2011/04/13

මතකද මේ ගීතය

සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනැහෙන අප සිරි ලක් දරුවෝ //
දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණදම් සිත දැරුවෝ //


පස් පවු දස අකුසල් දුරලා
ඉසිකෝමන් හැම බිද හැරලා
මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා //


සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
පිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහන
හද බැතියෙන් නිති තෙරුවන් නමදින
උදාර ගුණ දම් සිත දැරුවෝ
අපි වෙමු සිරිලක බොදු දරුවෝ///


සෝමපාල රාජකරුණා

2011/04/05

සහෘදයාගේ සයිබර් අවුරුද්ද ගෙවුනු හැටි

පාන්දර දෙකට ඇහැරලා ලක ලැහැස්තිවෙලා තාත්තිට කියලා ටවර් එක ගාවට ගෙනත් දා ගත්තා. ප්‍රියන්ත අයියා 3.45ට ටවර් එක ගාවට එන්න කීවට මගේ වෙලාවට කලියෙන් වැඩකිරීමේ පුරුද්ද නිසාම 3.30ට ටවර් එක ගාවට ඇවිත් 3.50 ට ප්‍රියන්ත අයියට කෝල් එකක් ගත්තහම ඔහු කීවේ තව විනාඩි 20ක් වාහනය පරක්කුවන බැවින් ගැටබේ පන්සල ගාවට එන ලෙසය. ඔන්න එතනට ගිහින් පැය භාගයකට විතර පස්සේ වැන් එකක් ඇවිත් නතර කරලා මාව දා ගත්තා. සයිබර් අවකාශයේන් ඔබ්බට ප්‍රථම වතාවට මුහුණ 3ක් දැක ගත්තා. ප්‍රියන්ත අයියා, සුදු හංසි හා රැඩිකල් කවියා අයියත් ඒ තුළ හිටියා. ඒයාලට හායි හෙලෝ සුබ උදෑසනක් ගුඩ්මොර්නිග් නයිස් ටු මීට් යු කියලා මීටර් 300ක් විතර යන කොට කැම්පස් එක ගාවින් සංජුගේ සයිබර් සටහන ලියන සංජු අක්කත් ගොඩවුනා. ඊට පස්සේ අලි පැටියෙක් වගේ දෙවුලොවින් පැමිණි ළමයත් එකතු වුනා. එතනින් ආගිය තොරතුරු කථා කරගෙන එනින් ගමන ඉලංදාරියාවයි මලයයි එකතු වෙන මාවනැල්ලට ආවා. එතන ඉංලදාරියා එනකන් විනාඩි 10ක් විතර ඉන්න වුනා. ඔන්න ප්‍රථම වතාවට ඉලංදාරියගේ මූනත් දැක ගත්තා.

ඔන්න ඉලං එක්ක අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියන පැනය මතු උනේ එතනදි. කිවුවට මොකද ඉලං නම් කටර් එකක්, කථා පෙට්ටියක්, කියවනවා කියවනවා කටට විවේකයක් ඇත්තෙම නැහැ. ඉලංගේ විහිලු කථා වලට ළමයටයි මටයි රැඩිකල් කවියටයි හුස්මක් කටක් ගන්න නැහැ හිනා වෙලා. සුදු හංසි එයාගේ අම්මා සංජු ප්‍රියන්ත අයියා ඉලංගේ මල්ලී වෑන් එකේ ඉස්සරහා කොටසේ හිටිය නිසා එයාලා වෙනම කදයක් දා ගෙන ගිය හෙයින් ඉලංගේ කථාවලට අවදානයක් ඇතිවුනේ නැහැ. ඉලංගේ කථාවලට හූ මිටි තිබ්බේ අපි 3 දෙනාගේ මොබයිල් ෆෝන් පාවිච්චි කරලා තමයි.


