මිලින තරු පවා
නිවි නිවී දැල් වුනා
සදුනි කිම පමා
බෝම රෑ වුනා
මා වෙනුවෙන් තැනී
බඹුට හී නැතී
හිතට හිතක් ඇතී
එකදු හිතක් නැතී
මගේ හදේ තනී
දරනු තව බැරී
හදේ ඇතී ගතී
නෙතින් ගිලී හුනී
2010/05/20
2010/05/19
සෙබල පුතුගේ හිස පිරිමැද
සිංහ පැටවු නිති ලො තලේ
නැත නිවට නියාවෙන් සැගවුනේ
ජය කුඹ බදවා ජය දධ නංවා
වීර විලාසෙන් ගිගිරුවේ
ළය හීරී රුධිරය වෑහුනා
ළය මත්තෙන් ගිණි ගුලි දිවගියා
ළය දුක සගවා හිනැ හුනා
ජය ටැබ දක්වා දිව ගියා
ලක් මවුනේ කරුණාබර
සෙබල පුතුගේ හිස පිරිමැද
වෑහෙන රුධිරය පිස සිබ
ඔහුට ගෞරව කල මැන
2010/05/17
කවි සිත් කලබා කවි මඩුව නිමා වෙයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීය සිතිවිලි මගින් සංවිධානය කෙරුනා වූ ඔන් ලයින් කවි මඩුව පුරා දින 4ක් පුරාවට ඉතාම උණුසුම්ව පැවති අතර කවි මඩුව කවී 3950 ක් අන්තර්ජාල අවකාශයට ඉතිරි කර 16 වෙනි ඉරු මධ්‍යම රාත්‍රී 12 ට ඉතාමත් සාම කාමී අයුරින් විසිර යන ලදි. ඉතාම රසබර හරබර මෙන්ම උද්වේගර අවස්ථා සමගින් පුරා දින 4ක් පුරාවට කවි සමගින් මුසපත්ව සිටි කවීන් 50 කට අධික සංඛ්‍යවක් පෙර දින කවි මඩුවෙන් සමු ගත්තේ ඉතාම දුක්මුසු විලාසයෙනි. ඒ තරමට මෙම මඩුව කවීන්ගේ සිත් උමතු කර තිබූ අතර ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මිතු දම් ලෙංගතුතම් හා සහෝදර බැදීම් වලින් කවීන්ගේ සිත් ආඪ්‍ය වී තිබින. වචන වලින් ගහ බැන ගත්ත මඩ කුණු තක්කාලි ගොවා හා බිත්තර වැනි ආයුධ වලින් පහරවල් එල්ල කර ගත්ත කවීන් සියළුම සහෝදර බන්ධන වලින් වෙලී තම තමන්ගේ මිත්‍රත්වයේ නාමයන් හස්තයන් හුවමාරු කර ගත් අන්දම ලාංකීය සිතුවිලි කවි මඩුවේ සමාප්තිය තුලින් මනාව විද්‍යාමාන විය. කිසිදාක කවියක් නොකීයා තම හැකියාවන් සගවාගෙන සිටී අය කවි කීමෙන්ද අන්තර්ජාලයේ තැන තැන විසිර හුදකලාව කවි ලීයු අය එක තැනකට ඒකරාශී වීමෙන්ද නව මිත්‍රත්වයන් ලෙංගතුකම් සමගින් කවි මඩුව ඉතාම සාර්ථකව හා සාමකාමී අයුරින් අවසන් වූ බව මේ සමගින් සියළු අන්තර්ජාල වාසී සියළු සහෘදයන් දැනගත්වා.
2010/05/12
කවි මඩුව පටන් ගන්නවෝ
හැමෝම එන්නෝ..........කවි මඩුව අද පටන් ගන්නවෝ.................ආරාධනා පත්‍රය මෙතනින් ගන්නෝ.............
