2010/09/29

කල්පයක් තව බලාන ඉන්නම්












මුතු කදුලක් නෙතු යුග සරසන්නට
දෙබඩි සිතක් නැත නුඹ හද රිද්දන
සමාධියේ හැර නොමැත නුඹ මට
සමාධියක් වුන වෙන
රුවක් කොතැනක

අප හමුවේ දෙගුරුන් අනසක නම්
ඉවසමු නිදහස දිනක ලැබේ නම්
සුන්දර ප්‍රේමේක අකුලක් නැති නම්
මිහිරක් නොරැදේ සිනහා වේ ම නම්
කදුළු කථාවේ තව දුර එන්නම්
නෙතග කදුළු පිස ලන්නට දේ නම්
සිතපාමුල නුබේ සැමදා මා නම්
කල්පයක් තව බලාන ඉන්නම්


2010/09/26

ඔබේ විවාහයත් ගන්න ඉන්නේ අනුන්ගේ සල්ලි වලින් ද?

නැවත පලකිරීමකි

මේකත් මේ මගුල් කථාවක්ම තමා. මතකනේ මගුලයි කුකුලයි ගැන සහෘදයා පෙර දිනයක කථා කලා. ඒක කියවපු නැති ඈයන්ට ඔය තියෙන්නේ පහලින්. එතන නැතිනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ. ඒ කථාව අන්තිමට වෙන පැත්තකටනේ ගියේ. ඒකෙන් කමක් නැ. කියන්න තියෙන ටික කිවුවනේ කාට කාටත්. මේකත් මේ ඒ වගේම සීන් එකක් තමයි. මේක මේ කාටවත් මඩ ගහන්නවත් ආසන්න සිදුවීමක් හෝ මූලිකව කරගෙනවත් ලියන ලද්දක් එහෙම නොවන බවත් කරුණාවෙන් සලකත්වා. මේවා ගැන ලියන්කොට A4 පිටු 3 4ක් ලියන් අදහස් ආවත් කියවන්නන්ගේ රුචිය තකා ඉතාම කෙටියෙන් ලියන්න උත්සහ ගන්නත් ඕන. නිකම්ම නිකන් වස කම්මැළියේ කල්පනා කර කර ඉන්නකොට හිතෙන දේවල්. මේකට නම් මට කට්ටිය අතින් පයිනුත් ගහයිද මන්ද. ඒත් ඉතින් මක්කක් කොරන්ටද හිතන්න තහන්චි නැතිමුත් ලියන්න තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරභයා සගවාගෙන සිටිම්ද?

මගුලක් ගන්නවා කියන එකත් දැන් කාලේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවැයැ. ඉතින් සෑහෙන වියදමක් කරන්න සිද්ද වෙනවා. ඉස්සර නම් වෙලා තියෙන්නේ ලගම නෑයෝ නොනෑයෝ ටික එකතුවෙලා ගෙදරම කෑම බීම ටිකක් හදාගෙන ගෙදරම ඉතාම සරළව ඔය කාරිය අහවර කරන එක. ඉතින් ඕකට ඒතරම් වියදමක් නැහැනේ. ඒකට දැන්. දැන් කොරන මගුල් ගැන ඉතින් අළුතින් කියන්න දෙයක් නැහැ නොවැ කවුරු කවුරුත් දන්නවා නේ කාරිය. මුළු ලෝකෙටම පේන්න ගන්නත් ඕන ඒ‍ උනාට පොකට් එකත් හිස්. ඒත් ඉතින් ලෝකය හොල්ලන මගුලක් නොඅරන් කෝමද?

ඒකට දැන් හොයාගෙන තියෙන සාර්ථකම ක්‍රමය අනුන්ගේ සල්ලි වලින් මගුල් කෑම. ඒ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් මගුල් කනවාය කියන එක. තවත් සරළව කිවුවොත් කාටවත් ණයත් නොවී තියෙන සබ්බසකල මනාව වියදම් කරගන්නෙත් නැතිව ඉතාම ඉහල මගුලක් අරගෙන ඒ උත්සවයට පැමිණෙන්නන්ගෙන් අර උත්සවයේ වියදම පියවා ගැනීම. හරියට ඇතුල් වීම නොමිලේ පිටවීමට ගාස්තු අයකෙරේ ව‍ගේ සීන් එකක් නේ මේක. ඒකනේ පිටවෙන දොර ගාව ලියුම් කවර බන්දේසි එහෙමත් තියලා තියෙන්නේ සමහර මගුල් ගෙවල් වල. අනේ මන්ද අර මොකද්ද කාලේ වනේ වාසේ කිවුවා වගේ. දැන් ඉතින් ඒ උත්සව වලට යන ඇයොත් අත් දෙක හොල්ල හොල්ල ගිහිල්ලා දෙන දේ කාලා නැති දේවල් වලට හිතින් බැන බැන තියෙන බ්‍රැන්ඩ් එක බීලා නැති බ්‍රැන්ඩ් වලට පච හල හල ඉවර වෙලා අන්තිමේදි කෙල සොටු දාදිය පිටින්ම දෙන්නටම උම්මා එකත් දීලා නම ලියපු ලියුම් කවරයක් දිග් කරලා හායි බායි කියලා තුහ් නොදකින් ගියායින් ගියේ නැහැ මෙහෙමත් මගුලක් දුන්න ගානටත් පාඩුයි කිය කිය හිතින් බැන බැන ගෙදර එනවා. ඇත්ත තිත්ත වුනාට වර්ථමානයේ බහුතරයක් මගුල් උත්සව වල සාමාන්‍ය සමස්ත ක්‍රියාවලීය ඕක තමා.

