නිසංසලයි මැදියම් රැය නිහඩ වට පිට
හේවිසි හඩ අතරට පුරසද ඇවිත් ඇත
ඔයාට මල් වැසි වැටේවා ලියමි දුක් සිත
චූටි නංගි නිදි අතරෙයි ගත්තෙ පන්හිද
ඒදා පන්සලේ පිංකම් පලේ හමුවුනා
නුබේ මිතුරන් සමගින් ලහි ලහියේ වැඩ කලා
මා නොදුටුව වැනි ගානට ඔයා හැසිරැනා
හිතේ ගොඩක් දුක තියාන පස්සේ අපි ගියා
සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා
හිතා ගන්න බෑ ඒතරම් ම නපුරැ ඇයි කියා
නුබේ මැණික හඩා ලියමි ආදරේ නිසා
බෝල අකුරැ බොදව ගියා කදුළු කැට නිසා.
2010/04/18
2010/04/04
වෙන් වුනු හැටි
මටම දුක දුනී
නිවි නිවි දැවී
මගෙන් වහන් වුනී
ලොවක දුක දිදී
දුරක නුඹ හිදී
නුඹට දුක නැතී
ඒකම මට ඇති
ලොවට වහන් වෙවි
පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකි
වෙන් වුනු හැටි
2010/02/28
මගෙන් වෙච්ච එකම වරද
සුන්දරයි සුදුයි මගේ රත්තරං ඔයා
මගේ ලොවට ආවද දුක් දෙන්නම.... සිතා
විදවනු බැහැ මෙවන් දුකක් තනිව සිත් දරා
ගැයුවේ ඒකයි ඒ ගැන දන්වනු සිතා //
වෙන හදකට පෙම් කලාට කමක් නැහැ මට..
මේ පොඩි හිත දුක් උනාට තනිවම හඩ.. හඩ..
මේ කදුලැල් හොදට හුරුයි රත්තරං මට //
සුදු මගේ සතුටින් නම් කොහේ කොතැනක
ඉස්සර නුඹ පිදූ සෙනේ මතක් කර කර
කවි පද වැල් ලියනෙමි මා තවත් තව.. තව..
නුඹේ නෙතගට ගොඩවේ නම් කදුළු මල් කැට //
මගෙන් වෙච්ච එකම වරද මා දුන් කවි ටික
2010/02/18
සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය
2010.02.18
තෙරුවන් සරණයි
මගේ සදාදර සිනෙමා වීරයානෙණි,
විජය ඔබ අද කොහොම කොහේ සිටිනවාදැ මා නොදනිමි. කොහේ කොහොම සිටියත් සැපෙන් සනීපෙන් සුවෙන් සිටිනු ඇතැයි මම සිතමි පාර්ථනා කරමි. ඹබගේ සුවදුක් පවසා පිළිතුරැ ලිපි නොලියන බව මා දනිමි. නමුත් මා ඹබට ලියමි. ඒ මම ඔබට ඒ තරම් ආදරය කරන නිසාවෙනි.
සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය. ඔබ සිටි කාලයේ කල කී දෑ මම අසා නරඹා සවන් දී හා කියවා ඇත්තෙමි. එයින් මා සිතේ ඔබ කෙරෙහි වීරත්වයක් ගොඩනැගුනි. ඔබගේ චිත්‍රපට සියල්ලම නොවුනත් වැඩි ප්‍රමානයත් නරඹා ඇත්තෙමි. ඔබගේ ආරෝහ පරිනහදේහය, අවංක අව්‍යාජ සිනාව, ඹටම ආවේනික කෙස් කලඹ ඔබගේ රංග පෞර්ෂත්වය ඔප්නැංවු පෙර පින් බලයෙන් ඔබට හිමි වූ ආබරණයන්ය.. ඔබගේ සියළු ගීතයන් මා අසා ඇත්තෙමි. ඉතාම ගැඹුරැ කටහඩකින් ඉතාම ළයාන්විතව ඔබ ගැයූ ගීත විඩා බර මනසට දිව ඔසුවන්ය. ඔබ ගැයූ ගීත වලින් මම කැමතිම ගීතයේ කොටසක් පහලින් දක්වා තිබේ.
