2016/09/19

අරාබියේ

දවස් හයයි සතියකට
සිකුරාදත් වැඩ බොහෝවිට
කුබුස් දෙකයි ප්ලේන්ටියයි වේලකට
නිර්දෝශී සිරකරුවෝ
බරපතල වැඩ සහිත

කොල පාටට තන පිටිය
                හැදුවේ දාදිය ඉහලා               
කලුපාටට රත් වැල්ලේ
කරවල වෙන තරමට ඉදලා
කටෝර දූවිල්ලෙන්
පෙනහලු මලු පුරවාලා
කොල දෙකකට පන්සීයේ
ජීවිතයම කැපකරලා

2016/09/18

අරාබියේ

ලොකු තරප්පු බුමුතුරුණූ 
රත්තරන් සෙරෙප්පු
සුදු ලෝගු කලු කසපටි
රවුල් වවපු මිනිස්සු
උස් කුලුනු දිය බුබුලු කෘතීම ගස් 
නොයන සියොත්හු
සිතුවම් ඇස් පාට දෙතොල් 
ආලේපන උලාපු ලන්දු

2016/08/07

(ප)ජාති වාදියා

උබට හුරු උබෙ යක්ෂයා
මට හොදයි මගෙ පක්ෂියා
සාමයට ලැදි පරවියා
උබද මමද ()ජාති වාදියා

 පහරව පහරව මල් ආසනේ

පාරව පාරව කකියන ලෙයේ
ආලය​ සාරව ඇති ළයේ
හොය​න
උබද මමද ()ජාති වාදියා 

පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙ

බක්තියක් නැතත් මර බියෙන් උබේ
රකින්ට මඩින්ට හදන්ට ජාතකේ
හොය​න
උබද මමද ()ජාති වාදියා