2009/12/29

ඇන්ජලින්ගේ දූලා සාරි

නාරි නාරි නුබේ සාරි සාරි හැඩ
දින දින අදිනා ඒවා
බෝල බෝල මුතු කවඩි පබලු වැල්
අමුනා අදිනා ඒවා
රන් වන් රන් මල් මල් කම් වැල්
ගෙත්තම් කර අදිනා ඒවා
නෙත් සිත් බදනා හැරි හැරි බලනා
රූසිරි වඩනා නුබේ වත රකිනා


සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි කොහෙන්ද සාරි
මේවද මේ බරණැස් සාරි


සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරී නොගෙනා කාරී
මේවද මේ සිල්කී සාරී


සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි මේවද සාරි
ඇන්ජලින්ගේ දූලා සාරි

6 comments:

  1. උඹේ මේ ලියන පදවැල් තාම කාගෙවත් ගායකයෙකුගේ ඇහැ නොගැහුනේ ගායකයන්ගේම පවට වෙන්ටෝන මලයා . . .අහ් අසන්නන්ගේ පවටත් ඔව් . . .

    ඇත්තෙනම් ඒවා හරිම සුන්දරයි මචං . . .

    ReplyDelete
  2. අප්පට සිරි මු වර්ණනා කරන ඒවා. ඔෙහාම්මම අැතුලට අැතුලට පලයන් . හි හි [කව්ව දෙ තෙරැනා කියලා හිතනවා]

    ReplyDelete
  3. හිහ් හිහ්....ඔහොම කියද්දි ලැජ්ජයි ලැජ්ජයි වගේ දුකා. කමක් නැහැ හදවතින්ම කියන එකනේ. මට ලොකු හැතියාවක් වක් නම් නැහැ නමුත් මට ආසයි මගේ එකම එක පද වැලක් FM එකකින් අහන්න.මමත් ගායකයෝ & music editors ලා පස්සේ ගියා කාලයක්. නමුත් එයාලට අපිට ඇහුම්කම් දෙන්නටවත් වෙලාවක් නැහැ. එයාලා කියන්නේ අච්චරක් රුපියල් අරන් එන්න මෙච්චරක් රුපියල් අරන් එන්න කියලා. බලමු බලමු කොකාටත් වාරයක් නම් අර මොකාටදත් වාරයක් තියෙනවළුනේ.

    හිතවත් චැප් කවුරු මොනවා නොකීවත් උඹ හැමදාම මට මොකක් හරි කියලා යනවා. ඒකෙන් එකෙක් හරි මගේ පැත්තට ඉන්නවා කියලා හිතෙනවා. ස්තුති. මම කැමතී චැප්ව පුද්ගලිකව හදුනා ගන්න. e mail කරන්න. senewiratna@gmail.com

    tnx supun

    ReplyDelete
  4. ඔන් මම ජි ටොල්ක් වලටත් ඇරයමක් කලා

    ReplyDelete
  5. හැෙමා්ටම ස්තුති‍.

    ReplyDelete

ඇත්තම කියන්න