ඔබ අප තනිකරගොස් පෙබරවාරි 16 වෙනිදට අවුරැදු 22කි. නමුත් ඔබෙන් හිස් වු ලාංකීය සිනමාවේ නළුවාගේ චරිතය තවමත් විවෘතය. මේ අවුරැදු 22 පුරාවට ඔබවන් වූ සිනෙමා වීරයෙක් තවද අපට නැත. ඔබත් සමග ලාංකීය වානිජ සිනමාව තවමත් කඩා වැටෙමින් පවතී. ඉද හිට එක එක චිත්‍රපටිද එක එක රංගධරයන් පැමිණියද නළුවා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන් අද නැත. ඔබ ඔවුනද ඔබත් සමග රැගෙන ගියෙදැයි මා නොදනිමි. නළුවා නිසා නැතහොත් වීරයා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන්ගෙන් දැන් සිනෙමා ශාලා හවුස් ෆුල් වන්නේ නැත. ඒ ඔබගේ රංග පෞර්ෂත්වයට සම කරන්න තවම රංගන ශිල්පියකු අප සිංහල සිනමාවට ආවේ නැති නිසා වෙනි. ඔබගේ අඩුව නිසා විදේශිය නළුවන් අප රටේ නිතරගයෙන් වීරයන් වී සිටී.
විජය කුමාරතුංගයානෙණි තව එක් වරක් වත් පැමිණ ලක් පොළවේ පය ගසා අපගේ වීරයා වන්න. තවමත් කඩාවැටෙමින් පවතින අපගේ වානිජ සිනමාව ගොඩගන්න උදවු කරන්න. ඔබෙන් හිස්වු සිංහල සිනෙමා වීරයාගේ චරිතය ඔබ එන තුරැ තවමත් බලාගෙන සිටී. අදට මා නවතිමි . ආයෙම ලිපියකින් ඔබ අමතන තුරැ ඔබට බුදු සරනයි.
ඔබට සදා ළබැදි
සහෘදයා
තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරං අම්මේ
මං පඩි අරං අදහෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවිරැකවරණයි උඹට
(මෙම ගීතයෙ blog embed code දන්න කවුරු හරි ඉන්නවනම් මට ලබා දීමට කාරුනික වන්න)
2010/02/13
වැලන්ටයින් ට කඩේයන වානිජවාදී ආදරයෙන් අත්මිදෙන්න
ආහ් කට්ටියම සූදානම් වෙන්නේ වැලන්ටයින් ව සමරන්ට වගේ. ශෝක් ඔහොම යන් ඔහොම යන්. දැන් කට්ටියම මාල වලලු කරාබු පෙන්ඩන්ට් චොකලට් රෝස මල් අයි පොඩ් මොබයිල් ෆෝන් එහෙම අරගෙන සූදානම් ශරීරයෙන් ඇත්තේ. ශෝක් කියන්ට තමා තියෙන්නේ. වෙන මක්කක් කියන්ටද? ම්......නැත්තෙමත් නැහැ. ඔන්න ඔහේ කියල දානවා ඕන මරදානක් වෙන්න කියලා. සිතන්නට තහන්චි නැතිමුත් ලියන්නට තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරබයා සගවාගෙන සිටිම්ද?
සමහරු නම් කෙල හල හල බලාගෙන ඉන්න ඇත්තේ මාස 2 ක 3 ක ඉදන්ම මේ වැලයා එනකන්. මොකද තමන්ගේ පෙම්වතාට පෙම්වතීට තමන්ගේ ආදරේ තරම පෙන්නන්න. ආදරේට තරමක් කිරුමක් මිණුමක් අවශ්‍යද එවැන්නක් කල හැකිද කියන පුශ්නයකුත් පැන නගිනවා. සහෘදයා හිතන හැටියට නම් ආදරේ මෙච්චරයි කියලා පෙන්වන්න විදිහක් නැහැ. ඒ වගේම ආදරයේ තරම ඔප්පු කල යුතු හෝ පෙන්වීය යුතු දෙයක් ද නොවේ. එය හදවතින් හදවතට දැනෙන හැගෙන දෙයක් හැටියටයි සහෘදයා දකින්නේ.එය හදවතින් මොලයටත් මොලයෙන් හදවතටත් අනෙකා අනෙකා කෙරෙහි අවබෝධ කර ගත යුතු දෙයකි. එය අනෙකා අනෙකාට අවබෝධ කර දිය යුතු දෙයක් නොවේ. එසේම තමන්ගේ ආදරයේ තරම අනෙකාට අවබෝද කර දෙන්න සිදුවන්නේ නම් එතන ඒ දෙදෙනා අතර සැබෑ ආදරයක් සෙනෙහසක් පවතිනවාද දෙදෙනා කෙරෙහි සැබෑ අනෝන්‍ය අවබෝධයක් පවතිනවාද යන්න දෙවරක් සිතීය යුතු කාරනයකි.
