2012/10/12

සමුගන්න ඕනෙ ලු



හමු වුනා 
වෙන් වුනා
අතරමගදි නොදැක බැරි වුනා
වෙන් වුනා 
කල් ගියා
කාටහටත් මතක නැති වුනා

නෙතින් කියා ලූ
ආදරේ මිහිරි ලූ
රහසේම බැදේ ලු
විදින්නම ඕනෙ ලූ

හදවතින් හඩා ලු
ආදරේ කදුළු ලූ
සමුගන්න ඕනෙ ලු
විදවන්න එපා ලූ

2012/06/17

හීන හතක් නොව දාහක් පෙනියන් නුඹ ඇත්නම් ඒකේ


සිත තුල පොපියන හැගුමන් කවි කර
කියමි සුදු කෙල්ලේ
මා ලග ඉදගෙන අහන් ඉන්නවද
පෝදා සද පානේ
සීතල හිරිකඩ ගතම වෙලෙද්දෙන්
ගානක් නෑ ආයේ
මා නුබට තුරුළු වී ගීත ගයන්නම්
කැමතිද සුදු කෙල්ලේ

හීන හතක් නොව දාහක් පෙනියන්
නුඹ ඇත්නම් ඒකේ
රෑ ඒලිවෙනකන් නොව දෑස් නැරම ඉන්නම්
බල බල ඒ හීනේ
බහින් බස් වෙලා කදුළු සලාලා
මොකටද ඒ ප්‍රේමේ
විහිලු කියාලා
සිනා සලාලා
ඉන්නම් නුඹ තුරුලේ