2010/04/29

අත් අකුරින් නුඹ ලියු ලිපියේ

තාමත් මගෙ සිතිවිලි අතරේ
මතකය මතක් කර කර ඉන්නේ
කෝම අමතක වේවිද ලදුනේ
නුඹේ දේවල් තවම මගේ හදේ


හද පාරයි නිදි මුත් යහනේ
නිදි උනාට සිතිවිලි නොනිදේ
හීනෙන් විත් මට වද දෙන්නේ
මා කල පව මටවත් නොහැගේ


අත් අකුරින් නුඹ ලියු ලිපියේ
සෙනෙහස ළය දිය කර ගැලුවේ
මියුලැසියේ අන්තිම කවියේ
තේරුම නැහැ තවම තේරුනේ

2010/04/28

කවි මඩුවේ වියාපෘතිය

ඩන් ...ඩන්...ඩන් අසවූ අසවූ

සකල ශ්‍රී ලාංකීය බ්ලොග් වාසි කවීශ්වර ජනයා වෙත කරන දැනුම් දීමයි. මේ.....

කවි මඩුවේ වියාපෘතිය දැනට සැලසුම් කර නිම අතර කවි මඩුව සැදීමට අවැසි ටකරන් , දැව දඩු හා මෙවලම් මේ වන විට අප කවි මඩුවේ කාරක සබිකයන් එකතු වී එක්කාසු කරමින් සිටි. තමන්ගේ රැකියාවත් බේරාගෙන මේ මඩුව සැදිය යුතු හෙයින් මඩුවේ කවි වාද ආරම්බ කිරීමට ටික දොහක් ගත වන බව සියලු කවි හිතකාමීන් කරුණාවෙන් සලකත්වා. ඒ වගේම හැකි පමණ ඉහලට තමන්ගේ දැත් ඔසවා කවි මඩු යෝජනාව පිළිගත් කවි හිතකාමී ඔබට අප කාරක සබාවේ ස්තුතිය. එමෙන්ම කවි මඩුවට එක් කිරීම සදහා ඔබ සන්තකයේ යම් අදහස් හා යෝජනා වේනම් කරුණාකර එවන් ආධාර අප හට ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ඩන් ...ඩන්...ඩන්

2010/04/22

බ්ලොග් අවකාශයේ සැරි සරන කවියන්ට කරන සුහද ආරාධනාවයි මෙ...

ඉස්සර කාලෙ ඔය ගම්වල කවීන් එකතුවෙලා පොඩි පොඩි කවි මඩු දාගෙන පොඩි පොඩි ෆන් ගත්තා කියල මම අහල තියෙනවා. ඉස්සර ස්වාධීන රුපවහිනියෙත් හිටිවන කවි මඩුවක් තිබුනා කට්ටියට මතක ඇති. ඉතින් මටත් හිතුන අපේ බ්ලොග් අවකාශය තුලත් මෙ වගෙ දෙයක් කරන්න බැරිද කියලා. මොකද අපෙ බ්ලොග් අවකාශය තුල කවි ලියන අය සැහෙන ප්‍රමානයක් ඉන්න නිසා.ඉතින් තනි තනිවම ලියලා තනි තනිවම ඉන්නවට වැඩිය පොඩි වෙනසකටත් එක්ක නරකද මෙ වගෙ වැඩක් පටන් ගත්තොත්.

රන්ඩු වෙන්න යහලු වෙන්න කවීත්වය දියුණු කරගන්න එ වගේම විනෝද වෙන්න කැමති අය ඉන්නවා නම් අපි එකතුවෙලා පොඩි කවි මඩුවක් දාමු..හරි ඉතින් කවි මඩුවක් දාන්න එක්කෙනෙකුට බැහැනේ.. සෙනග ඉන්න එපැයි..අඩුම ගානෙ චියර් එක දෙන්නවත්. ok වැඩේට කැමති අය අත උස්සල කැමෙත්ත ප්‍රකාෂ කරන්න බලන්න ඉස්සෙල්ලම. ඊට පස්සෙ වැඩේ කරන හැටි කට්ටියම එකතු වෙලා කතාබහ කරමු..

2010/04/20

හිත ගාව ගොළු ගීත මිමිනේය



පිනි මතින පිය මනින රූමතිය
නිදි නැතිය නෙතු මතට දේ  හීන
සද රැක සද සේම සපෙමිණිය
හිතවතිය මගේ ලගම සෑතපේය  


ඝනදුරට තරු රෑන  දේ එලිය
ලොව සැවොම මේ රෑම නිදි සේය
මගේ ලයට නුබේ ලමැද තෙරපේය
මගේ නෙතුද නුබේ නෙතුද එක සේය


නෙතු ගාව පෙර හීන නලියේය
හිත ගාව ගොළු ගීත මිමිනේය
නුබේ රුද මගේ රුද අදුරේය
සිතු සේම පැතු සේම සිදුවේය

2010/04/19

නුඹටම පමනක් පෙම් කෙරූ මම තවම තනිවම තනිවෙලා



හිත කඩා බිද දමා
දුර ඈත නුබ ගියා
පිංවත් පෙම් සුවද මගේ හද ලගින් තියා
මට හිතා ගන්න බෑ
නුබ ගැන බොරු කියන්න බැහැ
මගේ සිතේ නුඹ තාමත්
පෙම්වති නිසා


හිතට පමනක් පෙම් කලා නම්
නොයයි දුරකට පියබලා
තුරුළු වී නුඹ සිසිලේ සැනෙසෙයි
මියෙන තුරු මගේ නෙතු වෙලා


නෙතට උලෙලක් උනු ඔබේ රුව
අද වෙනෙකු සතු වෙලා
නුඹටම පමනක් පෙම් කෙරූ මම
තවම තනිවම තනිවෙලා

2010/04/18

සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා

නිසංසලයි මැදියම් රැය නිහඩ වට පිට‍
හේවිසි හඩ අතරට පුරසද ඇවිත් ඇත
ඔයාට මල් වැසි වැටේවා ලියමි දුක් සිත
චූටි නංගි නිදි අතරෙයි ගත්තෙ පන්හිද


ඒදා පන්සලේ පිංකම් පලේ හමුවුනා
නුබේ මිතුරන් සමගින් ලහි ලහියේ වැඩ කලා
මා නොදුටුව වැනි ගානට ඔයා හැසිරැනා
හිතේ ගොඩක් දුක තියාන පස්සේ අපි ගියා


සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා
හිතා ගන්න බෑ ඒතරම් ම නපුරැ ඇයි කියා
නුබේ මැණික හඩා ලියමි ආදරේ නිසා
බෝල අකුරැ බොදව ගියා කදුළු කැට නිසා.

2010/04/04

වෙන් වුනු හැටි



මිලින තරු ඒලි
මටම දුක දුනී
නිවි නිවි දැවී
මගෙන් වහන් වුනී



ලොවක දුක දිදී
දුරක නුඹ හිදී
නුඹට දුක නැතී
ඒකම මට ඇති



ලොවට වහන් වෙවි
පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකි
වෙන් වුනු හැටි