2016/09/19

අරාබියේ

දවස් හයයි සතියකට
සිකුරාදත් වැඩ බොහෝවිට
කුබුස් දෙකයි ප්ලේන්ටියයි වේලකට
නිර්දෝශී සිරකරුවෝ
බරපතල වැඩ සහිත

කොල පාටට තන පිටිය
                හැදුවේ දාදිය ඉහලා               
කලුපාටට රත් වැල්ලේ
කරවල වෙන තරමට ඉදලා
කටෝර දූවිල්ලෙන්
පෙනහලු මලු පුරවාලා
කොල දෙකකට පන්සීයේ
ජීවිතයම කැපකරලා

2016/09/18

අරාබියේ

ලොකු තරප්පු බුමුතුරුණූ 
රත්තරන් සෙරෙප්පු
සුදු ලෝගු කලු කසපටි
රවුල් වවපු මිනිස්සු
උස් කුලුනු දිය බුබුලු කෘතීම ගස් 
නොයන සියොත්හු
සිතුවම් ඇස් පාට දෙතොල් 
ආලේපන උලාපු ලන්දු