2010/05/10
කවි මඩුව ගැන ප්‍රවෘත්ති විකාශනයකින්
ටී...ක් ටී...ක් ටී...ක් වේලාව ඔබ පැමිණ තත්පර කිහිපයයි. මෙන්න ඔනෑම පැයක පුවත්. ප්‍රථමයෙන් පුවත් සිරස් තල
දිවයිනේ ප්‍රථම වතාවට ඔන් ලයින් කවි මඩුවක්
ඉන්දියන් සාගරය දෙසින් පාරිසරික උණුසුම ඉහලට
තැන තැන ප්‍රචන්ඪ ක්‍රීයා
ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය කැලබේ
මෙන්න පුවත්
දිවයිනේ ප්‍රථම වතාවට .....කවි මඩුවක් පැවැත්වීමට යන බවක් වාර්ථා වෙයි. ලාංකීය සිතිවිලි ප්‍රථම වතාවට සංවිධානය කරන මෙම වැඩසටහන බ්ලෝග් අවකාශය හරහා සිදුවන බවත් වයස් බේදයක් හෝ ජාති ආගම් බේදයකින් හා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පවත්වනු ලබන අතර කවි ලිවීය හැකි හෝ නොහැකි ඔනෑම අයෙකුට ඉදිරිපත් විය හැකි බැව් ලාංකීය සිතිවිලි බ්ලොග් කියවනයේ ප්‍රධාන විධායක අධ්‍යෂක වැප් මහතා ප්‍රකාශ කර සිටී. කවි ලිවීය හැකි අයට කවි ලියන්නද නොහැකි අයට රසවිදීමට හා කවි කියන්නන්ට සහයෝගය දැක්වීය හැකි බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටී. එම වැඩ සටහන මේ මස 13 වෙනිදා ආරම්භ වන බවත් 16 වෙනිදා තෙක් වැඩ සටහන පැවැත්වෙන බවත් ඒ මහතා අප වෙත වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේය.
මෙම වැඩ සටහන පිලිබදව අප ප්‍රාදේශීය වාර්ථා කරුවන් දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයින් කීප දෙනෙකුගෙන් අදහස් ලබා ගත් අතර එම අදහස් දැන් ඔබ වෙතට.
ස්තුති අවස්ථාව ලබා දුනන්ට. ඔව් සුනිල් මහත්මයා අප හා අදහස් දක්වමින් කියා සිටියේ ,මහ මන්කඩ කවි මඩුවක් අද හවසට පැවැතවෙනා නම් දරාපු කවි කාරයො එහි එන බව කථා උනා, කියාය. එය මහමන්කඩ නොව බ්ලොග් ගොඩැල්ල ලෙසත් හෙට නොව 13 වෙනිදා ලෙසින් වෙනස් විය යුතු බවටත් නිවැරදි විය යුතුය.
අසංග මහතා කියා සිටියේ කවියක් වී තොල් පෙති මත මුමුනන්න හෙමි හෙමි හිට ඔබ මගෙ තුරුලට එන්න කියාය. නමුත් මෙම කවි මඩුව පවත්වනුය් චිත්‍රපටි ශාලාවක ලයිට් නිවූ බැල්කනියක නොවන බවත් කාටත් ප්‍රසිද්ධියේ පවත්වන බැවින් එවැනි අදහස් වලට ඉඩ නැති බවත් මතක් කිරීමට කැමැත්තෙමු.
චන්දන මහත්මයා කියා සිටියේ කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන ඈතෙ සරා සද පෙමා තුර ගී ගයවී කියාය. එය සැබෑවක් විය හැකිය. මොකද මෙම කවි මඩුව මල් සරාටද තහන්චි නැති බැවින් ඔහුගේ දුනු ඊතල කොහේ කොහේ විසිවෙයිද කාටවත් මත ප්‍රකාශ කල නොහැකි නිසාය.
ඉන්පසු අප වාර්ථා කරුවන් මුන ගැසුනේ දීපිකා මහත්මියයි. ඇය පැවසූ දෙයින් අප තරුන වාර්ථා කරු අන්ද මන්ද වී තිබේ. ඇය පවසා ඇත්තේ කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලිවූ කවිය ඔබ කවිය ඔබ කියාය. අනේ මන්ද
අප තරුන වාර්ථා කාරිනියකගෙන් කීර්ති මහතා අසා ඇත්තේ කවි කාරියේ සින්දු කියනා ලදේ නුඹදෝ රැහේ කෝකිලා කියාය. එවිට අප වාර්ථා කාරිය පවසා ඇත්තේ අනේ මගේ පාඩුවේ යන්න යනවා ඔහේ අනේ සාමි හැන්දෑවෙලා කියාය.
