න. යුරොපීය ඩොලර් මුදලාලීලාට කඩේයන මෙරට ජනමාධ්‍ය ඔබේ ඔලුවට ඔබන කුණු කන්දල් හේතු කොට ගෙන ඔබගේ පරම පිවිතුරු ආදරය චොකලට් පෙත්තකට පාවා නොදෙන්න. ඔබේ ආදරය වසරේ එක දවසකට සීමා කරන්න හදන ජනමාධ්‍යන්ට ඔබගේ ආද‍රයේ නාමයෙන් අවනත නොවන්න. ඔබ සැබෑ ආදරවන්තියක් නම් සැබෑ ආදරවන්තයෙක් නම් වානිජවාදී වැලන්ටයින් මුදලාලිව මෙරටින් පන්නන්න පෙළ ගැසෙන්න. එය කල හැක්කේ වානිජ වාදී වැල ජනමාධ්‍යන් මගින් විකුනන ආදර උපකරන මිලදී ගැනීමෙන් වැලකී සිටීමෙනි. සැබෑ ආදරණීයන්ගේ ආදර උපකරන ඇත්තේ පපු කුහර මධ්‍යයේය.

2009/10/30

වශී බන්ධන ගුරුකම් හා සංඝරත්නය


පත්තරයක් ගත් විට වාර්ථා හා කාලීන සිදුවීම් වලටත් වඩා දැන් බහුලව දක්නට ඇත්තේ පිටු පුරාවට වශී ගුරුකම් හා ගුප්ත ක්‍රීයාකාර කම් පිලිබදව දැන්වීම්ය. සියළු දේ කෙරෙහි විදය්‍යාත්මකව බලන මේ කල්හී මෙවැනි ගුප්ත කර්ම පිළිබදව විද්‍යාවන් හා ගට්ටනයක් නැතුවාම නොවේ. මෙවැනි ගුප්ත කර්ම වල ඇත්ත නැත්ත සත්‍යය අසත්‍ය තාව පිළිබදව මා දන්නේ නැත. ඒ පිළීබදව මාහට අත්දැකීම් නොමැති නිසාවෙන් ඒ ගැන තර්ක කිරීමෙන් ද ඵලක් නැත. නමුත් පත්තරවල තියෙන ගුප්ත දැන්වීම් පිළිබදව නම් බොහෝ දේ කථා කල හැකිය.

ගුප්ත ක්‍රියාකාරකම් මගින් දුගී දුප්පත් අසරණ දරුවන්ට උදවු උපකාර කරන්න මොවුන් සියළු දෙනාම දේශපාලඥයන් මෙන් ජාතික පත්තර මගින් පොරයකට වැටී තිබේ. මොවුන් සියළු දෙනාගේම දැන්වීම් බහෝදුරට ඒක රූපීය. එකම Template එකය එහි ඇති නම් පමනය වෙසකට ඇත්තේ. බොහෝ දැන්වීම් වල ලිපිනයන්ද එකම ගමක ලිපිනයන් ය. මොවුන් සියළු දෙනා රෝඩී කියයි, හුලවාලී කියයි, නීච කුල කියයි. අතීතයේ පැවති කුල බේදය වර්ථමානයේ සමාජයෙන් මැකී යන කාලයක මෙවන් පුද්ගලයන් එම නීච කුල යන වචනයම ගෞරව නාමයක් මෙන් තම නමට ඈදෑ ගැනීමට පෙළබී ඇති බවක් පෙනෙන්නට තිබේ. තවද මොවුන් සියළුදෙනාම ඕනම කෙනෙකුට ගුප්ත බලය මගින් අභියෝග කර තමාගේ ගුප්ත ශක්තිය ප්‍රදර්ශණය කරන බවද පවසයි. සත් සමුදුරෙන් එහාටද තමාගේ බලපරාක්‍රමය බලපවත්වන බවත් පවසනු ලබයි. ඉතින් මොවුන් කොතෙක් පුරසාරම් බෑවද කවරෙකුවත් අභියෝග බාරගත් බවක් වත් ප්‍රසිද්දියේ තම බල පරාක්‍රමය පෙන්වූ බවක් වත් දක්නට නැත.