වානිජවාදී ආදරයක් තුල සැබෑ ආදරයක් නැත. සැබෑ ආදරය ඇත්තේ සවෘන්දර්යාත්මක ආදරයක් තුලය. සැබෑ ආදරවන්තයින්ට විශේෂිත දිනයක් හෝ තෑගී බෝග අවැසි නැත. සැබෑ ආදරවන්තයින්ට ඔවුන් මුන ගැසෙන හැම තත්පරයක්ම විශේෂිත මොහොතකි. දොඩමලු වන සෑම වචනයක්ම ආදරයේ තරම පෙන්වන විශේෂිත ත්‍යාගයකි. සැබෑ ආදරවන්තයින් සැබෑ ආදරවන්තියන් අනෙකාගෙන් ත්‍යාග හෝ වානිජවාදී වටිනාකම් බලාපොරෝත්තු නොවේ. එලෙස ඉල්ලීම් නොකරයි. මේ එලබෙන වැලයාගේ දිනය හේතු කොටගෙන ඔබ ඔබගේ සවෘන්දර්යාත්මක ආදරය සැබෑ සෙනෙහස රුපියල් සත වලට අලෙවි නොකරන්න. යුරොපීය ඩොලර් මුදලාලීලාට කඩේයන මෙරට ජනමාධ්‍ය ඔබේ ඔලුවට ඔබන කුණු කන්දල් හේතු කොට ගෙන ඔබගේ පරම පිවිතුරු ආදරය චොකලට් පෙත්තකට පාවා නොදෙන්න. ඔබේ ආදරය වසරේ එක දවසකට සීමා කරන්න හදන ජනමාධ්‍යන්ට ඔබගේ ආදරයේ නාමයෙන් අවනත නොවන්න. ඔබ සැබෑ ආදරවන්තියක් නම් සැබෑ ආදරවන්තයෙක් නම් වානිජවාදී වැලන්ටයින් මුදලාලිව මෙරටින් පන්නන්න පෙළ ගැසෙන්න. එය කල හැක්කේ වානිජ වාදී වැල ජනමාධ්‍යන් මගින් විකුනන ආදර උපකරන මිලදී ගැනීමෙන් වැලකී සිටීමෙනි. සැබෑ ආදරණීයන්ගේ ආදර උපකරන ඇත්තේ පපු කුහර මධ්‍යයේය.
2010/02/04
ආවඩා ආයූ බෝ වේවා
ඔන්න කාලෙකට පස්සේ සහෘදයා ආවා. අද නිදහස් දිනය. අද මුළු ලංකාවම නිදහසේ සැබෑ සුවය අත්විදිනවා ඇති. මම එහෙම කිවුවේ මම ලංකාවේ නැති නිසා..අපි ඉපදුන දා පටන් හැම වසරකම නිදහස් උත්සවය සැමරැවත් එය නිකම්ම නිකන් නොකර බැරි දෙයක් නිසා කෙරැවා වගේ හැගීමකින්නේ අපි එය සැමරැවේ.. මොකද යටත් විජිතයෙන් අපි නිදහස් උනත් අර ගල් මූසලයා අපිට නිදහසේ යටත් විජිත වාදී නිදහසවත් සමරන්න දුන්නේ නැහැ නේ.. කොයි වෙලේ කොහේ පුපුරයිද කියලා බයෙන් නේ අපි හිටියේ.. ඒත් අද ඒ තත්වය නැහැ. අද අපි සැබෑවටම නිදහස්. සිතින් ගතින් හැම විදිහකින්ම නිදහස්. නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....හැම දෙයකින්ම අපි නිදහස්.