අදට අදහස් දැක්වූවන්ගේ අදහස් එපමනක් වන අතර නැවතත් සම්බන්ධතාවය ප්‍රධාන සම්බන්ධතා මැදිරියට
නැවතත් පුවත්
ඉන්දියන් සාගරය දෙසින් පාරිසරික උණුසුම ඉහලට ගොස් ඇති බැවු පාරිසරික උනුසුම පිලිබද ජාතීන්ගේ එකමුතුව මාධ්යය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ. එයට හේතුව ශ්‍රී ලංකාව තුලින් ඇති වී ඇති කවි උනුසුම බැව් කරන ලද පරීෂන වලින් හෙලි වී තිබෙන අතර වැඩි දුර පරීක්ෂන කටයුතු සදහා විශේෂ නියොජිත පිරිසක් හෙට දිවයිනට ලගාවීමට නියමිත බැව් වාර්තා වේ.
වර්ථමාන කවි පුබුදුවත් සමග කවිය අවියක් කර ගනිමින් ප්‍රචන්ඩ ක්‍රීයා දක්වාද වර්ධනය වී ඇති බැව් බ්ලොග් අවකාශයේ තැනින් තැන වාර්ථා වෙයි. තැන තැන රංචු ගැසී ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව රන්ඩු සරැවල් වන බවක් අප ප්‍රාද්ශීය වාර්ථා කරුවන් වාර්ථා කර සිටී. රන්ඩු සරුවල් වුනාට ඒවා දුර දිග නොයන බවත් ඉතාම සුන්දර විදිහට නිමා වෙන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් අප වාර්ථා කරුවන් ප්‍රකාශ කර සිටී.
ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය කැලබී ඇති බැව් කාල ගුන දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් මගින් අද සන්ධ්‍යාවේ ප්‍රකාශ කර සිටි අතර ඉතා සීග්‍රයන් හමා යන මෙම කවි සුලං රැල්ල ඉදිරියේදී තවත් චන්ඩ විය හැකි අතර ෙම් මස 13 වෙනිදා සිට 16 වෙනිදා දක්වා අපර භාගයේ හෝ සන්ධ්‍ය කාලයේ පමනක් නොව ඔනෑම වේලාවක ගිගුරැම් සහිතව ඇද හැලීමට ඉඩ ඇති බැව් එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ. තවද පසු ගිය දින කිහිපය තුල අැතිවුන නොසන් සුන්තාවය හේතුවෙන් දැනටමත් මුහුණු පොත හා බ්ලොග් අවකාශය කව්යෙන් යට වී ඇති අතර අඩියක් තියන්නට බැරි තරමට තැන තැන කවි හා කවි මඩ වලවල් ගොඩ ගැසී තිබේන බවක් කාල ගුන දෙපාර්තමේන්තුව නිවේදනය මගින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
දැනට පුවත් එපමයි. මීලග අප ප්‍රධාන වෘත්ති විකාශයට පෙරාතුව ඇති විය හැකි හදිසි තත්වයන් එසැනින් ගෙන ඒමට අප මාධ්ය කන්ඩායම සූදානමින් සිටින අතර එම පුවත ඇති වීමට තත්පරයකට හෝ පෙර අප නාලිකාවෙන් පමනක් ඔබට දැක ගැනීමට හැකි වනු ඇත. එතෙක් රැදී ඉන්න අප සමගම. news patas
ආයුබෝවන්
2010/05/05
කවි මඩුවට කැලෑ පත්තරයක්
