2011/09/17

කාලෙකට පසු ආලේ මෝරා

මං ලගට වෙලා බොලද කථා
කියාපු කෙල්ලේ
දැන් නැහැනේ ඇයි නැත්තේ
ඔයාගේ සද්දේ‍


යන්න අනේ චාටු කථා
කියාන එන්නේ
මම දන්නවා පොල් පැලේට
කියලා එන්නේ


ඇයි අම්මේ මගේ මැණිකේ
ඔහොම කියාන්නේ
චුට්ටක් හරි ඔයිට වඩා
දෙන්නකෝ ආලේ


කැරකි කැරකි මගේ වටේම
වගේනේනේ පූසා
මොකද මන්ද කාලෙකට පසු
ආලේ මෝරා


පුන් සද වන් මගෙ මැනිකේ
ගමටම සිරියා
රෑසිරි නුබේ තාමත් නැත
ගිහින්නේ මැකිලා


මගෙ අම්මේ මෙහෙමත් බොරු
ගොතනා මිනිහා
මේච්චර කල් රෑ සිරැ මගේ
නොකීවු කොටියා


සූකිරි කැටේ වගේ තාම
පාසල් කාලේ
මතක් වෙනවා නියර දිගේ
ආගිය තාලේ


හොර නරියා මග රැකලා
ලීලේ පාලා
සීල් බිදලා දොරගුල් හැර
ආවා පෝදා