නිතරම චන්ද පරදින වැලේ වැල් නැතිව ඉන්න දේශපාලඥයින් ද මොවුන්ගෙන් සේවාවක් ගන්න බවක් පේන්න නැතිය. ඒ වගේම බලයේ සිටින අයට විරුද්ධ පක්ෂයට වඩා මෙම ගුප්ත කරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුවෙයි. මොකද මේ තරම් බල පරාක්‍රමයන් ඇත්තෙක් පාලක පක්ෂයට වශීයක් හෝ ගුරුකමක් මගින් නූල් පන්නා දෙහි කපා සිංහාසනාරූඩ වීමට ද බැරි කමක් නැති නිසාය. තවද මානූෂීය මෙහෙයුම කාලයේ ප්‍රභාකරන් ලොක්කා හොයන්න ජීවිත පරිත්‍යාගයෙන් වලි කෑ වේලේ අදුන බලන පොඩි හාමුදුරුවන් ලව්වා ෙලහෙසියෙන්ම ඒ ගොන් ඩෝලා සිටිය ඉසවුව බලාගන්න තිබුනේය. අවාසනාවකට යුධ හමුදාපති තුමා හෝ ආරක්ෂක ලේකම් තුමා අදුනෙන් බලන තාක්ෂණය ගැන නොදැන සිටින්න ඇති. ඒත් දැන් වුනත් කාලය තියේ. ඔන්න මේ ගුප්ත සාස්තරය ප්‍රගුණ කල ඇදුරුතුමන්ලාගෙන් කවුරු හරි ඉදිරිපත් වෙලා ලංකාවට කුඩුකේට්ටු කම් කරන හිලරි ‍දැරීවිව දැලේ දාගන්න සත් සමුදුරෙන් එහාට බලපවත්වන වශීයක් කලොත් ඔන්න නියම වැඩකාරයෙක් කියන්න පුළුවන්. හිලරි කිකිළීව දපනේ දා ගත්තොත් වැඩේ ගොඩේ ගොඩය. තවද ජිනීවා වැනි ජගත් සංවාද සංවිධාන ආමන්ත්‍රනය සදහා රාජ්‍ය අමාත්‍ය වරුන් යවනවා වෙනුවට වෙමැනි වශී ගුරුකම් ලා කෙල පැමිණිය අයෙක් හෝ කාන්ඩයක් යවන්නේ නම් මහත් ඵල මහත් ආනිසංස ලබා ගනු හැකි වෙනු ඇත. ඒ සදහා වැඩේ හරි ගිය පසු තැපෑලෙන් නොව ගෙදරටම ලක් වාසී සියළු දෙනාම පුද පඩුරු හා පූජා භාන්ඩ සපයා වී. ම්....ඒකෙන් කාරි නැහැ.

කවුරු නීච වුනත් කවුරු රොඩී වුනත් අපට කම් නැත. මනුසත් කම මිසක අපට කුල ප්‍රශ්නයක් නැත. නමුත් බෞද්ධයන්ගේ උත්තරීතර සංඝරත්නය රොඩීන්ගේ නීච කුලයන්ගේ රැකියාවන් කරන තැනට පත්වනු බලාසිටීය නොහැක. බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ වශී මන්ත්‍ර ‍ජප කිරීමෙන් නොවේ. දුගී ජනයාගේ සිත් සුවපත් කලේ දෙහි කැපීමෙන් නොවේ. තමාගේ පිහිට පතන ජනතාව සොයා ගියේ අදුනින් බලා නොවේ. ඒ වගේම ගිහිගෙයින් නික්මී සිවුර දෙවුර ලා පැවිදි දම් පුරන්න සාසනාරූඩ වන්නේ මුදල් හම්බ කිරීමට නොවේ. තමාගේත් හත්මුතු පරම්පරාවේත් ලෝවැසි ජනයාගේත් නිවන් අවබෝධය පිණිස දහම් අවබෝධය තකාය. නැතුව හැර ගිය පෙම්වතා ගෙනත් දෙන්නවත් රූබර ලදකගේ ඇසුර තව කෙකුට ලබා දෙන්නවත් නොවිකෙන ඉඩම් කාගේ හෝ ඇගේ ගසා දීමටවත් තම විරැද්ධ වාදියාට පාඩමක් උගන්වා උගේ ජීවිතය කාලකන්නි කිරීමක් කර දීමටවත් නොවේ. අදුන බලා සොරුන් අල්ලන්න දනීනම් ඔහු පැවිදි දිවියට නොව රහස් පොලීසියට අනියුක්ත විය යුතුය. එමගින් විශාල මුදල් සම්භාරයක් සොයාගැනීමට හැකිවාක් පමනක් නොව රටට විශාල සේවාවක් කිරීමටද අවස්ථාවක් ලැබේ. සිවුර දරා මෙවැනි ගුප්ත වැඩ කිරීමෙන් සාසනයටද අගෞරවයක් සිදු කරනු ලබයි. සංඝරත්නය මෙලෙස බාල බොළද වැඩ කිරී‍මෙන් වෙනත් ආගමිකයින් සිතාවී මෙයත් මේ බුදුන් දේශනාකල ධර්මයක් මැයෙන්. ඉතින් උත්තරීතර නිර්මල බුද්ධ දර්මයේ නිර්මලත්වයට කුමක් සිදු නොවේද? තවද මෙවැනි සංඝරත්නය සම්බන්ධ දැන්වීම් ප්‍රසිද්ධ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කිරීමෙහි වාරණයක් යොදන්න බැරිද? සාසනයේ විනය පාලනයට කුමක් සිදුවීද? මෙලෙස ඩෙගා නටන ස්වාමීන් වහන්සේලා කෙරෙහි විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට නායක ස්වාමීන් වහන්සේලා හෝ භික්ෂු විනය පාලක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් නොවන කාරනයක් වටහා ගනු ෙනාහැකිය.


2009/10/21

කරන්නන් වාලේ කරන්නට ගොස් ඇන ගත්තු Reality පෙරහැර

     වර්ථමානයේ රූපවාහිනී මාධ්‍යය ය තුල Reality Show නැතිවම බැරි අංගයක් වී ඇති තැනට කටයුතු සිදුවී ඇත. ඒ නිසා විය යුතුය එකෙක් පරයා තව එකෙක් අනෙකාට නොදෙවෙනි වන ලෙස Reality Show කරන්නට පෙළබී ඇත්තේ.