සකල සිරින් පිරි සිරි ලංකාවේ වෙලා නැති වැඩකුයි සිදු වන්නට යන්නේ
ඒ මුත් නොකියා බැරිය මේ ගැන
හොද හොද දේවල් එලිවෙන යාමේ
අන්න බොලේ අර සයිබර් ගොඩැල්ලේ නාඩගමක් පෙන්වන්නට යන්නේ
කවි මඩුවක්ද මොන කෙං ගෙඩියක්ද මන්ද
නරි නාටකයක් පෙන්වන්නේ
කවි කියන්න කවි අහන්න කැමති අයටලු දෙන්නේ
හු කියන්න චියර් කරන්නත්
පුළුවන් බවයි පැවසෙන්නේ
අම්මා මුත්තා කාලේ කොරාපු දේවල් ආයෙම සිදු වෙන්නට යන්නේ
ඇහ කන පියාන ඉන්නට බැරි නම්
හූ කියන්න වත් පලයන්නේ
ලාංකීය සිතිවිලි කොල්ලෝ ලු කරුමේ මේ විගඩම ගෙනියන්නේ
අනේ අම්මපා අතපය හකුලන
ඉන්නට බැරිවද මේවා කොරන්නේ
කවි මඩුවට යන කොලු කෙල්ලන් රෙජිස්ටර් වෙන බවයි හැගවෙන්නේ
ඇ බං රාලේ බලමු මේකලා
මොකාටද එන්ට හදන්නේ
ඒ මුත් නොකියා බැරිය මේ ගැන
හොද හොද දේවල් එලිවෙන යාමේ
අන්න බොලේ අර සයිබර් ගොඩැල්ලේ නාඩගමක් පෙන්වන්නට යන්නේ
කවි මඩුවක්ද මොන කෙං ගෙඩියක්ද මන්ද
නරි නාටකයක් පෙන්වන්නේ
කවි කියන්න කවි අහන්න කැමති අයටලු දෙන්නේ
හු කියන්න චියර් කරන්නත්
පුළුවන් බවයි පැවසෙන්නේ
අම්මා මුත්තා කාලේ කොරාපු දේවල් ආයෙම සිදු වෙන්නට යන්නේ
ඇහ කන පියාන ඉන්නට බැරි නම්
හූ කියන්න වත් පලයන්නේ
ලාංකීය සිතිවිලි කොල්ලෝ ලු කරුමේ මේ විගඩම ගෙනියන්නේ
අනේ අම්මපා අතපය හකුලන
ඉන්නට බැරිවද මේවා කොරන්නේ
කවි මඩුවට යන කොලු කෙල්ලන් රෙජිස්ටර් වෙන බවයි හැගවෙන්නේ
ඇ බං රාලේ බලමු මේකලා
මොකාටද එන්ට හදන්නේ
2010/04/29
අත් අකුරින් නුඹ ලියු ලිපියේ
තාමත් මගෙ සිතිවිලි අතරේ
මතකය මතක් කර කර ඉන්නේ
කෝම අමතක වේවිද ලදුනේ
නුඹේ දේවල් තවම මගේ හදේ
හද පාරයි නිදි මුත් යහනේ
නිදි උනාට සිතිවිලි නොනිදේ
හීනෙන් විත් මට වද දෙන්නේ
මා කල පව මටවත් නොහැගේ
අත් අකුරින් නුඹ ලියු ලිපියේ
සෙනෙහස ළය දිය කර ගැලුවේ
මියුලැසියේ අන්තිම කවියේ
තේරුම නැහැ තවම තේරුනේ
මතකය මතක් කර කර ඉන්නේ
කෝම අමතක වේවිද ලදුනේ
නුඹේ දේවල් තවම මගේ හදේ
හද පාරයි නිදි මුත් යහනේ
නිදි උනාට සිතිවිලි නොනිදේ
හීනෙන් විත් මට වද දෙන්නේ
මා කල පව මටවත් නොහැගේ
අත් අකුරින් නුඹ ලියු ලිපියේ
සෙනෙහස ළය දිය කර ගැලුවේ
මියුලැසියේ අන්තිම කවියේ
තේරුම නැහැ තවම තේරුනේ
2010/04/28
කවි මඩුවේ වියාපෘතිය
ඩන් ...ඩන්...ඩන් අසවූ අසවූ
සකල ශ්‍රී ලාංකීය බ්ලොග් වාසි කවීශ්වර ජනයා වෙත කරන දැනුම් දීමයි. මේ.....
