2016/09/19

අරාබියේ

දවස් හයයි සතියකට
සිකුරාදත් වැඩ බොහෝවිට
කුබුස් දෙකයි ප්ලේන්ටියයි වේලකට
නිර්දෝශී සිරකරුවෝ
බරපතල වැඩ සහිත

කොල පාටට තන පිටිය
                හැදුවේ දාදිය ඉහලා               
කලුපාටට රත් වැල්ලේ
කරවල වෙන තරමට ඉදලා
කටෝර දූවිල්ලෙන්
පෙනහලු මලු පුරවාලා
කොල දෙකකට පන්සීයේ
ජීවිතයම කැපකරලා

1 comment:

  1. මගේ යාළුවෙක් ඉන්නවා අරාබියේ හිටපු එයා කියන්නෙත් ඔය කතාවමයි.

    ReplyDelete

ඇත්තම කියන්න