2010/05/20

මා වෙනුවෙන් තැනී බඹුට හී නැතී

මිලින තරු පවා
නිවි නිවී දැල් වුනා
සදුනි කිම පමා
බෝම රෑ වුනා

මා වෙනුවෙන් තැනී
බඹුට හී නැතී
හිතට හිතක් ඇතී
එකදු හිතක් නැතී

මගේ හදේ තනී
දරනු තව බැරී
හදේ ඇතී ගතී
නෙතින් ගිලී හුනී

2010/05/19

සෙබල පුතුගේ හිස පිරිමැද









සිංහ පැටවු නිති ලො තලේ
නැත නිවට නියාවෙන් සැගවුනේ
ජය කුඹ බදවා ජය දධ නංවා
වීර විලාසෙන් ගිගිරුවේ


ළය හීරී රුධිරය වෑහුනා
ළය මත්තෙන් ගිණි ගුලි දිවගියා
ළය දුක සගවා හිනැ හුනා
ජය ටැබ දක්වා දිව ගියා


ලක් මවුනේ කරුණාබර
සෙබල පුතුගේ හිස පිරිමැද
වෑහෙන රුධිරය පිස සිබ
ඔහුට ගෞරව කල මැන


2010/05/17

කවි සිත් කලබා කවි මඩුව නිමා වෙයි


ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීය සිතිවිලි මගින් සංවිධානය කෙරුනා වූ ඔන් ලයින් කවි මඩුව පුරා දින 4ක් පුරාවට ඉතාම උණුසුම්ව පැවති අතර කවි මඩුව කවී 3950 ක් අන්තර්ජාල අවකාශයට ඉතිරි කර 16 වෙනි ඉරු මධ්‍යම රාත්‍රී 12 ට ඉතාමත් සාම කාමී අයුරින් විසිර යන ලදි. ඉතාම රසබර හරබර මෙන්ම උද්වේගර අවස්ථා සමගින් පුරා දින 4ක් පුරාවට කවි සමගින් මුසපත්ව සිටි කවීන් 50 කට අධික සංඛ්‍යවක් පෙර දින කවි මඩුවෙන් සමු ගත්තේ ඉතාම දුක්මුසු විලාසයෙනි. ඒ තරමට මෙම මඩුව කවීන්ගේ සිත් උමතු කර තිබූ අතර ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මිතු දම් ලෙංගතුතම් හා සහෝදර බැදීම් වලින් කවීන්ගේ සිත් ආඪ්‍ය වී තිබින. වචන වලින් ගහ බැන ගත්ත මඩ කුණු තක්කාලි ගොවා හා බිත්තර වැනි ආයුධ වලින් පහරවල් එල්ල කර ගත්ත කවීන් සියළුම සහෝදර බන්ධන වලින් වෙලී තම තමන්ගේ මිත්‍රත්වයේ නාමයන් හස්තයන් හුවමාරු කර ගත් අන්දම ලාංකීය සිතුවිලි කවි මඩුවේ සමාප්තිය තුලින් මනාව විද්‍යාමාන විය. කිසිදාක කවියක් නොකීයා තම හැකියාවන් සගවාගෙන සිටී අය කවි කීමෙන්ද අන්තර්ජාලයේ තැන තැන විසිර හුදකලාව කවි ලීයු අය එක තැනකට ඒකරාශී වීමෙන්ද නව මිත්‍රත්වයන් ලෙංගතුකම් සමගින් කවි මඩුව ඉතාම සාර්ථකව හා සාමකාමී අයුරින් අවසන් වූ බව මේ සමගින් සියළු අන්තර්ජාල වාසී සියළු සහෘදයන් දැනගත්වා.

2010/05/12

කවි මඩුව පටන් ගන්නවෝ

හැමෝම එන්නෝ..........කවි මඩුව අද පටන් ගන්නවෝ.................ආරාධනා පත්‍රය මෙතනින් ගන්නෝ.............