     ස්වකීය දේවල් ඉදිරිපත් කිරීමට තරම් ධෛර්යයෙන් මද සිරස කොහෙන් හෝ පිට රටකින් කුමක් හෝ කසල ගොඩක් උස්සාගෙන විත් අපේම දෙයක් මෙන් ඉතාමත් මනස්කෘත සැරසිලි මගින් ආවරනය කර දෙනෙත් හරහා අපගේ හිස් තුලට බ‍ලහත් කාරයෙන් ම ඔබ්බවනු ලබයි. අපිද ඒ සිරිකිතයන් තළු මර මර රසවිදින්නෙමු. එලෙස ගෙනා එක් වැඩසටහනකි Sirasa Super Star. එය කොතෙක් දුරකට ජනප්‍රිය වූයේද යත් දැන් හැම චැනල් එකකම කුමක් හෝ Star වැඩසටහනක් ඇත. ස්වාධීන රූපවාහිනිය , දෙරණ රූපවාහිනිය, ස්වර්ණවාහිය හා ජාතික රූපවාහිනියද මේ ආකාර අනුකාරක වැඩසටහන් ඉදිරිපත් කලාද කරමින්ද සිටී. නමුත් ඔවුන් කාහටවත් සිරස තරම් ලස්සනට මේවා පාර්සල් කිරීමට නොහැකි නිසාවෙන් තවමත් මෙහි අංක 1 ස්ථානය සිරස සරි කරගෙන ඇත. එහි විවාදයක් නැත.


     ස්වර්ණවාහිනිය තමන්ගේ බල පුළුවන් කාරකම රටටම පෙන්වන්න සතියේ එක දිනකට පමනක් සීමා නොවී සතියේ දින 5ක් පුරාවට නෙක නෙක Reality වැඩසටහන් ඉදිරිපත් කරන්නට යෙදුනි. ජයග්‍රාහකයන්ට අසීමිත වටිනාකම් වලින් යුත් තෑගි බෝග ඉදිරිපත් කරන ලදි. Loving star කියා ඉතාමත් ජරාකෘත වැඩසටහනක් ඉදිරිපත් කර ඇන ගත්තේය. Shadow Star, Siging Star, Comedy Star, Talant Star කියා නොයෙක් නම් වලින් ඉදිරිපත් කොට අපට රෑ අහසේ තරුවක් දැක්කත් මල පනින තරමටම Stars එපා කරවීය. Twinle twinkle little star සින්දුව ඇහුනත් දැන් යකා නගින්නේය. ඒ තරමටම ඒවා මෙලෝ රහක් නැති ගුනාත්මක බවින් මද (Low Quality) වැඩසටහන් ගොන්නකි. කෙටියෙන්ම කිවුවහොත් කරන්නන් වාලේ කල වැඩසටහන් මාලාවකි. තමන්ගේ වත්කම් හා ඇති හැකියාවන් පුරසාරම් දොඩන්න ඉදිරිපත් කල වැඩසටහන් මාලාවකි. එහි ගුනාත්මක බව කොතරම්ද පහත් ද කියා අවසන් මහා තරගයේදි මනාව විද්‍යාමාන විය.


     දක්ෂ වෘත්තීය නිවේදකයකු වන ලහිරු එදා නිවේදනය කරනවා වෙනුවට බෙරිහන් දී කෑ ගසා ඉල්ලාගෙන කෑවේය. වෘත්තීය නිලියක වන අනුෂා ලහිරුට වඩා කැපීපෙනෙන ඉදිරිපත් කිරීමක් කලේය. Siging Star වලින් අවසන් මහා තරගයට ඉදිරිපත් කල තිදෙනා නම් මේලෝම රහක් නැත. ඔවුන් අවසන් මහා තරගයට තේරීපත් වුනේ සැබැවින්ම SMS මගින්ද නැතහොත් සංවිධායක වරුන්ගේ ඕනෑ එපා කමකටදැයි අපි නොදනිමු. SMS මගින් තේරුන අයනම් මීට වඩා ආකර්ශනීය වුත් දක්ෂවූත් ගායනයක් එදා ඉදිරිපත් කල යුතුව තිබිණි. නමුත් එය එසේ නොවිනි. තවද වේදිකාව මත ශබ්ද පරිපාලන‍යෙහි (Sound Controling) කිසිදු වෘත්තීය බවක් නොදුටුවෙමු. එමගින් තරග කරුවන් තිදෙනාගේ හැකියාවන් තව දුරටත් පහත හෙලන ලදි.


     දෙරණ Dream Star සිරස Super Star යම් ගුනාත්මක බවක් රදවාගෙන මෙම Reality වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. සිරස තරුනයන් කැමරාව ඉදිරියේ ප්රාහසනයකට ලක් කලත් ‍නොකා නොබී බලා සිටීය හැකි ලෙසත් සවන් දිය හැකී ලෙසත් තම වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි. සිරස තරුනයන් කැමරාව ඉදිරියේ ප්‍රහසනයන්ට ලක් කිරීම ගැන වෙනම සාකච්චා කර යුතුව තිබේ. ඒ සදහා මෙම ලිපිය අවස්ථාවක් කර නොගනිමි. තවද දෙරණ Dream Star වැඩසටහන පලමු අදියරයට වඩා ගුනාත්මක බවකින් මේ වන විට සුමදුර ලෙස ගලා යන බවක් පෙනෙන්නට තිබේ. එහි ප්‍රහසනයන නැතිය. ශබ්ද පරිපාලන‍යෙන් ද ඉදිරිපත් කිරීමේ ගුනාත්මක බවින්ද ඉහල මට්ටමක පවත්වාගෙන යාමට සංවිධායකයන් උත්සහයක් ගන්නා බවක් පෙනෙන්ට තිබේ. එමගින් නවකයන්ගේ හැකියාවන් තව දුරටත් ත්‍රිවුර ‍කරනු ලබයි.කොපි කෙරුවත් එය හරියට කොපි කර ඉතා රසවක් වූත් ආකර්ශනීය වුත් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නම් මැනවිය. කරන්නන් වාලේ නොකර තියෙන දේත් නීරස නොකර වඩා හරවත් වූත් රසබර වූත් දෙයක් දෙන ලෙස අපි මෙම මාධ්‍යය ආයතනයන්ගෙන් ඉල්ලා සිටිමු.