ඉලංගේ කථා පෙට්ටියේ කථා රසවිදිමින් නිට්ටබුව හරියට එනකොට ලාවට සූ.................පාරක් ඇහෙන්න ගත්තේ නැතැ. අවාසනාවට ඇත්ත කථාවක් වුනේ ටයර් එකේ හුලං යන්න පටන් ගත්තට පස්සේ. ඒපාර කට්ටියම බැහැලා ටයර් එක මාරු කරන්න රථාචාර්යට උදවු වුනා. ඒක ටයර් එකක්ද ටියුබ් එකද්ද කියලා හොයා ගන්න බැරි තරමට ලස්සනට කට්ට ගෙවිච්ච ටයරයක් නිසා හුලං යන්න ඇති. ඊට පස්ස ඊටත්වඩා ලස්සනට කට්ට ගෙවිච්ච කම්බි දිලිසෙන අතිරේක ටයරයත් මාරු කරගෙන හෙමින් හෙමින් ටයර් කඩයක් හොයාගෙන ආවත් උදේ පාන්දර නිසා ටයර් කඩයක් හොයා ගන්න බැරි වුන තැන ඒ අදහස අත් හැරලා උදේ කෑමට කඩයක් අල්ලලා අපේ සුපිරි වෑන් රථය නතර කලා. ඔන්න දෙවෙනියටත් අවාසනාවට ඇත්ත කථාවක් සිද්ධ වෙන්නේ එතනදි. අපේ වෑන් එක එතන තිබුණු ජීප් එකක් ගාව ලාවට පාක් කරලා එන්ජින් එක ඔෆ් කලා විතරයි ආයෙම සූ..................පාරක්. අම්මට හුඩු අපේ වෑන් එකේ ටයර් වල හුලං යන වෛරස් එක අර ජීප් එකට ඇටෑක් කරලා. ඒ ජීප් එකේ පස්සේ ටයර් එකෙන් ලස්සනට හුලං යනවා. අපේ මොකෝ කියලා අපි ගිහින් අපේ වැඩේට සෙට් උනා. ඕන් ඒපාර මම පොරොන්දු වුන කඩලගොට්ට වෙනුවට මගේ ගානේ ලාවට බ්රෙික්ෆස්ට් එකක්ම අරගෙන එතනින් පිටවුනා.


ඔන්න ඊට පස්සේ දෙමටගොඩට ආවහම ඩ්රෙයිවර් බුවා අහපි දැන් කොහාටද කියලා. මෙන්න බොලේ කොල්ලා අදමද කොහෙද කොළඹ වාහනයක් අරන් ඇවිත් තියෙන්නේ. කියපංකෝ දැන් පාර, මාත් ඉතිං නොදන්න ඒදන්ඩක් නැති නිසා ඔන්න ඔතනින් වමට අතනින් දකුනට කියලා කෝ ඩ්‍රයිවර්ගේ පාට් එකත් කලා. රැඩිකල් කවියාත් සයිඩ් සපෝට් එකක් දුන්නා. ඕන් තුන්වෙනි අවාසනාවට ඇත්ත කථාව පටන් ගත්තේ බොරුල්ල ටවුන් එක පහුකරන ගමන්. මල්ලි ඔය ඉස්සරහා වටරවුමෙන් ජයරත්න එක ගාවින් තියෙන බෞද්ධාලෝක මාවතට හරවන්න ඕන ඒ නිසා වාහනය මැද ට්රැක් එකට ගන්න. ගත්තා තමා වම්පැත්තේ ට්රැක් එකේ ආව අපි උස්සලා තිබ්බා වගේ දැම්මේ නැද්ද මැද ට්රැක් එකට ඩ්රගයිවර් කොලුවා කිසිම පැකිලීමක් නැතිව. ඔන්න සුදුඉරි අයියෙක් ගැහුවා විසිල් එක තරු විසිවෙන්න. ඔන්න එතනත් පැය කාලක් විතර චාටර් වෙවී ඉන්න කොට ප්‍රියන්ත අයියගේ තැනට සුදුසු නුවන පහල වෙලා ඔබ තුමාලගේ අහවල් ලොක්කා සහභාගි වෙන උත්සවයකට අපි හදිසියෙන් යන්නේ කියලා ඇග බේරගෙන එතනින් ගැලවිලා කෝමෙන් හරි ග්‍රවුන්ඩ් එකට ආවා.

