විරහා වට එරෙහිව නැගී සිටීමේ ප්‍රථම පියවර වශයෙන් විරහා ගීත ලියන එක තාවකාලිකව අත්හිටු වා මිල්ටන් මල්වආරච්චි මහත්මයාගේ ගිත වලට ඩාන්ස් කිරීමට රවා හා මා පෙර පෝස්ට් එකෙන් කතිකා කර ගත් හෙයින් ඩාන්ස් කිරීමට අමතරව ඔන්න අද ඉදන් ගීත් ගේ පිටරට කථා. ටන්ටර..ටං...ටං...ටන්ටර...ටං...ටං...ටා........
අද මෙහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 යි. මේ උෂ්ණ ඝෘතුව ගමන් කරමින් තිබෙන්නේ. අවු කන්නාඩි යුගලක් නැතිව එලි පහලියකට යනවා කියන්නේ වැඩක් නැහැ ඒ ගැන කථා කරලා. ඇස් පිච්චෙන ගානයි. මෙහේ ජීවිත් වෙන මිනිස්සු කම් කරුවන් හා ගොඩනැගලි වලින් පිට වැඩ කරන මිනිස්සු හැර අන් හැමෝම ජීවත් වනුයේ පැය 24 ම වාෙග් වායූ සමීකරණය කල කාමර තුලය. වාහනයයෙන් ගොඩනැගිල්ලටත් ගොඩනැගිල්ලේන් වාහනයටත් ඇරුනහම දවසේ පැය 24 න් පැය 23 හමාරක් විතරම AC තුළය. ඒ නිස යි ශිතරකරණයක් තුල ජීවිතය කියා මාතෘකා කලේ. සාමාන්‍යෙයන් මෙහේ ඇති සෑම බිත්ති හතරකටම එක් AC යන්ත්‍රයක් බැගින් තියෙනවා කීවොත් ඒකේ ඇති වැරැද්දක් නැත. ඒ තරමටම මේ රටට හා මේ රටවල් වලට AC යන්ත්‍ර අත්‍යවශ්‍යයය. මෙම උෂ්ණ කාලය අවසන් වනුයේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව බව මට වඩා මෙම ජීවිතයේ පළපුරුද්ද ඇති ඉන්දියානු මිතුරා පවසන අතර ඉන් පසුව මාස 3ක් උපරිම 4 ක් සීත කාලය ය. මේ දවස් වල එලීයේ තියෙන යකඩ බටයක් එහෙම අල්ලනවා කියන්නේ පදමට රත් වෙච්ච රොටී තැටියකට අත තිබිබා ගානය. ටැප් වලින් වතුර එන්නේ කේතලයේ නටන ගානට වඩා ටිකක් අඩු රත් වුන වතුරය. නාන්න තියෙන්නේත් ඒ වතුරය.
රෑ 12 හා 1ටවත් සාමාන්‍ය වතුර ටිකක් නා ගත නොහැකිය. මගේ නේවාසිකාගරයේ සිටින මිතුරන් කරනුෙය් ලොකු බකට් වලට වතුර පුරවා කාමරයේ තබා ගැනීමය. AC නිසා එම වතුර සීත වන හෙයින් අවැසි වෙලාවට එම වතුර බකට් එකෙන් ඇග අතපය සොදා ගනී. නැතිනම් එම වතුර හා ටැප් වතුර මිශ්‍ර කර ජල අවැසිතා ඉටු කර ගනු ලබයි. තවද මෙගා බෝතල් වලට වතුර පුරවා ගැඹූරු ශීතකරණයේ ගල් වෙන්නට තබා ස්නානය කරන වෙලාවට විනාඩි 5කට 10කට පමන පෙර එම බෝතලය අර වතුර බාජනයේ ගිල්වා තබා එම වතුර ප්‍රයෝජනයට ගනු ලබයි. මමද බොහෝම උෂ්ණ ඇති විට පමනක් නේවාසිකාගාරයේදි මෙම ක්‍රමය ප්‍රයෝජනයට ගන්නා අතර නමුත් ඕන මරදානක් කියලා කෙලින්ම උනු උනුවේ සවර් එකෙන් නාලා AC එක ලගට වෙලා ඉන්නේ ඉහත ක්‍රමය පිලිෙයල කර ගැනීමට අැති කම්මැලි කමත් එම වතුර මට ප්‍රමානවත් නැති නිසාත්ය. එහි අතුරු ප්‍රථිපලයක් ෙලසින් මගේ ඉතුරු කෙස් ගස් ටිකත් ගැලවී යමින් තිබේන අතර ගිය කෙස් ගහට නාඩන්නේ තියෙන කෙස් ගහ රැක ගන්නේ කියලා ජෝන් සීනත් කියලා තියෙන නිසා ඉතුරු කෙස් ගස් ටික රැක ගැනීමට මා දැනට පාරම්පරික ඉන්දියානු කේෂලාවන්‍ය උපදෙස් ලබා ගනිමින් සිටිමි.
මා මෙහි ආවේ සීත කාලයේ බැවින් සීත කාලය පිළිබදව දැන් මට අත් දැකීමක් ඇත. මෙහි සීත කාලය නුවරඑලීයේ උපරිම සීත කාලය ට විතර සමාන වන අතර සමහර දවස් වලට ඊටත් වඩා වැඩි විය හැකිය. සාමාන්‍යෙයන් අඩි 4ක 5ක වපසරියක් නොපෙනෙන තරමට ඝන මීදුමද සමහරක් දිනයන් හී ඇතිවේ. සීත කාලය පිළිබදව සීත කාලයේදිම කථා කරමුකෝ ඉස්සරහට.