     මේ සා විසාල මුදල් කන්දරාවක් වියදම් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන කාරනාවන් අපට හරි හැටි ධාරනය කරගනු බැරිය. නමුත් කිසිදු සුවිශේෂත්වයක් නැති මෙවන් තරග කරුවන්ට මේ සා විසාල මුදල් කන්දරාවක් වියදම් කරන වෙලේ අප වෙනුවෙන් මානුෂීය මෙහෙයුමේ අසීමිත කැප කිරීම් කල වීරෝදාර රණවිරු සහෝදර සහෝදරියන් වෙනුවෙන් යමක් කලානම් සැබැවින්ම ශ්‍රි ලාංකාවට අභිමාණයකි.

2009/10/14

ප්‍රවෘත්ති විකාශනයන්ගේ අදෝනාවන් තවත් ඉවසා සිටිමුද?

     රූපවාහිනී හා විත්‍රපට මගින් කාමුක රැල්ල කෙමෙන් කෙමෙන් දුරුවී යන සමයක වර්ථමානයේ නව ආරක රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවාදෝයි යම් සැක සංකාවක් මගේ සිතට කාන්දු වෙමින් පවතිනවා. සමහර විට ඔබටත් එය දැනිලා ඇති කියලා මම සිතනවා. ඒ තමයි අධි සංවේදි දර්ශන, හඩ පට හා සංගීත කොටස් ඇතුලත් රුප රාමු විකාශනය කිරීම.


     රූපවාහිනී නාලිකා තමන්ගේ වැඩසටහන් ජනතාව අතර ප්‍රචලිත කිරීම උදෙසා තම වැඩසටහන් නානාප්‍රාකාර අයුරින් ඉදිරිපත් කිරීමේ තරගයක යෙදී සිටීන අතර සිරස ආයතනය මගින් තරුවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුන තරුනියන් කැමරාව ඉදිරියට ගෙන්වා මුළු ලංකාවටම පේන්න ප්‍රහසනයට ලක්කර ඔවුන්ගේ චරිතය ඝාතනය කර SUPER STAR නම් තම වැඩසටහන ඉතාමත් ඉහල ජන ආකර්ෂණයක් නතු කරගත්තා. පසුව වෙනත් නාලිකාද ඒ අනුකාරක වැඩසටහන් ඉදිරිපත් කලා හා කරමින් සිටිනවා. මෙයද එක් ආකාරයක ජන ආකර්ෂණය ලබා ගැනීම උදෙසා ජනතාවගේ චරිත ඝාතනය කරන එක් වැඩසටහනකි. හිනා ඉනා නම් වැඩසටහන මගින් ද පදිකයින් මුලාකර සිනාසුනා. මා මෙය උදාහරණයක් විදිහට දැක්වූයේ එය ඉහලම ජන ආකර්ෂණයක් ලබා ගත් වැඩ සටහන් නියාවෙනි. නමුත් එය තම ස්ව කැමැත්තේන් ඉදිරිපත් වී ප්‍රහසනයට ලක් වීමක් නිසා ඒ ගැන වෙනම කථා කල යුතුව තිබේ. ප්‍රශ්නය මෙය නොව ප්‍රශ්නය වන්නේ රූපවාහිනි නාලිකා මගින් අධි සංවේදි දර්ශන ඇතුලත් රූප රාමු විකාශනය කිරීමට පෙලබීමක් ඇති වී තිබීම යි. විශේෂයෙන් ස්වර්ණවාහිණිය මගින් මෙම නව රැල්ල නිර්මාණය කිරීමෙහි ලා මූලික අඩිතාලම දමා තිබේ.


     යෙහෙලී වැඩසටහන මගින් හිංසනයට පත් වූ කාන්තාවන් ගැන කථා කරනවාය කියා එම නිවේදිකාව ද ඉකිබිද හඩයි. සංවේදි ප්‍රශ්න අසයි. එමගින් හිංසනයට පත් වු කාන්තාවද කදුළු සලයි. වැඩසටහන නරඹන සංවේදි හිත්තැත්තෝද කදුළු සලයි. පුද්ගලිකව හෝ උත්තර දිය නොහැකි ප්‍රශ්න අසන වෙලාවල් ද නැතුවා නොවේ. මෙය දෙනෝදාහක් එකට සිට නරඹන වැඩසටහන් ය. එම නිවේදිකාව එම කාන්තාවන් තමන්ගේ යෙහෙලියන් මෙන් තුරුලු කරගෙන මවු සෙනෙහය රැකවරණය දෙන සේ කථා කරයි. කොතෙක් දුරකට එය සැබෑ සෙනෙහසක් දැයි අපි නොදනිමු නමුත් මෙම ගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?