කවි මඩුවේ වියාපෘතිය දැනට සැලසුම් කර නිම අතර කවි මඩුව සැදීමට අවැසි ටකරන් , දැව දඩු හා මෙවලම් මේ වන විට අප කවි මඩුවේ කාරක සබිකයන් එකතු වී එක්කාසු කරමින් සිටි. තමන්ගේ රැකියාවත් බේරාගෙන මේ මඩුව සැදිය යුතු හෙයින් මඩුවේ කවි වාද ආරම්බ කිරීමට ටික දොහක් ගත වන බව සියලු කවි හිතකාමීන් කරුණාවෙන් සලකත්වා. ඒ වගේම හැකි පමණ ඉහලට තමන්ගේ දැත් ඔසවා කවි මඩු යෝජනාව පිළිගත් කවි හිතකාමී ඔබට අප කාරක සබාවේ ස්තුතිය. එමෙන්ම කවි මඩුවට එක් කිරීම සදහා ඔබ සන්තකයේ යම් අදහස් හා යෝජනා වේනම් කරුණාකර එවන් ආධාර අප හට ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ඩන් ...ඩන්...ඩන්
සකල ශ්‍රී ලාංකීය බ්ලොග් වාසි කවීශ්වර ජනයා වෙත කරන දැනුම් දීමයි. මේ.....
කවි මඩුවේ වියාපෘතිය දැනට සැලසුම් කර නිම අතර කවි මඩුව සැදීමට අවැසි ටකරන් , දැව දඩු හා මෙවලම් මේ වන විට අප කවි මඩුවේ කාරක සබිකයන් එකතු වී එක්කාසු කරමින් සිටි. තමන්ගේ රැකියාවත් බේරාගෙන මේ මඩුව සැදිය යුතු හෙයින් මඩුවේ කවි වාද ආරම්බ කිරීමට ටික දොහක් ගත වන බව සියලු කවි හිතකාමීන් කරුණාවෙන් සලකත්වා. ඒ වගේම හැකි පමණ ඉහලට තමන්ගේ දැත් ඔසවා කවි මඩු යෝජනාව පිළිගත් කවි හිතකාමී ඔබට අප කාරක සබාවේ ස්තුතිය. එමෙන්ම කවි මඩුවට එක් කිරීම සදහා ඔබ සන්තකයේ යම් අදහස් හා යෝජනා වේනම් කරුණාකර එවන් ආධාර අප හට ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ඩන් ...ඩන්...ඩන්
2010/04/22
බ්ලොග් අවකාශයේ සැරි සරන කවියන්ට කරන සුහද ආරාධනාවයි මෙ...
ඉස්සර කාලෙ ඔය ගම්වල කවීන් එකතුවෙලා පොඩි පොඩි කවි මඩු දාගෙන පොඩි පොඩි ෆන් ගත්තා කියල මම අහල තියෙනවා. ඉස්සර ස්වාධීන රුපවහිනියෙත් හිටිවන කවි මඩුවක් තිබුනා කට්ටියට මතක ඇති. ඉතින් මටත් හිතුන අපේ බ්ලොග් අවකාශය තුලත් මෙ වගෙ දෙයක් කරන්න බැරිද කියලා. මොකද අපෙ බ්ලොග් අවකාශය තුල කවි ලියන අය සැහෙන ප්‍රමානයක් ඉන්න නිසා.ඉතින් තනි තනිවම ලියලා තනි තනිවම ඉන්නවට වැඩිය පොඩි වෙනසකටත් එක්ක නරකද මෙ වගෙ වැඩක් පටන් ගත්තොත්.
රන්ඩු වෙන්න යහලු වෙන්න කවීත්වය දියුණු කරගන්න එ වගේම විනෝද වෙන්න කැමති අය ඉන්නවා නම් අපි එකතුවෙලා පොඩි කවි මඩුවක් දාමු..හරි ඉතින් කවි මඩුවක් දාන්න එක්කෙනෙකුට බැහැනේ.. සෙනග ඉන්න එපැයි..අඩුම ගානෙ චියර් එක දෙන්නවත්. ok වැඩේට කැමති අය අත උස්සල කැමෙත්ත ප්‍රකාෂ කරන්න බලන්න ඉස්සෙල්ලම. ඊට පස්සෙ වැඩේ කරන හැටි කට්ටියම එකතු වෙලා කතාබහ කරමු..