2010/05/10

කවි මඩුව ගැන ප්‍රවෘත්ති විකාශනයකින්

ටී...ක් ටී...ක් ටී...ක් වේලාව ඔබ පැමිණ තත්පර කිහිපයයි. මෙන්න ඔනෑම පැයක පුවත්. ප්‍රථමයෙන් පුවත් සිරස් තල
දිවයිනේ ප්‍රථම වතාවට ඔන් ලයින් කවි මඩුවක්
ඉන්දියන් සාගරය දෙසින් පාරිසරික උණුසුම ඉහලට
තැන තැන ප්‍රචන්ඪ ක්‍රීයා
ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය කැලබේ


මෙන්න පුවත්


දිවයිනේ ප්‍රථම වතාවට .....කවි මඩුවක් පැවැත්වීමට යන බවක් වාර්ථා වෙයි. ලාංකීය සිතිවිලි ප්‍රථම වතාවට සංවිධානය කරන මෙම වැඩසටහන බ්ලෝග් අවකාශය හරහා සිදුවන බවත් වයස් බේදයක් හෝ ජාති ආගම් බේදයකින් හා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පවත්වනු ලබන අතර කවි ලිවීය හැකි හෝ නොහැකි ඔනෑම අයෙකුට ඉදිරිපත් විය හැකි බැව් ලාංකීය සිතිවිලි බ්ලොග් කියවනයේ ප්‍රධාන විධායක අධ්‍යෂක වැප් මහතා ප්‍රකාශ කර සිටී. කවි ලිවීය හැකි අයට කවි ලියන්නද නොහැකි අයට රසවිදීමට හා කවි කියන්නන්ට සහයෝගය දැක්වීය හැකි බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටී. එම වැඩ සටහන මේ මස 13 වෙනිදා ආරම්භ වන බවත් 16 වෙනිදා තෙක් වැඩ සටහන පැවැත්වෙන බවත් ඒ මහතා අප වෙත වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම වැඩ සටහන පිලිබදව අප ප්‍රාදේශීය වාර්ථා කරුවන් දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයින් කීප දෙනෙකුගෙන් අදහස් ලබා ගත් අතර එම අදහස් දැන් ඔබ වෙතට.

ස්තුති අවස්ථාව ලබා දුනන්ට. ඔව් සුනිල් මහත්මයා අප හා අදහස් දක්වමින් කියා සිටියේ ,මහ මන්කඩ කවි මඩුවක් අද හවසට පැවැතවෙනා නම් දරාපු කවි කාරයො එහි එන බව කථා උනා, කියාය. එය මහමන්කඩ නොව බ්ලොග් ගොඩැල්ල ලෙසත් හෙට නොව 13 වෙනිදා ලෙසින් වෙනස් විය යුතු බවටත් නිවැරදි විය යුතුය.

අසංග මහතා කියා සිටියේ කවියක් වී තොල් පෙති මත මුමුනන්න හෙමි හෙමි හිට ඔබ මගෙ තුරුලට එන්න කියාය. නමුත් මෙම කවි මඩුව පවත්වනුය් චිත්‍රපටි ශාලාවක ලයිට් නිවූ බැල්කනියක නොවන බවත් කාටත් ප්‍රසිද්ධියේ පවත්වන බැවින් එවැනි අදහස් වලට ඉඩ නැති බවත් මතක් කිරීමට කැමැත්තෙමු.

චන්දන මහත්මයා කියා සිටියේ කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන ඈතෙ සරා සද පෙමා තුර ගී ගයවී කියාය. එය සැබෑවක් විය හැකිය. මොකද මෙම කවි මඩුව මල් සරාටද තහන්චි නැති බැවින් ඔහුගේ දුනු ඊතල කොහේ කොහේ විසිවෙයිද කාටවත් මත ප්‍රකාශ කල නොහැකි නිසාය.

ඉන්පසු අප වාර්ථා කරුවන් මුන ගැසුනේ දීපිකා මහත්මියයි. ඇය පැවසූ දෙයින් අප තරුන වාර්ථා කරු අන්ද මන්ද වී තිබේ. ඇය පවසා ඇත්තේ කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලිවූ කවිය ඔබ කවිය ඔබ කියාය. අනේ මන්ද

අප තරුන වාර්ථා කාරිනියකගෙන් කීර්ති මහතා අසා ඇත්තේ කවි කාරියේ සින්දු කියනා ලදේ නුඹදෝ රැහේ කෝකිලා කියාය. එවිට අප වාර්ථා කාරිය පවසා ඇත්තේ අනේ මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි හැන්දෑවෙලා කියාය.

අදට අදහස් දැක්වූවන්ගේ අදහස් එපමනක් වන අතර නැවතත් සම්බන්ධතාවය ප්‍රධාන සම්බන්ධතා මැදිරියට


ස්තුති...