     තවද ස්වර්ණවාහිනී හා සිරස ප්‍රවෘත්ති මුලිකව අනෙකුත් ප්‍රවෘත්ති මගින්ද මෙවැනි රූප රාමු ඉදිරිපත් කරනු ලබයි. මෘත දේහ බදාගෙන හඩන දර්ශන, මියගිය අයගේ භාරකරුවන් විලාප තියන දර්ශන, දුක්ඛ සන්තාපය හේතුවෙන් සිහිවිකලෙන් කරන කියන දැ හා ඔවුන් ගෙන් ඒ මොහොතේ ලබාගන්නා වාග් ප්‍රකාශ වැනි දැ විකාශනය කිරීම මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයන් මගින් සිදුකරනු ලබයි. ඒ සන්තාප මොහොතේ ඔවුන් කරන කියන දැ කුමක්දැයි ඔවුන් නොදන්නවා විය හැකියි. මේ කැමරා කරන්නේ මුළු රටටම පෙන්වන්න දැයි ඔවුන් නොදන්නවා විය හැකියි. දැනගත්තත් ඒ සදහා එරෙහි වීමට හැකියාවක් ශක්තියක් මානසිකත්වයක් නැතුවා විය හැකියි.


     ඒ වගේම මෙවැනි පුද්ගලික දර්ශන විකාශනය කිරීමට ඔවුන්ගෙන් ඔවුන් අවසර ලබාගත යුතු නොවේද? එලෙස අවසර ලබා නොගන්නේ නම් එය බලහත්කාර කමක් නොවන්නේද? තවද ස්වර්ණවාහිනිය මගින් සමහරක් දර්ශන ඔවුන් ත්‍රිතමාණ සජීවීකරණය ද වීඩියෝ ප්‍රයෝග බාවිතයෙන් ද හා සජීවි ලෙස ද ප්‍රථිනිර්මාණය කර විකාශනය කරනු ලබයි. ඝාතනය කරනු ලබන දර්ශන වෙදනාබර හඩ කොටස් ස්ත්‍රී අපයෝජන වක්ක්‍රාකාර දර්ශන හා හඩ කොටස් හා එවැනි සංසිද්ධීන් ත්‍රීවුර කරන්නා වූ වාදනයන් මුසුකර විකාශනය කරනු ලබයි. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන සමාජ ප්‍රථික්‍රියාව කුමක් ද?


     මෙවන් දර්ශන නරඹන්නේ එකම ආකාරයක හිතැත්තෝ නොවේ. වැඩිහිටියන් නරඹනවා විය හැකියි, කුඩා ළමුන් හෘදයාබාද සහිත රෝගීන් අධි සංවේදි හිත් ඇත්තන් පමනක් නොව පවුලේ සියළු දෙනා එකට සිට නරඹනවා විය හැකියි. ඒ විතරක්ද ඒ අවස්ථාවට මුහුණ දුන් අය පමනක් නොව එවැනි අත්දැකීමකට මුහුන දුන් අයද නරඹනවා විය හැකියි. එමගින් ඒ අවස්ථාවට මුහුන දුන් අය ද ඒ පවුලේ සාමාජිකයන් හා නැදැ හිතවතුන් සමාජ‍ය ඉදිරියේ ලජ්ජාවට පත්නොවන්නේද? සමාජය ඉදිරියේ අපහසුතාවයන්ට පත්නොවන්නේද?


    මුළු දවස ති‍ස්සේ වෙහෙස මහන්සි වී හෙම්බත් වී සිටින අප ගෙදර රූපවාහිනය ඉදිරියට කිට්ටු වන්නේ දවසේ වෙහෙස මහන්සිය දුරුකර ගැනීමට හා රට ලෝකයේ අද දවසේ සිදුවුන දැ ගැන දැනීමක් ලබාගැනීමට හා රසාස්වාදයක් වින්දනයක් විද හිසේ පවතින්නාවු බර ගතිය අඩුකර සැහැල්ලු වීමට විනා මෙවැනි ඇඩියාවන් නරඹා තවත් බරක් හිසට දමා ගැනීමටද? මෙවැනි ප්‍රවෘත්තිද අප අසා දැන ගත යුතුය. ඒ අගේම එවන් තොරතුරු විකාශය කිරීමටද ජනමාධ්‍යහට අයිතිය හා හැකියාව තිබේ. නමුත් එම අයිතිය හා හැකියාව තම ආයතනයේ ප්‍රසිද්ධිය හා වැඩසටහනේ ජන ආකර්ෂණය උදෙසා භාවිතා නොකර යම් ශීලාචාර කමකින්ද ශිෂ්ඨ සම්පන්න කමකින් ද එමගින් එම අවස්ථාවන් හට මුහුණ දුන් හා සම්බන්ධ අයට අවැඩක් ලජ්ජාවක් අපහසුතාවක් ඇති නොවන අයුරින්ද ඉදිරිපත් කරන්නේ නම් මනා යැයි මගේ හැගීමයි. ඔබත් මේ පිළිබදව අවදියෙන් ද?


