අමිල නිවන මා හට
පා යුග ලග සුරලොව
පියතුම නුඹේ පුතු මම
ගයෙනෙමි පිය ගුණ ගැන
නපුරු දුදන දන ලග
මුලා නොවී කතරක
ණැනස නුවණ පෙරමුන
ලැබුනේ නුඹ ගෙන් මට
ලොවුතුරු සම්බුදු ගුණ
සිහි කැදවන නුඹේ හද
හැමදාටම නුඹ මට
දෙවියෙකි දෙවියන් හට
බිම්මල් පිපිලා පිල්කඩ අයිනේ
ඊයේ වට වරුසා වැස්සේ
සල් මල් තරමට පිං මද මේ මල්
කුස්සියේ මැටි වලදේ සැතපේ
උපතින් නොලැබුණු සුවද සොයාගෙන
තුනපහ අතරේ දැවටේ
දාහය දාරාන සියුමැලි සුදු පෙති
හැන්දට ඕනා විදිහට රගතේ
සුවදයි සුවදයි කියාන නෙතගේ
කෑදර බැලුම් හෙලාය මේසේ
බුදු පාමුල මලසුන ඉඩ නැති
බිම් මල් බෝජනසුන මත්තේ නිම වේ