හු..............................නිදහස්.....නිදහස්.....කන්දක් මුදුනට නැගලා හු......කියලා කෑලහලා කියන්න ඇතිනම් මේ නිදහසේ අගේ. ඒ තරමටම අපිට දැන් සැබෑ නිදහසේ අගේ තේරෙනවා. හූ කියලා කෑගහලා හරි නිවාඩු දවසේ නිදහසේ පොඩි අඩියක් දාලා හරි සමරන නිදහසින් ඔබට ආත්ම තෘප්තියක් ලැබේවී නමුත් අමතක කරන්න එපා අපිට අවැසි විදිහකට නිදහසේ නිදහස සමරන්න ලැබුනේ තමන්ගේ නිදහසත් ඇගේ අතපය ඇට මස් ලේ නහර හා ජීවිතය බිලි දුන් අපේ සහෘදයන් රැසක් නිසා බව..
එදා ගොන්ගාලේ ගොඩ බණ්ඩලා වීර පුරන්අප්පුලා කැප්පෙටිපොළ සෙනෙවිලා ආදී වීරයනුත් අද හසලක ගාමීණිලා නීරොලා වැනී වීරයනුත් මතක් කරලා ඔවුන්ට පින් අනුමෝදන් කරන්න... ඔවුන් වෙනුවෙන් එක පහනක් පත්තු කරන්න. මතු උපදින ආත්මබවයක ඔවුන්ට අකල්මරනයන්ට ගොදුරැ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න.. මතු උපදින ආත්මයක සැබෑ නිදහසේ සැබෑ සුවය සිසිලස අත් විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න..
ඔබට සැබැ නිදහසේ සැබෑ සිසිළස සුවය දැනේවා.
2009/12/29
ඇන්ජලින්ගේ දූලා සාරි
නාරි නාරි නුබේ සාරි සාරි හැඩ
දින දින අදිනා ඒවා
බෝල බෝල මුතු කවඩි පබලු වැල්
අමුනා අදිනා ඒවා
රන් වන් රන් මල් මල් කම් වැල්
ගෙත්තම් කර අදිනා ඒවා
නෙත් සිත් බදනා හැරි හැරි බලනා
රූසිරි වඩනා නුබේ වත රකිනා
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි කොහෙන්ද සාරි
මේවද මේ බරණැස් සාරි
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරී නොගෙනා කාරී
මේවද මේ සිල්කී සාරී
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි මේවද සාරි
ඇන්ජලින්ගේ දූලා සාරි
දින දින අදිනා ඒවා
බෝල බෝල මුතු කවඩි පබලු වැල්
අමුනා අදිනා ඒවා
රන් වන් රන් මල් මල් කම් වැල්
ගෙත්තම් කර අදිනා ඒවා
නෙත් සිත් බදනා හැරි හැරි බලනා
රූසිරි වඩනා නුබේ වත රකිනා
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි කොහෙන්ද සාරි
මේවද මේ බරණැස් සාරි
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරී නොගෙනා කාරී
මේවද මේ සිල්කී සාරී
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි මේවද සාරි
ඇන්ජලින්ගේ දූලා සාරි
2009/12/23
මගේ පුංචි මියුලැසීට
සදුන් හදෙක නැවුම් සුවද
විදින්න දුන්නු නිසා මෙමට
මගේ පුංචි මියුලැසීට
ආදරෙයි මා හදවතින්ම
බොද මීදුම් සිසිල දුන්නු
පිච්ච මලෙක සුදු පැහැයට
හදේ තියෙන ස්නේහේ තරම
නැහැ දන්නේ මුමුනන්නට
ගිමන් හදෙක විඩා නැසූ
ඇල්ලක දියෙ සිසිලේ තරම
පිං මදිවෙයි නුඹට දෙන්න
දුන්නු ස්නේහේ ගංගාවට
2009/12/11
නාරී රූපා වැස්සේ තෙමලා
නාරී රූපා වැස්සේ තෙමලා
කෙහෙරැල්ලෙන් බිම බැස යනවා
රූරා වැටෙනා වැහි බිදු දැකලා ලෝබයි මට මා ගැන නන්ගා
ලෝල කමට මල් මල් හිනහා
සීතලේට ගැහි ගැහි නගනා
මල් වැස්සේ තව තව තෙමෙනා
දැක නැත කෙල්ලක් මේ ලෙසිනා
නැත අප නෙත නෙත හා ගැටිලා
සැගවී මා රුව සුව විදිනා
වැස්සත් ඉද හිට ඇද හැලෙනා
රහසේ හරි හරි වැඩ කෙරෙනා
2009/11/30
2009/11/25
ඔබ විවාහ වන වයසේද? එහෙනම් මේකත් කියවන්න.