නුවර නඩේ ග්‍රවුන්ඩ් එකට එනකොට කිහිප දෙනයි හිටියේ මම ප්‍රථම වතාවට සයබර් හමුවීමකට සහාභාගි වන හෙයින් ගොඩක් අය රූපකායෙන් හදුන ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. වැපාත් පසන් හා අහිංසකී යුවලත් කෙහෙල්කොටුවේ චූටි මාහත්තයා හා හෙළදිව මැරීයන් යුවලත් රන්දිල් ෆැමිලි එකත්, රවාත් එකපාරටම අදුනගන්න ලැබුණා. කථා බස් කරලා අනිත් අයත් හදුනගත්තා. ඒ අතරින් ඉද්‍රනාම, හසී අක්කා, නිරංජී, චතුරංග රූපසිංහ, සෝරෝ, ඩොල්ෆින් , පූසා, සුපුන් සුදාරක යන අය නම් වශයෙන් මතක තිබුණ අයගෙන් කිහිපදෙනෙක්.

ඉට පස්සේ සංවිධායක මන්ඩලයේ සංවිධායක කටයුතුවලට පොඩි සහයෝගයක් දිලා පැත්තකට වෙලා ඉදගෙන හිටියා. ඊට ඉස්සරින් දවසේ රෑ සිංහ පැටවුන්ගේ වීරකම්වල වීරත්වය විදගනු වස් අපේ ගෙදර සංවිධානය කලා වූද මා විසින් කුක්කලා වූද කොත්තු පාටියේ කොත්තු වල පවර් එක වැඩකරන්න පටන් අරන් තිබුණු නිසා බොහෝම අමාරුවෙන් පැත්තකට වෙලා සිටින්නට සිදුවිය. කොත්තු පවර් එක නිදහස් කරනු වස් තැනක් බැලුවත් තිබුණු එකම තැන ගැන පැහැදිමක් නොතිබුණ හෙයින් අපහසුව දරාගෙන සයිඩ් ගහලා ඉන්නවා ඇරෙන්න එකදු ක්‍රීඩාවකටවත් ක්‍රියාකාරීව සහබාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දවල් වෙද්දී අපහසුව උපරිම වුන නිසාවෙන් අකමැත්තෙන් උවත් තිබුණු එකම විකල්ප අවස්ථාව පාවිච්චි කරන්න සිද්ධ වුනා. ඔන්න ඉන් පස්සේ නම් තරමක් දුරට යථා තත්වයට පත්වුනා.

දවල් වෙද්දි ඩුබායි වට්ටක්කා ලියන පුතා සෙට් වුනා. පුතාත් නුවර වෙච්චි අහල පහල පාසල් වලත් වෙච්චි පිටරටවල් වලදී බ්ලොග් අවකාශය ඔස්සේ හදුනාගන්න වුනා වෙච්චි දෙනොම නිවාඩුවකට ලංකාවට පැමිණ සිටියා වෙච්චි එකේ පොඩි කයියක් දාගෙන හිටියා. ඊටපස්සේ පාසල් කාලේ මගේ පංතියේ සගයෙක් වෙච්චි ඉලංදාරියාගේ හොදම මිතුරා වෙච්චි අසංග හා එයාගේ වෙන්ට නෝනා ආවා. පස්සේ එයාලත් එක්ක කදයක් දාගෙන හිටියා. ඔන්න සංවිධායක මන්ඩලයේ සාමාජිකාවක් මා මිතුරාගේ වෙන්ට නෝනව බලෙන්ම වගේ සිහින කුමරි තරගයට අංක 7 යටතේ යොමුකලා. ඊටත් පස්සේ මා මිතුරා අසංගගේ මල්ලී හා එයාගේ වෙන්ට නෝනාත් ආවා. අසංගගේ වෙන්ට නෝනා සිහින කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න වැඩි කැමැත්තක් නොතිබුණ නිසා මල්ලීගේ වෙන්ට නෝනාව තල්ලුකරගෙනම වගේ ගිහින් සිහින කුමරී තරගයට යොමුකලා. තල්ලුකරගෙන ගියාට මොකද අන්තිමට එයාම තමයි සිහින කුමරිය වුනේ.

ඒ අතරේ බ්ලොග් සුපිරි තරුව දුකා ෆලයිට් එකත් අතේ තියාගෙනම හදිසියේම පැමිණ සිටියා. එකසිය එකට දුකා වටකරගෙන කට්ටිය ෆොටෝ ගන්නවා බදාගන්නවා කථා කරනවා. දුකාට කිට්ටුවටවත් යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පස්සේ කට්ටිය එහෙ මෙහෙ වෙනකන් ඉදලා වචන කිහිපයක් කථාබහ කරන්න අවස්ථාවක් උදාකරගත්තා.