සමාන්‍යයෙන් නම් දෙදෙනෙකු විවාහ වන්නේ ජීවිතේ එකපාරනේ දැන් ඒක අසාමාන්‍ය වේගෙන ගියත්. ඉතින් ඒ ජිවිතේට ලැබෙන එකම එක අවස්ථාව ඉහලින්ම සමරන එක එයාලගේ සතුටනේ. ඉතින් ඒ සතුට බෙදාගන්න විසිරිලා ඉන්න නෑයෝ නොනෑයෝ ලගම හිතමිත්‍රාදීන් එක්කාසු කරගන්න එකේ වරදක් නැහැ නේ. ඉතින් ඒ සතුට බෙදා හදාගන්න ආව අයව පිළිගන්න කෑම බීම සංග්‍රහ සත්කාරත් තියෙන්න එපැයැ. ඒ වගේම එන ඇයොත් තමන්ගේ සතුට සුබ පැතුම නව යුවලට එක්කරන්න තෑගීබෝග එහෙම අරන් එන එකත් අරුමයක් නො‍වෙයිනේ. ඒත් ඉතින් අළුත් විෂම සමාජයේ තෑගි බෝග උස්සගෙන යනවට වඩා මුදල් ත්‍යාගයන් ලබාදෙන එක ප්‍රායෝගිකයි. මොකද එකම ත්‍යාගය කීප දෙනෙක් ගේන්නත් පුළුවන් නැතිනම් ඒ ත්‍යාගය ඒ දෙන්නට මෙලෝ රහක් නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එම භාන්ඩයේ අගයට වඩා එම භාන්ඩයට ගෙවන මූල්‍ය අගය වැඩි විය හැකි නිසා භාන්ඩමය ත්‍යාගයකට වඩා මූල්‍යමය ත්‍යාගයන් ලබාදීම වඩාත් ප්‍රායෝගිකයි. එවිට එම එක්කාසු වන්නා වූ මුදල් වලින් නව යුවලට තමන්ගේ අභිමතයන් මිළදී ගත හැකිය.

නමුත් එම උත්සව අවස්ථාවට සහභාගි වන්නන්ට ආරාධනා කරන්නේ තෑගි බෝග හෝ මූල්‍යමය වටිනාකමක් බලාපොරොත්තුවෙන් නම් හෝ හිත් කොනක එවන් ප්‍රාර්ථනාවක් සගවාගෙන නම් එය කොතරම් අග්ශිල දෙයක්ද? ඒ වගේම එම අවස්ථාවට සහභාගි වන්නන් සහභාගි වන්නේ එම යුවලට හදවතින්ම සුබ පතන්න නම් ඉතා ඉහල රස මසවුලු හෝ සංග්‍රහ සත්කාර බලාපොරොත්තු වීමේ තේරුම මොකද්ද? අපි අපේ හදවතේ ප්‍රිතිය සැබෑ ලෙසම බෙදා හදා ගන්න නම් කෙනෙකුට ආරාධනා කලේ ඔහුගෙන් හෝ ඇයගෙන් ත්‍යාගයක් බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම අපි එම අවස්ථාවට සහභාගි වන්නේ සැබෑ ලෙසම ඔවුන්ට සුබපතන්න නම් ඉහල සංග්‍රාහ සත්කාර බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම එම ආරාධිතයින්ට සංග්‍රාහ සත්කාර කිරීම ආරාධකයින්ගේ වගකීමකි. එලෙසම ආරාධිතයින් ත්‍යාගයක් ලබාදීම යුතුකමකටත් වඩා සිත්තොසක් විය යුතුය.