ඔබ විවාහකයෙක්ද? ඔබ විවාහ මංගල්‍යය ජයටම ගත්තද? ඔබ කුකලන් කී දෙනෙක් බිලි දුන්නාද? ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? ඔබ කුකුලන් කී දෙනෙක් බිලි දීමට බලාපොරොත්තු වන්නේද? ඔබේ ෆන් එකට අහිංසක කුකුල්ලු බයිට් ද?
කුකුලා අහිංසක සතෙකි. කුකුලන්ගේ ප්‍රධාන සතුරා කලවැද්දාය. නරියද ඉදහිට සතුරුකම් කරන්නේය. ඒ වුනාට මිනිසා තරම් කුකුලට සතුරු කම් කරන එකදු සතෙක් වත් නැත. මිනිසාගේ ප්‍රධාන මාංශ ආහාරය කුකුලන්ය. කුකුලකු හීනෙන් දැක්කත් කොට්ටය තෙමෙන්නම කෙල හලන්නේය. ඒ තරමටම අපේ ඇත්තන් කුකුලන්ට පෙරේතය. මේ තරම්ම මිනිසුන් කුකුල් මසට ලොබ ඇයි දැයි සහෘදයට තේරුම් නැත.
විවාහ මංගල්‍යයක් කීවොත් ඉතින් හදන බඩු ලිස්ට් එකේ උඩින්ම ලියවෙන්නේ කුකුලන්ගේ කිලෝ බරය. ඔබ ලොකුවට ගන්න යන්නේ ඇත්තටම විවාහ මංගල්යලයක්ද බිලි පූජා දෙන තොවිලයක් ද? තොවිලයක් කීවොත් ඉතින් එන පෙරේත කුම්භාන්ඩයන්ට බිල්ලක් නොදී දෙන ලෙඩ දුක් අන වින නැති කරගන්න බැහැය කියන වනේ. ඉතින් කෝකටත් හෙනරාජ තෛලේ වගේ කුකුලගේ කරුමේ. ඔබේ විවාහ උත්සවයට ඔබ ආරාධනා කරන්නේ කුම්භාන්ඩයන්ටද? නැතිනම් කුකුල් පෙරේතයන්ටද?
ස්වභාව ධර්මයට අනුවද ජෛව විද්‍යාවට අනූවද තව සතෙක් තව සතෙකුගේ ආහාරයෙකි. සැබෑය මිනිසාද සතෙකි. හැබැයි ආධ්‍යාත්මක ධර්මයන්ට අනුව නම් සත්ව ඝාතනයන්ට විරුද්ධය. "ආධ්‍යාතත්මක ධර්මයන්ට අනුව ඉතින් සියළු දේ සිතුවහොත් කන්න වෙන්නේ පස් තමයි". ඒ තමයි කුකුල් පෙරේතයන්ගේ ප්‍රධාන සටන් පාඨය. ගෞතමයන් වහන්සේද ආහාරය පිණිස මාංශ අනුබවය අකැපයි කියා නැත. නමුත් ප්‍රාන ඝාතනය අකුසලයක් ලෙසත් ඒ පවු ගොනු බැදි රියසක මෙන් පසු පස එන බවත් පෙන්වා දුණි. උන්වහන්සේද සූකර මාංශ වැලදුවේය. ඒ මාංශ පෙරේතකමකට නම් නොවේය. ඒ දන් පිනිස පිලිගැන් වූ යමක් ප්‍රතික්ෂේප කිරීම නොමනා නිසාය. ඒ වගේම ඒ පවු එදිනම පල දී දරුණූ උදර රෝගයකට උන්වහන්සේ මුහුණ පෑවේය. (එම දහම් කථාව නොදත් අන්‍ය ආගමිකයෙක් වෙතොත් ඒ පිළිදව දන්නා අයෙක්ගෙන් අසා දැනගත්වා)