2009/10/01

පුද්ගලික විශ්වවිද්‍යාල ගැටුම

වර්ථමානයේ පුද්ගලික ෙෙවද්‍ය විද්‍යාල පිළිබදවත් පුද්ගලික උසස් අධ්යාධපන ආයතන නැතහොත් පුද්ගලික උපාධි ආයතන පිළිබදව කථාබහ කතිකාවතින් පරිභාහිරව ගුටිබැට හා ඝෘජු විරෝධතා දක්වා උඩුදුවලා තියෙනවා. මේ සදහා ප්‍රධාන විරෝධතා පාර්ශවය වන්නේ රජයේ විශ්ව විද්්‍යාල සිසුන්. ඔවුන් පවසන්නේ පුද්ගලික උපාධි ආයතන මගින් නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරණය වීමක් සිදුවන බවත් එමගින් අධ්‍යාපනයේ ගුනාත්මක භාවය කෙලෙසෙන බවත් ය. මේ පිළිබදව නොසැහෙන දේ කථා කල හැකිවුවත් පාඨකයන්ගේ කියවීමේ රුචිය තකා ඉතාමත් සාරාංශ ගතව කථා කිරීමට කැමැත්තෙමු.

පුද්ගලික විශ්වවිද්‍යාල යනු රජයේ මැදිහත් වීමකින් තොරව පුද්ගලික ආයතන මගින් උපාධි පිරිණමන ආයතන යැයි අප සිතමු. එවිට මෙහිදී මතුවන ගැටළුව වන්නේ කිසිදු අධ්‍යනයකින් තොරව උවද කෙනෙකුට මුදල් ගෙවීමෙන් උපාධියක් ලබාගැනීමට ඇති හැකියාව පිළිබදව පැන නගින සාධාරන සැකයි. මක් නිසාද යත් පුද්ගලික ආයතනයකට මුදල් හම්බ කිරීම මිසක් රටට වැඩදායි හෝ ගුණාත්මක පිරිපුන් උගත් උපාධිදාරියෙක් බිහි කිරීමට ඇති උවමනාව පිලිබදව ගැටළුවක් තිබීමයි.

එය එසේ නොවීය යුතුය. රටකට උපාධිදාරීන් වැඩිවීම රටේ දියුණවට ප්‍රධාන සාධකයකි. දොස්තර වරුන් වැඩිවීම ඉංජිනේරුවන් වැඩිවීම රටේ වාසනාවකි. රටට සම්පතකි. එය එසේ නම් මොනයම් ආයතනයකින් අධ්‍යනයකලත් එම උපාධාරීන්ගේ දැණු‍මේ හා හැකියාවන්ගේ සමාන කමක් තිබීය යුතුය. දැණු‍මේ හා හැකියාවන්ගේ වෙනසක් තිබීමට ඉඩක් නොතැබිය යුතුය. පුද්ගලික විශ්වවිද්‍යාලත් රජයේ විශ්වවිද්‍යාලත් අතර ගැටුමක් ඇති වනවානම් ඇති විය යුත්තේ මෙතැනය. නැතහෝත් තමන්ගේ වෘත්තීය අවස්ථාවන් නැතිවනවාය යන වක්‍රාකාර පටු ආකල්පයෙන් නොවීය යුතුය.

නමුත් ඉතාමත් සරළ ක්‍රියාවයාවක් මගින් මෙහි දී මතුවන ගැටළුව ඇති වීම වැලැක්වීය හැකිය.රජයේ විශ්වවිද්‍යාලයකින් වේවා පුද්ගලික විශ්වවිද්‍යාලකින් වේවා ස්වයං අධ්‍යනයකින් හෝ වේවා මේ කුමන ආකාරයකට ඒ උපාධි මට්ටම දක්වා ඉගෙන ගත්තත් ඔවුන් රජය මගින් පවත්වන්නා වූ ඒ ඒ උපාධියට අදාලව පොදු පරීක්ෂනයකින් නැතිනම් පොදු විභාගයක් මගින් සමාජයට මුදා හැරීමයි.එම පොදු පරීක්ෂණය මගින් ඔවු‍න්ගේ හැකියාවන් තීරණය කල යුතුය.එම පොදු පරීක්ෂනය සමත් වන්නා එම තනතුරට නුසුදුස්සෙක් යැයි එවිට තර්ක කිරීමට ඉඩක් නැත.පුද්ගලික විශ්වවිද්‍යාල නම් ක්‍රියාවලීය නවතනවා වෙනුවට මෙවැනි පොදු සමානාත්මතාවයෙන් ද රජයේ ඝෘජු මැදිහත් වීමෙන් හා විනිවිදශීලි ක්‍රියාවලීයක් මගින් එම උපාධිදාරීන් සමාජයට මුදා හරින්නේ නම් ගැටුමක් පැන නොනගින අතර රටට වැඩදායි උගතුන්ගේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි වනු ඇත.

2009/09/11

හිතන්න දෙයක් නැති නම් යාචකයන් ගැන හිතන්න

දරිද්‍රතාවයද, ආර්ථික අවපාතයද, රැකියා විරහිත භාවයද, කම්මැලි කමද, පහසු අපහසුකමද යනාදියෙන් නිශ්ශිත හේතුවක් හේතුවක් ‍හදුනාගත නොහැකි වූද දිනෙන් දින මගතොටේ හමුවෙන යාචක පුද්ගලයන් ගේ වැඩිවීමක් මිස අඩුවීමක් පෙනන්නට නොමැති නියාවෙන්ද එහි සිතන්නට යමක් මා සතුවිය.

