සංයමයෙන් සුවද දෙමින් නිසංසලා
සංවර සිත නුබේ සුවදින් උමතු කලා
සංසුන් කිම මට නම් බෑ ඉන්න බල බලා
සන්ඩු මොටද සාවියේ දැන් රෑත් වෙලා
පිනි වැටිලා මල් පෙති මත සීතල නැද්ද
උනුසුම් ලය තුරුල් වෙන්න තව හිත නැද්ද
සියුමැලියේ කොපුලේ සුව තාමත් දුරද
සමන් මලී තාමත් නුඹ සිහින් නුවනින්ද
මේ සෑදෑව වෙන් වී ඇත අපෙ නමට
දුහුල් සේද මීදුම් පට ඇත සුවට
සමනොලියේ සිනිදු සේල තව මොකට
සංවර නොව සංකර වනු මේ රැයට
හේ හපොයි කියන දේවල් ....ලැජ්ජාවේ බැරියෝ .....
ReplyDeleteමේ අයියටත් හිතේන දේවල්.......
එල එල් උපරිමයි...
ලස්සනයි.... කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ...
ReplyDeleteඉවසපන් මල්ලි ඉවසපන්
ReplyDeleteඑළ එළ ................
ReplyDeleteනිසංසලා කිව්වම මත පොදි කාලෙ නොථේරුම්කමත කියපු කවියක් මතක් වුනා බන්.. :D
ReplyDeleteමැක්සා කවියෙක්නේ උබත් ඈ..එල එල
ෂිකේ. ලැජ්ජ නැති කමක මහත.
ReplyDeleteදැම්මනෙ ඉතින් ඕක බ්ලොග් එකකත් ;)
හී හී
ලස්සනයි කව් පෙල :)
බොහොම අගෙයි.ලස්සන කවි පෙළක්...
ReplyDeleteමචන් ගිතා මම චැට් එකෙදිත් කිව්වෙ.. උඹට මෙ සම්භන්දව පුදුම හැකියාවක් තියන්නෙ. ම දැක්කා මාස 5 කට විතර කලින් උබ මෙ මාතෘකාවම ලස්සනට ලියලා තිබුනා. මෙ වගෙ දෙයක් ලියන්න, පුළුවන් එකෙක්ගෙ ඔලුවක හොද යහපත් හැගීම් දුවන්නෙ. එල එල.. ඌබ එදා ලියපු එකත් නියමෙටම නියමයි මචන් හරිම සැනසිල්ලක් හිතට දැනෙන්නෙ මෙක කියවද්දි.
ReplyDeleteරවා
මෙයා ලියල තියෙන්නේ තව ලස්සනව කවි පෙළක්.කියන්න වචන නැ..ලස්සනයි...!!
ReplyDelete<3 සංවර නොව සංකර වනු මේ රැයට <3
සංවර නොව සංකර වනු මේ රැයට....
ReplyDeleteසහතික ඇත්ත... මේකටත් හිතෙන දේවල්...
අපූරුයි මචං...
අපූරුම කවි පෙලක්... ලස්සනයි..ගොඩාක්....
ReplyDeletenice post.........:))
ReplyDeleteකියන්න පුලුවන් උපරිම විදියට කියලා තියෙනවා...ලස්සනයි...
ReplyDeleteමට අල්ලලා ගියේ අන්තිම පදය තමා :P
ReplyDeleteලස්සනයි ගීත්.
ඇත්ත කතාව. හැබැයි ලැජ්ජයි. චිකේයියා...
ReplyDelete"සමනොලියේ සිනිදු සේල තව මොකට
සංවර නොව සංකර වනු මේ රැයට"
පට්ට ලස්සනයි.
ස්තුති හැමෝටම
ReplyDeleteආසයි නුඹේ උරපපුවේ සැගවෙන්න
ReplyDeleteඋණුසුම් හාදුවේ රසයට ගුලි වෙන්න
නුඹෙ ඔය බාහු තුරුලේ සිත සතපන්න
ඉවසනු ටිකක් මියදෙයි නැති නම් ඔන්න.
෴ ලස්සනයි...නමුත් තව දියුණු කර ගන්න පුළුවන්෴