2010/04/20
හිත ගාව ගොළු ගීත මිමිනේය
පිනි මතින පිය මනින රූමතිය
නිදි නැතිය නෙතු මතට දේ හීන
සද රැක සද සේම සපෙමිණිය
හිතවතිය මගේ ලගම සෑතපේය
ඝනදුරට තරු රෑන දේ එලිය
ලොව සැවොම මේ රෑම නිදි සේය
මගේ ලයට නුබේ ලමැද තෙරපේය
මගේ නෙතුද නුබේ නෙතුද එක සේය
නෙතු ගාව පෙර හීන නලියේය
හිත ගාව ගොළු ගීත මිමිනේය
නුබේ රුද මගේ රුද අදුරේය
සිතු සේම පැතු සේම සිදුවේය
2010/04/19
නුඹටම පමනක් පෙම් කෙරූ මම තවම තනිවම තනිවෙලා
හිත කඩා බිද දමා
දුර ඈත නුබ ගියා
පිංවත් පෙම් සුවද මගේ හද ලගින් තියා
මට හිතා ගන්න බෑ
නුබ ගැන බොරු කියන්න බැහැ
මගේ සිතේ නුඹ තාමත්
පෙම්වති නිසා
හිතට පමනක් පෙම් කලා නම්
නොයයි දුරකට පියබලා
තුරුළු වී නුඹ සිසිලේ සැනෙසෙයි
මියෙන තුරු මගේ නෙතු වෙලා
නෙතට උලෙලක් උනු ඔබේ රුව
අද වෙනෙකු සතු වෙලා
නුඹටම පමනක් පෙම් කෙරූ මම
තවම තනිවම තනිවෙලා
2010/04/18
සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා
නිසංසලයි මැදියම් රැය නිහඩ වට පිට
හේවිසි හඩ අතරට පුරසද ඇවිත් ඇත
ඔයාට මල් වැසි වැටේවා ලියමි දුක් සිත
චූටි නංගි නිදි අතරෙයි ගත්තෙ පන්හිද
ඒදා පන්සලේ පිංකම් පලේ හමුවුනා
නුබේ මිතුරන් සමගින් ලහි ලහියේ වැඩ කලා
මා නොදුටුව වැනි ගානට ඔයා හැසිරැනා
හිතේ ගොඩක් දුක තියාන පස්සේ අපි ගියා
සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා
හිතා ගන්න බෑ ඒතරම් ම නපුරැ ඇයි කියා
නුබේ මැණික හඩා ලියමි ආදරේ නිසා
බෝල අකුරැ බොදව ගියා කදුළු කැට නිසා.
හේවිසි හඩ අතරට පුරසද ඇවිත් ඇත
ඔයාට මල් වැසි වැටේවා ලියමි දුක් සිත
චූටි නංගි නිදි අතරෙයි ගත්තෙ පන්හිද
ඒදා පන්සලේ පිංකම් පලේ හමුවුනා
නුබේ මිතුරන් සමගින් ලහි ලහියේ වැඩ කලා
මා නොදුටුව වැනි ගානට ඔයා හැසිරැනා
හිතේ ගොඩක් දුක තියාන පස්සේ අපි ගියා
සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා
හිතා ගන්න බෑ ඒතරම් ම නපුරැ ඇයි කියා
නුබේ මැණික හඩා ලියමි ආදරේ නිසා
බෝල අකුරැ බොදව ගියා කදුළු කැට නිසා.
2010/04/04
වෙන් වුනු හැටි
මටම දුක දුනී
නිවි නිවි දැවී
මගෙන් වහන් වුනී
ලොවක දුක දිදී
දුරක නුඹ හිදී
නුඹට දුක නැතී
ඒකම මට ඇති
ලොවට වහන් වෙවි
පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකි
වෙන් වුනු හැටි
2010/02/28
මගෙන් වෙච්ච එකම වරද
සුන්දරයි සුදුයි මගේ රත්තරං ඔයා
මගේ ලොවට ආවද දුක් දෙන්නම.... සිතා
විදවනු බැහැ මෙවන් දුකක් තනිව සිත් දරා
ගැයුවේ ඒකයි ඒ ගැන දන්වනු සිතා //
වෙන හදකට පෙම් කලාට කමක් නැහැ මට..
මේ පොඩි හිත දුක් උනාට තනිවම හඩ.. හඩ..
මේ කදුලැල් හොදට හුරුයි රත්තරං මට //
සුදු මගේ සතුටින් නම් කොහේ කොතැනක
ඉස්සර නුඹ පිදූ සෙනේ මතක් කර කර
කවි පද වැල් ලියනෙමි මා තවත් තව.. තව..