නානාවිද යාචකයන් නානාවිද රංගනයන්ගේ යෙදෙන අතර සාම්ප්‍රධායික කවි ගී විරිදු ආදි දුක් අදෝනා පරයමින් වර්තමානයේ කාලයාත් සමග නවීකරණය වූ රංගන විලාසයන් දැක ගත හැකි වන්නේය. ඒ අතරින් මගතොට බහුලව දැකීය හැකි රංගනයන් කිහිපයක් පහත ආකාරයට දැක්විය හැකිය.
  • · අත දරුවන් රංගන උපකාරයන් බවට පත් කර ගැනීම.
    · ආලෝක සංඥා පද්ධති අසල වාහන තදබදය ප්‍රයෝජනයට ගැනීම.
    · තම දරුවන් ගේ අසනීප තත්වයන් හා රෝග වාර්ථාවන් ඉදිරිපත් කිරීම.
    · අත් පත්‍රිකා බෙදා දීම.
    · මනා ලෙස හැද පැළද ගත් වැදගත් පුද්ගලයකු ලෙස හැසිරීම.

ඉහත සදහන් කල හා නොකල කුමනාකාරයට පැමිණියත් මෑත කාලයේ දක්නට හැකි වීශේෂිතම ලක්ෂණය නම් ඉතාමත් මනබදනා හා ලගන්නා ආකාරයට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් හා රංගනයන් ඉදිරිපත් කිරීමය. “හිගන්නන්ගේ මොන ලගන්නාවක්ද” කියා කෙනෙකුට තර්ක කල හැකිය. එය නිවැරදි තර්කයක් වීමට පුළුවන නමුත් මා මෙහිදී පහදන්න උත්සහ ගන්නේ ඉතාමත් රළු පරළු මනුස්සයකුගේ උවද හද පැහැර ගන්නා සුළු ආකාරයෙ රංගනයන්ගේ යෙදීමට ඔවුන් සමර්ථකම් පානා බවය.

ඉතාමත් රළු පරළු මනුස්සයකුගේ දර දඩු ගල් හිතක් උවද චීස් බටර් මෙන් උණුකර දියකර ඔවුන්ගෙන් පවා ගානක් කඩා ගන්නා ආකාරයට ද සත්‍ය අසත්‍ය වංචාව ප්‍රෝඩාව කවරක් හෝ වේවා ඉතාමත් අධි තාත්විකව ඒ ඒ භාවයන් ඉදිරිපත් කිරීමට වර්ථමාන යාචකයා තමාගේ ප්‍රාසාංගික හැකියාවන් පෝෂණය කරගෙන සිටී. එය සුපර් ස්ටාර්ස්ලා තෝරන වැඩසටහන් නැරබීමෙන් උකහා ගත් ප්‍රාසාංගික හැකියාවන් දැයි අපි නොදනිමු. ඒ කෙ‍සේමුත් ඒ ඉදිරිපත් කිරීම් හමුවේ අසරණ වන අප අපගේ අත රැදි කාසි කිහිපයක් හෝ නෝට්ටුවක් දික් කිරීමට තරම් පපු නැත්තෝ නොවෙත්. මෙසේ මුදල් ලබා දීමේන් අප ඔහුගේ වංචාවකට අහුවුනාය කියන් මතයේ නොපිහිටා මෙවන් අවස්ථාවක් හෝ සැගවී සිටි මනුසත් ධර්මය අවදි වූවා නේද යන මතයේ පිහිටන්නේ නම් යහපති.

එනමුත් මෙහි කාහටත් මතුපිටින් පෙනෙන පවු පින් වලට වඩා නොපෙ‍නෙන තව පවක් පිනක් හෝ හොද නරකක් සැගව තිබේ. ඒ නම් අප ඉදිරියට අතපාමින් එන ඔවුන්ට අප සැලකිය යුත්තේ ඔවුන් නැතිබැරි කම් නිසාවෙන් සොරකම් නොකරන නිසාය, මැරකම් නොකරන නිසාය, මාල වලලු කරාබු කඩා නොගන්නා නිසාය, පික් පොකට් නොගසන නිසාය. ගණිකා වෘත්තියේ නොයෙදෙන නිසාය. අනාචාරයේ නොහැසිරෙන නිසාය.