පවු පින් කෙසේ වෙතත් මෙලොව ජීවත්වන හැම ජීවියෙකුටම ස්වාධීනව ජීවත් වීමට අයිතියක් ඇති බව උසස් චින්තනයක් ඇති මනුස්සයා නම් සතා දනී. අන් සතුන්ට වඩා ද අවුරුදු දහස් ගනනකට පෙර සිටි මිනිසුන්ට වඩා ද වර්තමාන මිනිසා බුද්ධිමත්ය. ඉතින් මිනිසාගේ ආහාරය පිනිස ඕනෑ තරම් ගස්ගෙඩි ද ඵල වැල ඇත්නම් තවත් කුමට අහිංසක සතුන් මරන්නේද? ආහාර අහේනියක් හෝ ආහාරය පිනිස වෙන විකල්පයක් ඇත්තෙම නැතිනම් මෙවැනි මාංශ විකල්පයකට යා යුතුවෙයි. එවිට ආධ්‍යායත්මක ධර්මය දෙවැනි වී ස්වභාව ධර්මය පෙරට ඒය.
නමුත් ඔබට ආහාර අහේනියක් නැත. කුකුලන් ද අනෙකුත් මාංශයන්ගෙන්ද තොර ඉතාම උසස් විවාහ මංගල්‍යයක් ඔබට ගනු හැකිය. ඒ සදහා ඕනෑ තරම් ප්‍රණිත ආහාර ඇත. එසේ ඕනෑතරම් ආහාර තිබියදීත් ඔබ ඔබගේ ප්‍රීතිය තකා අහිංසක කුකුලන්ගේ පිළිගද මස් ගොබ ඔබගේහිතවතුන්ගේ කුසට ඔබන්නේද? ඔබගේ විවාහය ට කුකුලන් බිලිදිය යුතුමද? ඔබගේ බෝතලේට කුකුලා බයිට් විය යුතුමද? පවු පින් ලෙසත් නොව විද්‍යාත්මකවත් නොව මනුෂයකු ලෙසින් මනසින් සිතන්න. සහෘදයාගේ පැතුම, ඔබගේ විවාහ උත්සවය කුකුල් රුධිරයෙන් තොර විවාහ මංගල්‍යයක් වේවා.
2009/11/20
BAR TABLE
සහෘදයාට හිතුනා සහෘදයා හදපු ත්‍රිමාණ ආකෘති කිහිපයක් සහෘදයන් එක්ක බෙදාහදා ගන්න. ඔන්න අද ඉදන් සහෘදයාගේ 3D Models. මේ සහෘදයා නිවසකට හදපු Bar Table එකක ත්‍රිමාණ ආකෘතියක්.
2009/11/19
සිත්තරා මමයි
රූසිරි වර්ණනාව සුරගන පරදන
සප්තස්වරයෙන් ගයමි මෙමා
සිහසුන අතහැර සියොලග පෙම ගෙන
සිහගිරි පවුවෙන් බැස ආදා
නිල් උපුලී නිල් නෙළුම් නෙලාසිහසුන අතහැර සියොලග පෙම ගෙන
සිහගිරි පවුවෙන් බැස ආදා
නිල් දිගැසින් වට හොරෙන් බලා
නිල් දියමත්තේ ලැමත් තෙමා
මා වෙත ආවෙද නැකත් බලා
සදරැස් මෙන් හැඩ ඇති රේඛා
සද එළියෙන් හැඩවුන රේඛා
නුබෙ ගත ඇති කෝමල රේඛා
තව ඇත සිත්තම් කල රේඛා
2009/11/17
මල්වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පරම්පරාවටත් රැකගන්නවාද?