වර්ථමාන විෂම සංකීර්ණ සමාජය තුල ඇති මූල්‍ය භංගත්වය හේතුවෙන් මාසෙකට උත්සව අවස්ථා කිහිපයක් සදහා කෙනෙකුට ආරාධනා ලැබුන හෝත් එම පුද්ගලයා මුහුණ පාන ආර්ථිකමය ද සමාජීයමය ද හා මානසික ප්‍රශ්ණය ගැන ඕනැම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වටහා ගැනීමට අපහසු නැත. ඉතින් එවැනි සමාජ ආර්ථික වටපිටාවක් තුළ අප අපගේ විවාහ උත්සවයට ආරාධනා කරන්නනගෙන් සෑබෑ සුබ පැතුමක් බලාපොරොත්තු විය හැකිද? ඉතින් ඒ ගැන සිතා අප එවන් උත්සව අවස්ථාවකට සහභාගි කරගන්නන්ගෙන් යමක් බලාපොරොත්තු වීම සුබ නැහැ නේද? අපට පුළුවන් නම් අපේ ආර්ථික හැකියාවට ගැලපෙන අයුරින් ඉතාම සමීපතම ළබැදියන් විතරක් රැස් කර ඉතාම චාම්ව සංග්‍රාහසත්කාරයන් කරවා වගේම ඔවුන්ගෙන් ත්‍යාගයන් නොගෙන ඔවුන්ව සතුටින් විසුරුවා හරින්න හැකිනම් කොයිතරම් සැහැල්ලුවක් සතුටක් ඇති නොවෙයිද? “එතකොට සහෘදයා කියන්නේ එයාල ගේන ත්‍යාගයන් භාරගන්නේ නැතිව එයාලටම අරගෙන යන්න කියලද? එතකොට එයාල තරහා වෙයිනේ. අපෝ මෙයාලගේ ලොකුකම කියලා හිතයිනේ.” ඒකනේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නය? හ්ම්.......ඒකට මෙහෙම කරමු ඔය වෙඩින් කාර්ඩ් එක තියෙනවනේ ඒ කියන්නේ invitation එක අන්න ඒකේ යටින් ලියමු මෙන්න මෙහෙම

“ඔබගේ පැමිණීම ඉතාම අනිවාර්යෙන් බලාපොරත්තු වන අතර මුදල් හෝ ත්‍යාගයන් රැගෙන නොඑන ලෙස ඉතාම කාරුණිකව දන්වා සිටිමු.”

ඒක නිකන් අවුල් අවුල් වගේ නම් ඊටත් වඩා සුමටව හරි වාචිකව හරි අපි ආරාධනා කරන්නන්ව දැණුවත් කරමු. මේක මේ මහ ලොකුකමක් කියලා ‍සිතන්න ඕන නැහැ මොකද අපි හද පත්ලෙන්ම යහපත් චේතනාවකින් කරන නිසා අන් අයත් ඒ පිළිබදව අහිතකින් සිතන එකක් නැහැ.

ඒ වගේම මේ ලිපිය නිකන් ඇගිලි කහනවට කම්මැලිකමට ලියුව එකක්ය කියලා අහක දැම්මත් අවුලක් නැහැ. මමත් නිකන්ම නිකන් කම්මැලිවට අගිලි කහනවට තමා ලියුවේ. හැබැයි සහෘදයා මේ වගේ අවස්ථාවකට අනාගතයේ දවසක මුහුණ දෙනවනම් මේවා ඒ අයුරින්ම සිදු වේවි. ඉතින් එදාට මේ බ්ලොග් එක සාක්ෂියක් වෙයි . ඒ කොහොම උනත් මේක ගැන ඔයාලගේ අදහසුත් මට සැහෙන්න වටිනවා. සහෘදයාගේ පැතුම කෝම කෝම හරි ඔබේ විවාහයට සැබෑම සුබ පැතුමක් වේවා.


2010/09/23

සැනසෙමි සුවදින් ශ්‍රී ලංකා



කදුකර රෑසිරි හැලෙනා දිය ඇලි
ඇති ගම් මවු රට ශ්‍රී ලංකා
ගහකොල ඵල බර සීතල මද නල
ඇති ගම් මවු රට ශ්‍රී ලංකා

පියඹා ගොස් දුර සමුදුරු ඈතට
මවු අතහැර මගේ ශ්‍රී ලංකා
නුඹ තුරුලේ මිස නින්දක් කෝ මට
නෙතු ඉල්ලයි මගේ ශ්‍රී ලංකා

කය පිට රටකය සිත නුඹ ලගමය
සැනසෙමි සුවදින් ශ්‍රී ලංකා
පිම්මේ පැමිණෙමි තුරුලේ සැනසෙමි
බදාන රන් බිම ශ්‍රී ලංකා

2010/09/13

නුඹ වගේම ලස්සන නුබේ ගෙත්තම මා සතු



මල් මසාපු කොට්ට උරය නුබ මට දුන්නු
හිස තියාන සිහි කෙරුවා නුබේ රූ සොදුරු
නුඹයි කියා නුබේ දෑත එක්කහු කරපු
මල් පොකුරම සිප ගත්තා නුඹ මෙන් සිනිදු


සමන් පිච්ච මල් මෙන් හැඩ චූටි චූටි පෙතී
නෙක නෙක පාටින් හැඩවී හීනි හීනි කෙමි
ලස්සන සමනලයෙක් වසාලා ඒ මල් මත හිදී
ගෙත්තමක්ද සිත්තමක්ද සිතා ගනු බැරී


අඩුවක් නෑ සුවද නැතැයි මේ මල් සොදුරූ
කොපමන බැලුවත් ඇති නෑ පාටින් ප්‍රියකරූ
නුඹ වගේම ලස්සන නුබේ ගෙත්තම මා සතු
නොමැකෙන සිහි වටනයකී දිවියට එක් වුනු