නැවතත් පුවත්

ඉන්දියන් සාගරය දෙසින් පාරිසරික උණුසුම ඉහලට ගොස් ඇති බැවු පාරිසරික උනුසුම පිලිබද ජාතීන්ගේ එකමුතුව මාධ්යය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ. එයට හේතුව ශ්‍රී ලංකාව තුලින් ඇති වී ඇති කවි උනුසුම බැව් කරන ලද පරීෂන වලින් හෙලි වී තිබෙන අතර වැඩි දුර පරීක්ෂන කටයුතු සදහා විශේෂ නියොජිත පිරිසක් හෙට දිවයිනට ලගාවීමට නියමිත බැව් වාර්තා වේ.

වර්ථමාන කවි පුබුදුවත් සමග කවිය අවියක් කර ගනිමින් ප්‍රචන්ඩ ක්‍රීයා දක්වාද වර්ධනය වී ඇති බැව් බ්ලොග් අවකාශයේ තැනින් තැන වාර්ථා වෙයි. තැන තැන රංචු ගැසී ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව රන්ඩු සරැවල් වන බවක් අප ප්‍රාද්ශීය වාර්ථා කරුවන් වාර්ථා කර සිටී. රන්ඩු සරුවල් වුනාට ඒවා දුර දිග නොයන බවත් ඉතාම සුන්දර විදිහට නිමා වෙන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් අප වාර්ථා කරුවන් ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය කැලබී ඇති බැව් කාල ගුන දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් මගින් අද සන්ධ්‍යාවේ ප්‍රකාශ කර සිටි අතර ඉතා සීග්‍රයන් හමා යන මෙම කවි සුලං රැල්ල ඉදිරියේදී තවත් චන්ඩ විය හැකි අතර ෙම් මස 13 වෙනිදා සිට 16 වෙනිදා දක්වා අපර භාගයේ හෝ සන්ධ්‍ය කාලයේ පමනක් නොව ඔනෑම වේලාවක ගිගුරැම් සහිතව ඇද හැලීමට ඉඩ ඇති බැව් එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ. තවද පසු ගිය දින කිහිපය තුල අැතිවුන නොසන් සුන්තාවය හේතුවෙන් දැනටමත් මුහුණු පොත හා බ්ලොග් අවකාශය කව්යෙන් යට වී ඇති අතර අඩියක් තියන්නට බැරි තරමට තැන තැන කවි හා කවි මඩ වලවල් ගොඩ ගැසී තිබේන බවක් කාල ගුන දෙපාර්තමේන්තුව නිවේදනය මගින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

දැනට පුවත් එපමයි. මීලග අප ප්‍රධාන වෘත්ති විකාශයට පෙරාතුව ඇති විය හැකි හදිසි තත්වයන් එසැනින් ගෙන ඒමට අප මාධ්ය කන්ඩායම සූදානමින් සිටින අතර එම පුවත ඇති වීමට තත්පරයකට හෝ පෙර අප නාලිකාවෙන් පමනක් ඔබට දැක ගැනීමට හැකි වනු ඇත. එතෙක් රැදී ඉන්න අප සමගම. news patas


ස්තුති
ආයුබෝවන්

2010/05/05

කවි මඩුවට කැලෑ පත්තරයක්

සකල සිරින් පිරි සිරි ලංකාවේ වෙලා නැති වැඩකුයි සිදු වන්නට යන්නේ
ඒ මුත් නොකියා බැරිය මේ ගැන‍
හොද හොද දේවල් එලිවෙන යාමේ


අන්න බොලේ අර සයිබර් ගොඩැල්ලේ නාඩගමක් පෙන්වන්නට යන්නේ
කවි මඩුවක්ද මොන කෙං ගෙඩියක්ද මන්ද
නරි නාටකයක් පෙන්වන්නේ


කවි කියන්න කවි අහන්න කැමති අයටලු දෙන්නේ
හු කියන්න චියර් කරන්නත්
පුළුවන් බවයි පැවසෙන්නේ


අම්මා මුත්තා කාලේ කොරාපු දේවල් ආයෙම සිදු වෙන්නට යන්නේ
ඇහ කන පියාන ඉන්නට බැරි නම්
හූ කියන්න වත් පලයන්නේ


ලාංකීය සිතිවිලි කොල්ලෝ ලු කරුමේ මේ විගඩම ගෙනියන්නේ
අනේ අම්මපා අතපය හකුලන
ඉන්නට බැරිවද මේවා කොරන්නේ


කවි මඩුවට යන කොලු කෙල්ලන් රෙජිස්ටර් වෙන බවයි හැගවෙන්නේ
ඇ බං රාලේ බලමු මේකලා
මොකාටද එන්ට හදන්නේ