දවල් කෑම එහෙමත් අරගෙන සයිබර් කුමර කුමරියන්ට චියර් පාරක් දීගෙන ඉන්නකොට ඈත එහායින් ලස්සන ම ලස්සන හිනාවකින් මුව සරසාගෙන සුන්දර කුමාරිකාවක් අතවනනවා. බැලින්නම් මා සොදුරු බිලොග් මිතුරිය ස්වප්නා. ඕන්න ස්වප්නවත් හදුනා ගත්තා. ස්වප්නා එයාගේ වෙන්ට හබී මහත්තයත් එක්ක ඇවිත් හිටියේ. ස්වප්නත් එක්කත් කදයක් දාගෙන හිටියා ටික වෙලාවක්.

පස්සේ කඹ අදින කන්ඩායම් නම් දෙන්න කීවට පස්සේ දවස පුරා එකදු ක්‍රීඩාවකටවත් සහභාගි වෙන්න බැරිවුන එකේ කඹවත් අදින්න ඕන කියලා හිතලා දැම්මා නුවරින් අපේ කන්ඩායමක්. මම, ළමයා, අසංග, අසංගගේ මල්ලී, අසංගගේ වෙන්ට නෝනා හා අසංගගේ මල්ලිගේ වෙන්ට නෝනා හෙවත් සයිබර් සිහින කුමරිය අපේ කන්ඩායමේ 6 දෙනා උනා. හත්වලාමයි අන්න අරපැත්තේ බුද්ධී යෝධයත් ඉන්නවා. ඒ වෙලාවේ නම් තරගය අතහැරලා දාලා ආත්මගෞරවය රැක ගතයුතුයි කියන ඝෘනාත්මක කපුටෝ ඔළුව වටේ කරකැවෙන්න ගටන් ගත්තත් කැන්ඩි කොල්ලෝ කවද්ද සෙකන්ඩ් වුනේ කියන ධනාත්මක කොක්කු විසින් එළවා දමා දැඩි අදිටනින් තරගයට අවතීර්න උනා. තරගය පටන් ගත්තා විසිල් එක ගැහුවා දැම්මා ඩම් එක මෙන්න බොලේ කොළඹ ටීම් එක කැන්ඩි සයිඩ් එකට එනවා හිමේ ලිස්සන පෙන්ගුවින්ස්ලා වගේ. ඒවටය අපි දින්නා... හයියෝ......දෙවෙනි වටයට පැත්ත මාරු කලා....ගැහුවා විසිල් එක. දැම්මා ඩම් එක හයියෝ.......මෙන්න සීනි බෝතලේට ඇදෙන ඇඹලයෝ වගේ ඇදිලා එනවා අපේ පැත්තට...ඒ වටයත් අපි දිනුම්.... අයියෝ කිසිම ගේමක් තිබුණේ නැහැ. දැක්කනේ කැන්ඩි කොල්ලන්ගේ ෆිට් එක...ඒත් තෑගි නැහැ අප්පා..

තෑගි නැහැ කියලා දුකෙන් ඉන්නකොට බුද්ධියට දුක තේරිලාද කොහෙද බුද්ධි අතේ තිබුණු පොත් දෙකක් දුන්නා....හනේ..එක පොතක නම ළමයි හදන හැටි....බුද්ධිටයි මැරින්ටයි මල් හතට සිත්තුටින් බර වෙලා පැතු පැතුම් ඉටුවේවා කියලා හිතලා ඒක අරගත්තා.