නුඹේ නෙතගට ගොඩවේ නම් කදුළු මල් කැට //
මගෙන් වෙච්ච එකම වරද මා දුන් කවි ටික
2010/02/18
සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය
2010.02.18
තෙරුවන් සරණයි
මගේ සදාදර සිනෙමා වීරයානෙණි,
විජය ඔබ අද කොහොම කොහේ සිටිනවාදැ මා නොදනිමි. කොහේ කොහොම සිටියත් සැපෙන් සනීපෙන් සුවෙන් සිටිනු ඇතැයි මම සිතමි පාර්ථනා කරමි. ඹබගේ සුවදුක් පවසා පිළිතුරැ ලිපි නොලියන බව මා දනිමි. නමුත් මා ඹබට ලියමි. ඒ මම ඔබට ඒ තරම් ආදරය කරන නිසාවෙනි.
සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය. ඔබ සිටි කාලයේ කල කී දෑ මම අසා නරඹා සවන් දී හා කියවා ඇත්තෙමි. එයින් මා සිතේ ඔබ කෙරෙහි වීරත්වයක් ගොඩනැගුනි. ඔබගේ චිත්‍රපට සියල්ලම නොවුනත් වැඩි ප්‍රමානයත් නරඹා ඇත්තෙමි. ඔබගේ ආරෝහ පරිනහදේහය, අවංක අව්‍යාජ සිනාව, ඹටම ආවේනික කෙස් කලඹ ඔබගේ රංග පෞර්ෂත්වය ඔප්නැංවු පෙර පින් බලයෙන් ඔබට හිමි වූ ආබරණයන්ය.. ඔබගේ සියළු ගීතයන් මා අසා ඇත්තෙමි. ඉතාම ගැඹුරැ කටහඩකින් ඉතාම ළයාන්විතව ඔබ ගැයූ ගීත විඩා බර මනසට දිව ඔසුවන්ය. ඔබ ගැයූ ගීත වලින් මම කැමතිම ගීතයේ කොටසක් පහලින් දක්වා තිබේ.
ඔබ අප තනිකරගොස් පෙබරවාරි 16 වෙනිදට අවුරැදු 22කි. නමුත් ඔබෙන් හිස් වු ලාංකීය සිනමාවේ නළුවාගේ චරිතය තවමත් විවෘතය. මේ අවුරැදු 22 පුරාවට ඔබවන් වූ සිනෙමා වීරයෙක් තවද අපට නැත. ඔබත් සමග ලාංකීය වානිජ සිනමාව තවමත් කඩා වැටෙමින් පවතී. ඉද හිට එක එක චිත්‍රපටිද එක එක රංගධරයන් පැමිණියද නළුවා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන් අද නැත. ඔබ ඔවුනද ඔබත් සමග රැගෙන ගියෙදැයි මා නොදනිමි. නළුවා නිසා නැතහොත් වීරයා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන්ගෙන් දැන් සිනෙමා ශාලා හවුස් ෆුල් වන්නේ නැත. ඒ ඔබගේ රංග පෞර්ෂත්වයට සම කරන්න තවම රංගන ශිල්පියකු අප සිංහල සිනමාවට ආවේ නැති නිසා වෙනි. ඔබගේ අඩුව නිසා විදේශිය නළුවන් අප රටේ නිතරගයෙන් වීරයන් වී සිටී.
විජය කුමාරතුංගයානෙණි තව එක් වරක් වත් පැමිණ ලක් පොළවේ පය ගසා අපගේ වීරයා වන්න. තවමත් කඩාවැටෙමින් පවතින අපගේ වානිජ සිනමාව ගොඩගන්න උදවු කරන්න. ඔබෙන් හිස්වු සිංහල සිනෙමා වීරයාගේ චරිතය ඔබ එන තුරැ තවමත් බලාගෙන සිටී. අදට මා නවතිමි . ආයෙම ලිපියකින් ඔබ අමතන තුරැ ඔබට බුදු සරනයි.
ඔබට සදා ළබැදි
සහෘදයා
තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරං අම්මේ
මං පඩි අරං අදහෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවිරැකවරණයි උඹට
(මෙම ගීතයෙ blog embed code දන්න කවුරු හරි ඉන්නවනම් මට ලබා දීමට කාරුනික වන්න)
Subscribe to:
Posts (Atom)






