2010/07/27

පින්නේ පිපුණු මලක් වගෙයි



ආසයි හරි පරිස්සමට
ඔය දෙකොපුල් පිරිමදින්න
සියුමැලි කම වැඩිම හන්දා
ලෝබයි මම අත තියන්න


වල ගැහෙන්න සිනා සුනත්
සමනළ තටුවක් වාගෙයි
කදුළු බිංදු ගලා ගියත්
පින්නේ පිපුණු මලක් වගෙයි


‍සිහින් සුළං හමා ගියත්
කෙස්රොද මුහුනටම එබෙයි
මුව සිබ එක් ඇසිල්ලකින්
ආයෙම පවනට මුසුවෙයි






10 comments:

  1. වර්ණනාව උපරිමයි ...................

    ReplyDelete
  2. කවුද මේ ගැටිස්සි..
    ලස්සනයි කවිය..

    ReplyDelete
  3. ගිත්... කොහොමැයි...? මෙ දැස මක්කටැයි...?

    ReplyDelete
  4. කෙල්ල නම් ලස්සනයි

    ReplyDelete
  5. හරිම ලස්සනයි!!!ඔයාගේ කවිය කියවද්දි හිතට හරිම සනීපයක් දැනුනා... :)

    ReplyDelete
  6. ලස්ස්නම ලස්ස්නයි අයියේ ...අද පදටික...
    කාගෙන් හරි ඉගියක් ලබුනද..?

    එකත් ජයසිරි මන්ගලම්..........හේ...

    ReplyDelete
  7. ඇත්තටම ලස්සනයි....

    ReplyDelete

ඇත්තම කියන්න