බිම්මල් පිපිලා පිල්කඩ අයිනේ
ඊයේ වට වරුසා වැස්සේ
සල් මල් තරමට පිං මද මේ මල්
කුස්සියේ මැටි වලදේ සැතපේ
උපතින් නොලැබුණු සුවද සොයාගෙන
තුනපහ අතරේ දැවටේ
දාහය දාරාන සියුමැලි සුදු පෙති
හැන්දට ඕනා විදිහට රගතේ
සුවදයි සුවදයි කියාන නෙතගේ
කෑදර බැලුම් හෙලාය මේසේ
බුදු පාමුල මලසුන ඉඩ නැති
බිම් මල් බෝජනසුන මත්තේ නිම වේ
ෂෝක් අදහස අනේ... ඇත්තමයි..
ReplyDeleteඔයාටත් මාර ටිකිරි කල්පනා තමයි පහළ වෙන්නෙ :)
නියමයි සහෝ....
ReplyDeleteශා.... මරු කවිය... අනෙ මට බිම් මල් ගැන ජීවිතේ පළමු වතාවට දුකක් හිතුනා....
ReplyDeleteනියමයි මචං..උඹටත් හිතෙන දේවල් ආහ්....නියමයි...:D
ReplyDeleteඅපූරු සිතුවිල්ලක්..
ReplyDeleteaneeee... mama harima aasa kamak bim mal,,, eth hopota wagema matath bim mal gana ada duka hithunaaaa....
ReplyDeleteබිම් මල් ගැන දුක හිතුන නම් බිම්මල් වලට ආදරය කරන හැමෝම බිම්මල් වැඩි වැඩියෙන් කන්න. මාස් මාංශ අඩු කරන්න. බිම්මල් ගොඩක් රස කෑමක්. ඒ වගේම නොයෙක් ආකාරයන්ට උයන්නත් පුළුවන්. ස්තුති හැමෝටම බිම්මලේ ශෝකාන්තය කියෙවුවට. :D
ReplyDelete