පස්සේ DJ එකට ඩාන්ස්පාරකුත් දාලා එන්න සෙට් වුනා..පස්සේ දන්න කියන හැමෝටම කථාබහ කරලා එන්න පිටත් වුනා. එන්න ලැහැස්තිවෙලා කට්ටිය ගනින කොට එක්කෙනෙක් අඩුයි..අයියෝ සංජු හොරාටම කලියෙන් ගිහින්...දැන් මක් කරන්නද...පස්සේ අපි පිටත් වුනා....කඩවත හරියෙදි ප්‍රියන්ත අයියා ෆෘට් ජුස් සමග වයිබරේට් ඩ්‍රින්ක්ස් අරන් දුන්නා(කොකාකෝලා). යක්කල හරියෙදි රැඩිකල් කවියා අයියා ලුණු මිරිස් කුඩු දාපු අන්නාසි අරන් දුන්නා...ඒකනම් මල් හතයි ආහ්....පස්සයාල හරියෙදි තේ බිවුවා...ඒකට සපොන්සර් කලේ ඉලංගේ මල්ලිද කොහෙද. ඊට පස්සේ ළමයා මල් හතට නින්දක් දැම්මා..ඉලං ඉස්සරහා සීට් එකේ හිටිය නිසා කථා පෙට්ටිය විවෘත කලේ අතරින් පතර. සුදු හංසි යි ප්‍රින්ත අයියයි දවසේ වැඩකටයුතු සම්පින්ඩනය කරමින් සිටියා. ඒ අතරේ රැඩිකල් කවියයි මායි බර මාතෘකා ටිකක් සාකච්චා කලා....කවිය හා කවිය අවියක් කරගන්නා හැටි, චිත්‍රපටි සාහිත්‍ය හා කලාව මෙන්ම විචාරයන් ගැන කතාකර කර ගියා. බාලාගෙන ගියහම රැඩිකල් කවියා පිස්සුම රැඩිකල් වාදියෙක් තමා. එහෙම පිටින්ම මුළු සර්වාන්ගෙන්න රැඩිකල්. නියපොත්තේ සිට මයිල් ගහ දක්වාම රැඩිකල්. සමහර බර වචන අල්ල ගන්න කිහිප විටක් හිතන්න සිදුවුනා. අපි දෙන්නගේ චිත්‍රපට පිළිබවද දැක්ම නම් එකම ට්‍රැක් එකක යනවා කියලා හිතුනා.

ඔන්න කෝම හරි අපේ බර කථා නිසා නුවරට එනකම්ම දැනුනේ නැහැ. ඉස්සරෝම බහින්න ගියේ ළමයා. ළමයා මගින් බැහැ ඉතුරු ටික පයින් යන්නම් කියලා තරයේ කියා සිටියා. ප්‍රියන්ත අයියයි සුදු හංසිගෙයි බලවත් පෙරැත්ත නිසාම ගේ කිට්ටුවටම ගිහින් බහින්න අකමැත්තෙන් වුනත් කැමති වුනා. බැලුවහම මොකද මේ ගේ ගාවට වාහනේම යන්න අකමැති කියලා පස්සේ තමයි වැඩේ තේරුනේ. මොකද දන්නවද ළමයගේ ගෙදරට යන පාරේ නම ගොරකාපුර මාවතද ගොරකා අත්ත මාවතද මොකද්ද එකක්. තේරුනානේ වැඩේ. ගොරකයා කියලා කාඩ් වැටෙයි කියලා වෙන්ට ඇති. දැන් ඔන්න සත්‍ය සමාජගත වෙලා හමාරයි ගොරකපුතා.

ඊට පස්සේ ටවර් එක ගාවින් මමයි ඉලංදාරියයි එයාගේ මල්ලියි බැහැ ගත්තා. බහිනකොට සුදු හංසි දවල් කෑමට ගෙනාපු කෑම පාර්සල් වලින් ඉතුරු වුන ඒවාගෙන් පාර්සල් දෙකකුත් මට දුන්නා. ඉලංදාරියටත් පාර්සල් දෙකක් දුන්නා. ඊට පස්සේ ඉලංදාරියා මාතලේ යන්න බස් එකට ගියා. මම අපේ ගමට යන බස් එකට සෙට් වුනා. ගෙදර යන කොට 10ට විතර ඇති. ගෙදර ගිහින් නාකියගෙන ආපහු කොම්පියුටර් රාජයාට කිට්ටුවෙලා නිකමට ලොග් වුනා බුකියට. හයියෝ........මෙන්න පැය කිහිපයකට කලියෙන් එකට හිටිය රොත්ත බුරුත්තම එතන......ඔන්න ඔහොමයි අපේ සයිබර් සිහින උලෙල නිමා උනේ හා ඔන්න ඔහොමයි සයිබර් ජිවිතය ගෙවෙන හැටි.