එනමුත් එසේ අපට අතපාන කාහාටත් සැලකිය යුතුද? එක අතක් කැඩුනට එක කකුලක් අහිමි උනාට ශරීර ආබාධයක් නිසාවෙන් හෝ අසනීප තත්වයක් නිසාවෙන් ඔහුට වැඩක් පලක් කර ගැනීමට හැකියාවක් නැද්ද? තම ස්වාමියා තමාව හා තම කිරි දරුවන් අතහැර ගිය කාන්තාවන්ට අතපානවා හැර වෙන විකල්පයක් නැද්ද? ඔවුන්ට කරගත හැකි හා ගැලපෙන කිසිදු රැකියාවක් නැද්ද? රැකියා තිබුනත් අවස්ථාවක් නැද්ද? වෘත්තීය සුදුසු කම් තියෙන අයවලුත් රැකියා ප්‍රශ්නෙක සිටින වකවානුවක ආබාද වූවෙකුට අසනීප වූවෙකුට රැකියා අවස්ථාවක් ලැබෙයිද? තම දරැවන් රැකබලා ගනිමින් රැකියාවක නිරත විය හැකිද? ස්වයං රැකියාවක් කරන්න බැරිද? ස්වයං රැකියාවක් කරන්න තරම් ප්‍රාග්ධනයක් නැද්ද? ස්වයං රැකියාවක් කරන්න දන්නේ නැද්ද? ස්වයං රැකියාවක් හෝ රැකියාවක් කරන්න උනන්දුවක් නැද්ද? රැකියාවක් ලැබුනත් එමගින් ලැබෙන වේතනය ඔහුටත් ඔහුගේ රැකවළුන් පෝෂණය කරන්ටත් ඔහුගේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගැනීමටත් තරම් එය ප්‍රමාණවත්ද? රැකියාවක් කරනවාට වඩා වැඩිපුර හම්බ කරන්න පුළුවන්ද? නමුත් එ වැනි කිසිදු නොහැකියාවක් නොමැති කෙනෙකුට අප අත රැදි රුපියල හෝ දිය යුතුද? එවැනි කෙනෙක් හදුනා ගන්නේ කොහොමද? කාට උනත් දුන්දේ සුවදයි නේද?

යාචකයකුට රුපියලක් දීමේන් අපි ඔහුව යාචක වෘත්තීයට පෙලබවීමක් ඇති කලා නේද? එයින් රටට වැඩක් කල හැකි අයකුගේ ඇග අතපය බැද දැමීමට සහයෝගයක් දුන්නා වෙනවා නේද? ළමයින් රැගෙන පැමිණෙන අයට සැලකීමෙන් අපි ඒ ළමයින්ගේ ළමාකාලය සොරාගැනීමට සහයෝගයක් දුන්නා නේද? ඒ ළමයින්ව කුඩා කාලයේ සිටම යාචක වෘත්තියට මාර්ගෝපදේශයක් ලබාදීමට සහයෝගයක් ලබා දුන්නා නේද? රටට තවත් එක් කාලකණ්නියෙක් එකතු කිරීමට සම්මාදමක් කලා වෙනවා නේද? යාචක මව්වරුන් අතරැදි දරුවන් නිතරම නිදි ඒ ඔවුන්ට මත් ද්‍රව්‍ය ශරීර ගතකර ඇති නිසා බව ඔබ දන්නවාද? එහෙනම් අප, කිරිකැටියෙක් රෝගියෙක් කරන්ට සහයෝගයක් ලබා දුන්නා නේද? අපි රෝගියෙකුට බෙහෙතක් ගන්න පුංවි සහයෝගයක් දුන්නා නේද? අසරණ අම්මෙකුට තම දරුවන් රැක ගන්න උදව්වක් කළා වෙනවා නේද? අසරණයෙකුගේ පවුලක් නඩත්තු කරන්න, උන්ගේ බඩට බත් ඇටයක් දාන්න උදවුවක් කළා වෙනවා නේද?

සමහර විට ඔවුන් යාචක වෘත්තියට පිවිසෙන්න ඇත්තේ වෙන කිසිම විකල්පයක් නොමැති තැන වෙන්ට ඇති නේද? මානසික ආතතියකට ලක්වෙලා උපරිම වුන තැන සිය දිවි නසා ගැනීමට වඩා හිගා කෑම ප්‍රඥා ගෝචරයැයි සිතු නිසා වෙන්ට නේද? ගණිකා වෘත්තියේ යෙදෙනවාට වඩා හිගා කෑම ‍ගෞරවාන්විත යැයි සිතු නිසා වෙන්ට ඇති නේද? හොරකම් කරන්ට මැරකම් කරන්ට බය නිසා වෙන්ට ඇති නේද? එසේ නම්,

යාචකයකුට රුපියලක් නොදීමේන් හෙට තවත් එක් සිය දිවි නසා ගැනීමක් වාර්තා වෙයි නේද? ලබන අවුරුද්දේ තවත් බන්ධනාගාරයක් මේ පොළව මත ගොඩනැගෙයි නේද? අන්ධකාරයේ වීදි බසින ලදුන් අතරට අද හැන්දෑවට තවත් එක් කාන්තාවක් එකතු නොවේයි කියලා කියන්ට පුළුවන්ද?

ඔබට වෙන කල්පනා කරන්ට දෙයක් ඇත්තේම නැතිනම් හා කාලය වැඩිපුර ඇතිනම් ඔබට කාල වේලා ඇති හැකි පමනින් එවැනි එකකට එකක් පටහැනි මාතෘකා දහසකුත් එකක් ඔස්සේ කැමති මාතෘකාවක් තෝරාගෙන ඇති හැකි තරමක් කල්පනා කිරීමට කිසිදු තහනමක් නැත.

2009/09/10

සනත් ජයසුරිය

කොර ගසමින් සිටි ශ්‍රි ලංකා කන්ඩායම ඊයෙ යන්තමට ගොඩ ගියෙ සුපුරුදු පරිදි ප්‍රධාන පෙලේ පිති කරුවන් සියලු දෙනා නැවතත් ඉතාමත් අසාර්ථක වෙමිනි. ඩිල්ශාන්, සනත්, මහේල, සංගා ඉතමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දි තිලන් සමරවීර හා නවක ක්‍රීඩක ඇන්ජෙලො මෙතිවුස් කන්ඩායම යම් මානයකට ගෙන අවෙය.