සති දෙකකින් විතර මොකවත් ලියන්න බැරි වුනා. මොකද සහෘදයා රාජකාරි මට්ටමින් කාර්යය බහුලත්වයකට පත් වෙලා හිටිය නිසා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. අද ලියුව එක නම් ටිකක් දෙගෙඩියාවෙන් ලියුවේ. මොකද මේ වගේ මාතෘකාවක් පිලිබදව කථා කරන්න මට තියෙන අයිතිය මොකද්ද තියන එක පිළිබදව කවුරු හරි ප්‍රශ්ණ කරන්න ඉඩ තියෙන නිසා. මම දන්නෙත් නැහැ මට ඇති අයිතිය මොකද්ද කියලා නමුත් හිතන්න තහන්චි නැති මුත් ලියන්න තහන්චි නැති මුත් මාගේ සිතිවිලි කුමක් අරබයා සගවා ගෙන සිටිම් ද?
මට මේ කථාව ලියන්න හිතුනේ ලග දී දැක්ක මල්වර වීමේ උත්සවයක් නිසා. ගැහැණු ළමයෙක් වැඩැවියට පත් වෙලා ලග ගෙදරක. ඉතින් ඒ ගෙදර ලොකු පාටියක්. හරියට 1st class වෙඩින් එකක් වගේ. එදා රෑ අපිට නින්දක් නැහැ. තුන්ලෝකෙටම ඇහෙන්න මෙලෝ රහක් නැති දඩ බඩ DJ එකකට කට්ටියම හොද පදමට දාගෙන හූ කිය කිය ජෝගි නටනවා. මට අනේ අපොයි කියලා හිතුනා. පව් අර අසරණ දැරීවි.
ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම යනු එම දැරිවියගේ ශරීර අභ්‍යන්තර මූලික ශරීරයේ වෙනස් කම් කිහිපයක් ඇතිවීමකි. නැතහොත් එම තැනැත්තියගේ ශරීරය ප්‍රජනන ක්‍රියාවලීයට පූර්ව සූදානම් බව ජීව විද්ය්‍යාත්මකව හැගවීමකි. එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය මූලික කරගෙන රෝත්ත බුරුත්ත පිරිවරා සැමරීට තරම් දෙයක් ඇති බවක් නම් මට පෙනෙන්නට නැත.
අඩු වයසින් වැඩිවියට පත් වන අවස්ථා වර්ථමානයේ සුලබ දෙයක් බවට පත්ව තිබේ. එයට හේතු වශයෙන් අධික තෙල් ආහාර හා කෘතීම ආහාර චර්යාවන්ට හුරු වීමත් ලිංගික උත්තේජනයන් ඇති කරන්නා වූ සමාජීය සාධක ත් බලපාන බැවු සමාජ විද්ය්‍යාඥයින්ගේ මතයයි. කෙසේ නමුත් වයසින්ද මනසින්ද ළදරු වයසින් වැඩිවියට පත් වීම යනු එම දරුවාට තේරුමක් ගෙන නොදෙන්නක් විය හැකිය. ඒ වගේම සහෝදරයින් පියා හා පිරිමි ඇසුරින් ඈත් කිරීමෙන් ද දවස් ගනන් කාමරයකට දමා කාමර අඩස්සියේ තැබීමෙන් ද පිලි ආහාර සහිත ආහාර රටාවන් වෙනස් කිරීමෙන්ද තමාව දැඩි පාලනයක ලක් කර ඇති බවද එම සෙල්ලක් කාර වයසට දරා ගැනීමට නොහැකි විය හැකිය. එසේම එය ළමා මනසට දැඩි වෙහෙසකර වූත් මානසික ආතතියක් ඇති කරන්නා වූත් ක්‍රියාවලක් වීමට ද පුළුවන.
අපට චාරිත්‍ර වාරිත්‍ර ගතිගුන හා ගුණාංගයන් ලැබෙන්නේ අපගේ දෙමාපියන් ඇතුළු වැඩැහිටියන්ගෙනි. මෙවැනි මල් වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඒ කාලයට සුදුසු බසුබිමක් තියෙන්න ඇති. එකල සමාජයන් මේ තරම් සංකීර්ණ නැත. ඒ වගේම ඒකල නිසි වයසට අනූව එවැනි මල්වර වීම් සිදුවෙන්නටත් ඇති. එම සිදුවීමට අදාලව භාහිර සමාජයෙන් වෙන් කර තබන්න ඇත්තේ එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය තුල ඉතාමත් කෙටි දින කිහිපයක් ඇතුලත එම තැනැත්තියගේ ශරීරයේ හැඩය වෙනස්වීම (ලැම ඉස්සීම) වැනි ක්‍රියා නිසා සමාජය ඉදිරියේ එම තැනැත්තිය අපහසුතාවයකට පත් වෙතැයි සිතා විය යුතුය. තවද ප්‍රථම වතාවට සිදුවන රුධිර ක්‍රියාවලීය නිසා එයට හැඩගැසීම උදෙසාත් ඇය එම දින කිහිපය නිවාස අඩස්සියේ තබා ගැනීම සාධාරන හේතුවක් විය හැකි නමුත් ඇය ගෙදර තුලත් කාමරයකට කොටු කර තැබීම කෙතරම් සාධාරනදැයි සිතීය යුතුය. තවද පුද්ගලික සනීපාරක්ෂාව ඉතාම ඉහල මට්ටමක තබා ගත යුතු මෙම දින කිහිපය තුල ස්නානයට පවා අවසර නොදී නැකත් දිනයක් උදාවන තුරු සිර මැදිරියක මෙන් රදවා තැබීමද පිළී ආහාර නොදීමද කොතෙක් දුරකට නිෂ්ඵල ක්‍රියාවක් ද හා කොතෙක් දුරකට සාධාරන ක්‍රියාවක් දැයි සිතීය යුතුය.
මෙවැනි තත්වයක් ඇතිවුන විට සිදුවිය යුත්තේ ඇගේ අම්මා හෝ වැඩිහිටි කාන්තාවක් විසින් එම එම තත්වය පිලිබදවත් එය ඇතිවීමට හේතුත් මින් ඉදිරියට ඈ හැසිරිය යුතු ආකාරයනුත් හා එම තත්වයට අදාල සියළු කරුණු කාරනා තේරුම් බේරුම්කර දී ඇය පිරිසිදු කර සාමාන්‍ය ලෙස හැසීරීමට උපදෙස් දීමය. එසේ නොමැතිව බරපතල අපරාධයක් කල තැනැත්තියක මෙන් සිරගත කිරීම හෝ ඇග බැදී හෝ ජෝගී නැටීමට කාරනයක් කර ගැනීම නොකල යුතුය.
මෙලොව වෙසෙන සෑම ස්ත්‍රියක් පාහේ මුහුණ දෙන මෙම අවස්ථාව විශේෂ කාරනයක් කර ගෙන එය සමරන්න තරම් දෙයක් නැති බව දැන දැනත් තවමත් අප ඒ හා බැදි මෙම නිෂ්ඵල චාරිත්‍ර වාරිත්‍ර සියල්ල සුරකින්නේ ඇයි දැයි මට නම් නොහැගෙයි. අප අපගේ පරම්පරාවන් වලින් ලැබුණු චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන අපගේ ඉදිරි පරම්පරාවන් හටත් ලබා දිය යුතුය. එය අපගේ යුතුකමකි. නමුත් අපට ලැබෙන සියල්ල විමසීමකින් හෝ වග විභාගයකින් තොරවම අප ඉදිරියට ගෙන යා යුතුද? අපගේ දූවරුන් ද මෙලෙස වධ බන්ධනයකට ලක් කල යුතු බව ඔබත් සිතනවාද?
2009/11/05
නොකල වරදකට දඩුවම් දීලා මා හට
මගෙන් දුකක් ඇති උනාද අනේ මන්දා
අනේ ඒම නම් දුප්පත් මා ගැන හිතලා
එකම වරක් ඇවිත් යන්න සමාව දීලා
නොදැක ඉන්න බැරි තරමට පෙමින් ලංවුන
රත්තරං දෑසේ කදුළුැල් බිම වැටුනද
නොදොඩා එකම වදනක් වත් මා හට
ගියේ ඔයා මුසා බසක් අහලද
කදා වළුලු රන් මිණිමුතු අගේ නැති මට
ලය සන්තක වස්තුව වුනේ මගේ රන්කද
නොකල වරදකට දඩුවම් දීලා මා හට
ඔයා රත්තරං එන්නේ නැතිද ආයෙම
Subscribe to:
Posts (Atom)











